Future Skills Lab
Future Skills Lab is a modern learning space designed to prepare children for the challenges of tomorrow.
දරුවන් තුළ ආදරය උපදවන්න...
මිනිස්සුන්ට කරන්න බැරි බොහෝ දේ, සතුන්ට කරන්න පුලුවන් විදියේ ආභාෂයක් ලැබිල තියෙනවා... පුංචි දරුවට පුලුවන් මිදුලෙ රෝස පදුරෙ ලස්සන රෝස මල් දැකල සතුටු වෙන්න විතරයි... ඒක කඩන්න යන්න දරුව හරිම බයයි... ඇයි කටු ඇනෙන නිසා...
ඉතිං මේ දරුව නිරන්තරයෙන් රෝස මල් දැකල සතුටු වෙනවා... ඔය අතරෙ බඹරෙක් ඇවිත් රෝස මලක වහනවා... ඉතිං දරුවා හිතන්නේ රෝස කටු ඇනිල බඹරට තුවාල වෙයි කියලා... බලන්න ඒ අනුකම්පාව කොච්චරද කියල... ළමා සිත්වල ඇති වන මේ අනුකම්පාව සෑම කාලයකම තියෙනවනම් කොච්චර දෙයක්ද ?
ඔහොම ඉන්න අතරෙ මේ දරුවා ඉතා ආදරෙන් කියනවා... බඹරෝ බඹරෝ රෝස ගසේ කටු තියෙනවා... ඒව ඇනිල ඔයාට තුවාල වෙයි කියලා...
ඉතිං මේ පුංචි දරුවගේ මේ අනුකම්පාසහගත උපදේශය ඇහිල බඹරටත් ටිකක් දුක හිතෙනවා... එහෙම හිතන බඹරා ආදරයෙන් දරුවාට උත්තර දෙනවා... ඒ උත්තරය තමයි... නටුව නොවේ... මල සිඹිමි...
කොච්චර ආදර්ශයක් දෙන කවි පෙළක්ද ? මේවා අද ඉන්න සමහර දරුවො දන්නේ නෑ... අපි කියල දීල නෑ... සමහර අම්මලා දන්නෙත් නෑ... ඉතිං අපි මේවා දරුවන්ට කියා දෙන්න ඕන... ආදරය, අනුකම්පාව, අනෙකා ගැන හැඟීමක් දරුවන් තුළ ඇති කරන්නට මේ දේවල් ගොඩක් වැදගත්...
08/01/2026
දරුවන්ට ජීවත්වෙන්න කියාදෙමු 🌱
ජීවිතය හඳුනා ගන්න,
තමන්ව තේරුම් ගන්න,
ලෝකය සමඟ සම්බන්ධ වෙන්න,
හරි දේ හඳුනාගන්න, හොඳ දේ හිතන්න
අපි අපේ දරුවාට හුරු පුරුදු කරමු...
🌍 ලෝකය හා සමාජය
🧠 සිතීම, හැඟීම් හා මානසික සුවය
🗣 සන්නිවේදනය හා කථනය
🤝 වටිනාකම්, නායකත්වය හා සහජීවනය
🌱 පරිසරය හා වගකීම
🎯 ජීවන කුසලතා හා අනාගතය...
👉 දරුවන්ගේ
✔ විවේචනාත්මක චින්තනය,
✔ ආත්ම විශ්වාසය,
✔ තීරණ ගැනීමේ හැකියාව,
✔ ජීවිතයට මුහුණ දීමේ ශක්තිය,
ගොඩනගන්නට දරුවන්ට උත්තේජනයක් ලබාදෙමු....
✨ දරුවාගේ නමට ලියා ඇති උරුමය සුරකිමු...
දරුවන් තනි නොකිරීමට - ඔවුන්ට ශක්තිමත්ව නැගී සිටීමට අත දෙන්න - ඔබ සූදානම්ද රෑ එසේ නම් දැන්ම ලියාපදිංචිය ලබාගන්න...
