Hello
හෙලෝ - Hello කියවන අයට !
24/06/2025
== ආදරය තරම් සුවයක් මිහිමත නැත - කියා ගයයි දුර ඉඳන් ලිහිණියක ===
+ හෙලෝ
- හෙලෝ අද මොකද උදේම මාව මතක් වෙලා
+ හෙලෝ හෙලෝ
- ඇහෙනව ඇහෙනව කියන්න අනේ !
+ ආ හෙලෝ ඇහෙනවද ?
- ඔවු වදේ ඇහෙනව මොකද මේ උදේ පාන්දර මුමුණන්නෙ රහසෙන්
+ මේ මම තිස්ස කතා කරන්නෙ ..
- තිස්ස ? මොන තිස්සද? පිස්සදු මිනිහො
+ නැ අනේ මම මේ දේවානං පිය තිස්ස කතා කරන්නෙ
- ආ කියන්ඩ රජ තුමනි ! පස්වාන් දහසකට බුදු වෙන්න !
+ මේ මුවෙක් එහෙම ඔය පැත්තෙන් දිවුවද ?
- මුවෙක් ! නැ නැ මුවෙක් නං නැ අහිංසක හා පැංචියෙක් නං ඉන්නව.. ඕනද ඕනද ?
+ විහිලු කරන්නෙපා රජුන් එක්ක හොදද? අනේ කියන්න කො මම මේ උදේ ඉදන් හොයනව මුවාව
- අනේ මේ ඉන්නව හරිද නිකං මගේ නිද්ද කඩන්නෙ නැතිව උදේම හිනස්සල කෝ කැම් එක ඔන් කරනව පොඩ්ඩක් තිස්සගෙ මුණ බලන්න..
+ හා පොඩ්ඩක් ඉන්ඩ .. ආ හරිද ඔන් වුනාද
- අපෝ මේකා ත් තාම ඇදේ නිදි... ! තිස්ස තිස්ස කිවුවාම මම හිතුව අර යු ටියුබ් තිස්ස කියල.. හයියෝ මේ ඔයා තිස්සද මුවාද මට නං පේනනෙ මුවා වගේ ... ඔයා
+ නැ අනේ මගේ තිත් නැනේ ඇගේ මම තිස්ස, මුවා නෙවේ..
- හර හරී මේ මුවෝ හොයන්න මේ නොම්බරේට කතා කලෙ ඇයි අනේ මේක මේ අහංසක හාවියකගෙ නොම්බරේනේ ..
+ හා හා හරි හා වි ද ඔයා . මේ මම තියනව අනේ මට වැඩ තියෙනව දැන් ?
- මොනවද වැඩ මේක කට් කරල වෙන කෙල්ලෙක්ට කතා කරල මුවාව හොයන්නද ? හුහ් තිස්ස මේ වැඩ වරද්ද ගන්න හදන්නෙ..... !
+ කෝ කැම් එක ඕන් කරනව බලන්න ඔය අහිංසක හා වි වත් ටිකක්
- මෙන්න බන්න මම කොච්චර අහිංසක හාවෙක්ද කියල ... මෙහ් ඒක නෙවේ ඔයා ලස්සන වෙලා අනේ මේ නොදැක්ක ටිකට
+ අනේ යන්න විහිලු නොකර
- නැ නැ අනේ බලන්න සුදු වෙලා මහත් වෙලා ලස්නන වෙලා
+ අම්මෝ ....... මෙයා.. මමත් එහෙම්ම මෙයාට කියයි කියල වෙන්න ඇති නේ ...
- අයියෝ නෑ අනේ......
+ හර හරි සුදු නංගි ඔයත් ලස්සන වෙලා මුන මහත් වෙලා සුදු වෙලා
- තැම්ස් අයියා... තැම්ස් .. ගර්............. දෙන්නෙ තට්ටෙ පැලෙන්ඩ
+ හරි හරි එහෙනං මම තියන්නං දැන් ඇතිනෙ බලා ගත්තා ..
- හා හා තියන්ඩකො එහෙමනං ඔයාට මුවෙක් මතක් වුනත් මේ අහිංසකීව නං මතක් වෙන්නෙ නැ නේද ?
