Science X Lab

Science X Lab

Share

Innovating new products and services which are useful for all beings! Researching, innovating and educating are the main purpose of the business.

18/03/2021

විද්‍යාව විෂයෙහි ඇති බොහෝ විෂය කරුණු අවබෝධ කරගත යුත්තේ ප්‍රායෝගිකව ඒවා අත්හදා බැලීම තුලිනි. එමගින් දරුවන්ට විෂය කරුණු අවබෝධ කරගැනීමට ඉමහත් රුකුලක් වනවා මෙන්ම විෂයට ඇති ඔවුන්ගේ අකමැත්තද පහව යයි.
වර්තමානයේදී රටේ උද්ගතව ඇති සෞඛ්‍යමය ගැටලුකාරී තත්වය හේතුවෙන් විශාල කාලයක සිට දරුවන් අධ්‍යාපනය හදාරන්නේ අන්තර්ජාල තාක්‍ෂණය මගිනි. එසේ වීම හේතුවෙන් පාසලේදී දරුවන්ට ලබාදුන් ප්‍රායෝගික පරීක්‍ෂණ දැනුම සම්පූර්ණයෙන්ම පාහේ නැතිවී ගොස්ය. විෂය කරුණු අවබෝධ කර ගැනීමට නම් න්‍යායාත්මක දනුම මෙන්ම ප්‍රායෝගික දැනුමද සමබරව දරුවන්ට ලබාදිය යුතුය. න්‍යායාත්මක දැනුමට වඩා ප්‍රායෝගිකව අත්හදා බැලීමෙන් ලබන දැනුම දරුවාට ජීවිතකාලයටම විෂය කරුණු මතක තබාගැනීමට උදව්වේ.
සාක්‍ෂරතාව අතින් ලංකාව ඉහළ මට්ටමක සිටියද නව නිර්මාණ බිහිකිරීම අතින් අප සිටින්නේ පහළ මට්ට්මකය. එසේ වීමට ප්‍රධානතම හේතුවක් ලෙස න්‍යායාත්මක දැනුම පසුපස පමණක් හඹා ගොස් විකෘති මානසික මට්ටම් වල දරුවන් බිහිවීම දැක්විය හැකිය. ජපානය , චීනය වැනි ලෝකයේ ඉතා දියුණු රටවල් වලද අධ්‍යාපන ක්‍රමවේදයේදී වැඩි වශයෙන්ම දරුවන්ව යොමු කරනුයේ ප්‍රායෝගිකව අත්හදා බලා විෂය කරුණු අවබෝධ කරගැනීමටය. එසේ හෙයින් විද්‍යාව විෂයට අනුබද්ධ බාහිර ලෝකයේ ඇති දැනුමද ලබාදෙමින් දරුවන්ට තනිවම ප්‍රායෝගික පරීක්‍ෂණ සිදුකිරීමට හැකිවන ලෙස මෙම ප්‍රායෝගික පරීක්‍ෂණ කට්ටල 1 ( Science Kit 1 ) ප්‍රායෝගික උපකරණ කට්ටලය නිර්මාණය කර ඇත. එමගින් පාසල් දරුවන්ට විෂයට ඇති ඇල්ම වැඩි දියුණු කර නව නිර්මාණ බිහිකිරීමට හැකි දරුවෙකු නිර්මාණය කිරීම ScienceXLab
අපගේ අරමුණ වන්නේය.

Want your business to be the top-listed Engineering Company in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

2/B, Oruthota
Gampaha
11000