ඉතිං අපිට කරන්න තියෙන්නේ කුමක්ද ?
අපි කළ යුත්තේ දරුවන්ට මේ ලෝකය ගැන කියා දෙන එක.
ඒ දේ කළොත් දරුවන්ට යහපත් ලෙස ජීවත් වෙන්න පුලුවන් හිතක් හදා ගන්න හැකියාව ලැබෙනවා.
අපේ දරුවො ගෙවල් ඇතුළටම කොටුවෙලා. තවත් පැත්තකින් අධ්‍යාපනයේ පීඩනය දවසින් දවස වැඩි වෙනවා. ඒ දේ මඟ හැර ගන්නත් බෑ. ඒකත් පිළිගන්න ඕන.
අධ්‍යාපනයත් නිසි ලෙස ලබමින්, පාසල් අධ්‍යාපන කටයුතුවලටත් දිරියක් සවියක් ලබාදෙමින් දරුවන්ට ලෝකය ගැන කියාදෙන්න, එක තැන කොටුවෙලා ඉන්න දරුවන්ට මිහිරක් ලබාදෙන්න, ගිනියම් වෙලා පීඩිතව ඇති පුංචි සිත්වලට සිසිලසක් මානසික සුවයක් ලබාදෙන්න හැකි නම් කොච්චර දෙයක්ද ? ඔබට එහෙම හිතෙන්නේ නැද්ද ?
ලෝකයේ ඇති බොහෝ දේ අවබෝධ කරගන්න පුලුවන් මනසක් සහිත දරුවෙක්, මේ දේ කළොත් මේ දේ වෙනවා කියන හැඟීම තමන් තුළම උපදින සිතක් සහිත දරුවෙක්, දෙමාපියන්ටත් සැනසීමක් ලබාදෙන දරුවෙන්, පොහොසත් අදහස් සහිත සොබාදහමට ආදරය කරන දරුවෙක් බවට ඔබේ දරුවා පත්වෙනවා දකින්නට ඔබත් කැමැති ඇති.
එහෙනම් අපි ඒ දේ කරමු. අපි සෑම සතියකටම එක දවසක් පැයක කාලයකට හමුවෙමු. ඒ හමුවීම තුළ ඔබේ දරුවා කොතරම් දුරට වෙනස් වෙනවාද කියන එක ඔබම තේරුම් ගන්න.
මේ ආරාධනය ලෝකය දකින, ලෝකය අවබෝධ කරගන්නා සහ ලෝකයට ආදරය කරන දරුවෙක් බිහිකිරීම වෙනුවෙන්මයි.
රැදෙන්න අප සමඟම... ඉදිරියේදී වටිනා බොහෝ දේ ලබාදෙන්න අප සූදානම්...
අපි ජීවත් වෙන්නේ වේගයෙන් වෙනස් වෙන ලෝකයක.
ඒ ලෝකයත් එක්ක අපේ දරුවන්ට
ළමා කාලය අත්විඳින්න ලැබෙන අවකාශය
දිනෙන් දින අඩු වෙමින් යනවා.
දරුවෙක්ට දරුවෙක් වෙලා ජීවත් වෙන්න
ඉඩ දෙන්න අපි තවමත් ප්‍රමාද වෙන්නේ ඇයි ?
නැත්නම් ඒ අවස්ථාව
අපිම ඔවුට අහිමි කරලාද?
අද… සිට
දරුවන්ට ළමා ලෝකය අත්විදීමට
අවස්ථාව උදාකරමු.
We live in a world that is changing faster than ever.
And in this fast-moving world,
children are slowly losing the space
to truly experience childhood.
Are we giving them the freedom to grow as children?
Or are we taking that opportunity away without realizing it?
Today, let us choose differently.
Let children experience their world — and create the opportunity.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Homagama
10200