Yazith
Chasing dreams, sharing stories, and creating a path of my own...
16/11/2025
A love poem written in marble 🤍
26/10/2025
They come for the arch.
But stay for the night!
06/09/2025
මට ආසයි මගේ පොඩි කාලේ යාලුවෝ ආයේ හම්බෙලා ඒ කාලේ ගැන කතා කර කර ඉන්න. මොන්ටිසෝරියේදි හම්බුන, ගෙවල් ලග සෙල්ලම් කරපු, පොඩි කාලේ ගියපු ස්කෝලෙදි හම්බුන, ඉංග්‍රීසි පන්තියේදී, ශිෂ්‍යත්ව පන්තියේදී හම්බුන, අප්පච්චිගේ අම්මගේ යාලුවොන්ගෙ ළමයි කියලා අදුරගත්ත, ඒ වගේම ටික ටික ලොකු වෙද්දි එක එක හේතු වලට හම්බවුන යාලුවෝ ආයේම දවසක දකින්න මං ආසයි.
අපි එක එක හේතු නිසා දැන් හම්බෙන්නෙ නැතුව ඇති, අලුත් ස්කෝලෙකට ගියපු නිසා, පන්ති ආපු එක නැවතුන නිසා, ඒ බස් එකේ අයෙ ගියපු නැති නිසා, ගෙවල් මාරු කරපු නිසා වගේ එක එක හේතු තියෙනවා ඇති. හැබැයි මට විශ්වාසයි අපි දන්නෙවත් නැති අන්තිම දවසෙ හම්බෙලා ගියේ තරහ වෙලා නෙවෙයි කියලා.
ඉතින් මචන් ආස නැද්ද ආයේ දවසක හම්බෙන්න? හම්බෙලා ටිකක් කතා කරන්න. අපේ පොඩි කාලේ ගැන? ඒ කාලේ අපි පන්ති ගියපුවා, සෙල්ලම් කරපුවා, රස්තියාදු ගහපුවා, අරව මෙව්වා හැමදේම ගැනම? අපිට උදේවෙනකල් කතා කරන්න දාහක් දේවල් තියෙයි නේද? දවසක අපිව ආයෙමත් මුනගැස්සුවොත් ඒ වෙලාව මගඇරගන්නේ නැතුව හම්බෙමු, "ඉතින් කොහොමද මචන්" කියලා අහන්න, ඒ කාලේ ගැන මතක් කර කර කතා කරන්න.. ❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
10000