+ හ්හ හහ හහ් හහ් හහ් මම ආස මුවොන්ට ටටා බායි ආදරෙන් ඉන්න ..
- බායි ආදරෙන් ඉමී ....!
-------------------------- ට්රීං ට්රීං ට්රීං
- හෙලෝ මොකද ආයෙ ගත්තෙ ? උම්ම එක දෙන්න අමතක වුනා නේද පැටියෝ...
+ හෙලෝ.. ! හෙලෝ..
- ඒ පාර මොකද ආයෙ රහසෙං කතාව..
+ හලෝ හලෝ නෝනා..
- හ්ම් කියනව කියනව මල වදේ ?
+ මේ මේ නොම්බරේට දැන් ටිකක ට කලින් කවුරු හරි කතා කරල මුවෙක්ව ඇහුවද ?
- හ්ම් ඇහුව ඇහුව තිස්ස කියල කෙනෙක් කතා කරා මල්ලි මුවාව ඇහුවා ... මම නැ කිවුව හාවෙක් ඉන්නෙ කියල ත් කිවුවා
+ හම්මෝ ඇති යං තං එහෙම්ම කියනංන ඇ .. ආයෙ එහෙම තිස්ස කතා කලොත් මං කතා කලා කියන්න එපා ඇ..
- ඇයි ඔයා කවුද දැං මේ..
+ මං මේ , මුවා !
- මගේ දෙයියනේ.... මටත් සිද්ද වුනානෙ මේ අලි හුරතල් බලන්න ඉතින් ,
මට කිවුව මට කිවුවා , අපේ අම්මා සෙට් කරගන්නකොටම, මොන්ටිසොරි නොගිහින් කැම්පස් ගිය එවුන් හරියන්නෙ නැ කියල. ආඩවනේ මේකා දැන්නෙ මේ මොන්ටි සෝරි වැඩ කරන්නෙ ..!
+ හහ් හහ් හ්හ් හහ් ඔයා රැවටුනා නේ .. ෂොරි බේබි .. එහෙනං මම තියෙනවා.... ! ටටා බායි ..
- හා බායි බායි තියනවකො මට නිදියන්න දීල දැන් !
---------------------- ට්රීං ට්රීං ට්රී.................
- මොකද දැන් ඒපාර මොකද ? තිස්සද මුවාද
+ හෙලෝ
- හෙලෝ මෙහේ මුවත් නැ තිස්ස කතා කලෙත් නැ රොන්ග් නම්බර්යක් මේක ? මල විකාර .. මේකගෙ උදේ පාන්දර ..!
+ සමාවෙන්න දරුවො කරදරයක් වුනා නං මේ සුන්දර හිමිදිරි පාන්දර..
- නැ නැ කිසීම කරදරයක් නැ උදේ ඉදන් එක එකා විදිහට කතා කරල මගේ නිද්ද කඩල යකා අවුස්සල මෙතන දැන් එනව සාන්ත දාන්තව කතා කරන්න ..
+ මා මේ ඔබ ඇමතුවේ ඔබේ ඔය යකා අල්ලා නිවා දමන හැටි කියාදීමටයි නැගණියනි මම මේ හාමුදරුවො ..
- මුගේ................................. අම්මේ....................... මේ සුදු අයිය මට කොල් කරල කරදර කනවා...... ඉන්නව මම හොද වැඩක් කරන්න.. !
+ හහ් හහ් හහ් මම තියනවා ටටා බායි.. බුදු සරණයි ..!
ආදරෙන් ඉන්න ....!!
#කුරුළු
========================
ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ
ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස
මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
මිහිර විඳින්නම් ලඳුනි දයාබර
කාලයක අයාලේ පාවී ගිය සිත
ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක
ආදරය තරම් සුවයක් මිහිමත නැත
කියා ගයයි දුර ඉඳන් ලිහිණියක
සාගරය තුරුල්ලේ යාවි ගං දිය
විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර
ස්නේහයක උපන් කවියක් කැට තලයක
ලියා තබමි නුඹ නමින් සදාතන
ගායනය - දයාන් විතාරණ
පද රචනය - වසන්ත කුමාර කොබවක
සංගීතය - නවරත්න ගමගේ
-----------------------------
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Kaduwela