Liquid & Logic

Liquid  & Logic

Share

"The Future of Living & Connecting" snake head

02/05/2026

🚀 තාක්ෂණික විප්ලවය සහ ව්‍යාපාරික අනාගතය
හෙට දවසේ ජයග්‍රාහකයා ඔබද?

අද ව්‍යාපාර ලෝකය අසමසම වේගයකින් වෙනස් වෙමින් පවතිනවා. මේ වෙනස හුදෙක් trend එකක් නෙවෙයි — ඒක ව්‍යාපාර ජීවිතයම නැවත ලියන විප්ලවයක්.

තාක්ෂණය දැන් luxury එකක් නෙවෙයි.
• ඒක survival tool එකක්
• ඒක growth engine එකක්
• ඒක competitive advantage එකක්

Global market එකත් එක්ක compete කරන්න නම්, local thinking එකෙන් පමණක් බෑ.
💡 Smart Business mindset + Technology integration = Real success

🧠 AI (කෘත්‍රිම බුද්ධිය) – Data වලින් බුද්ධිය හදන යුගය

• Customer behavior analyze කරලා future demand predict කරන්න පුළුවන්
• Manual decision වෙනුවට data-driven intelligence
• 24/7 chatbots හරහා instant customer engagement
• Marketing campaigns personalize කර conversion rate වැඩි කරන්න පුළුවන්

👉 Result: වැඩි sales + අඩු cost + smarter decisions

🌐 Digital Transformation – Online යනවාට වඩා ඉදිරියට

Digital වෙන්න කියන්නේ page එකක් තියෙන එක නෙවෙයි.
👉 ඒක Business Process Re-engineering එකක්

• Cloud-based systems → anytime, anywhere access
• E-commerce → ඔබේ වෙළඳසැල ලෝකයට විවෘත වේ
• Real-time data dashboards → instant insights
• CRM systems → customer relationships strengthen කරනවා

👉 Result: scalable business model + global reach

🛡️ Cyber Security – Trust එක build කරන hidden power එක

ඔබේ business එකේ වැදගත්ම asset එක: DATA

• Cyber attacks (hacking, phishing, ransomware) ඉහළ යමින් පවතිනවා
• Encryption + Firewalls + Secure access controls අත්‍යවශ්‍යයි
• Customer data protect කරනවා කියන්නේ reputation protect කරනවා කියන එකයි

👉 Trust නැති business එකක් දිගටම පවතින්න බෑ.

⚡ Automation – Smart work > Hard work

Repeating tasks manual කරන්නේ growth එක slow කරනවා.

• Invoice systems, inventory updates, email responses automate කරන්න
• Human effort save කරලා strategic planning වලට focus වෙන්න
• Error rate reduce කර consistency වැඩි කරන්න

👉 Time save කරන එක = Money earn කරන එක

🔥 අවසානයේ... (Reality Check)

Technology adopt කරනවා කියන්නේ option එකක් නෙවෙයි —
👉 එක අද ව්‍යාපාරික අවශ්‍යතාවයක්

ඔබට තීරණ 2ක් තියෙනවා:
1️⃣ වෙනසට බියව slow වෙන්න
2️⃣ වෙනස embrace කරලා fast grow වෙන්න

🚀 Future එක wait කරන්නේ නෑ.
ඔබ prepare වෙලා නැත්නම්, වෙන කෙනෙක් win වෙනවා.

👉 හෙට ජයග්‍රහකයා වෙන්නේ… අද smart decisions ගන්න ඔබයි.

Photos from Monster Fish Keepers-මොන්ස්ටර් හදන අපි's post 06/02/2022

❤️ Swimming Bladder Infection ❤️❤️

❤️❤️පිහිනුම් මුත්‍රාශය
මොකක්ද මේ swimming bladder කියන්නේ? ඇත්තවශයෙන්ම swimming bladder කියන්නේ පිහිනුම් මුත්‍රාශය හෙවත් වායු මුත්‍රාශයට සිදු වන හානියකි.swimming bladder තත්ත්වය දැන ගැනීමට පෙර මෙම පිහිනුම් මුත්‍රාශය හෙවත් වායු මුත්‍රාශය ගැන පලමුව සැලකිලිමත් වෙමු.

මෙය බොහෝ විට වායුවලින් පිරි ඇති ඉන්දියකි එහෙත් ඇතැම් අවස්තාවලදී මෙය තෙල් වලින් පිරි ඇති ඉන්දියක්ද විය හැකිය.

📍බොහෝ විට මෙම ඉන්දිය මත්ස්යයා ගේ සමබරතාවය රැක ගැනීමට උපකාරී වේ
📍දාරාවේ රැදී සීටීම හෙවත් යම් ස්තරයක නොසෙල්වී සිටීමට මෙය බෙහෙවින් උපකාරී වේ.එනම් ස්කන්ධ කේන්ද්‍රයට පහලින් පිහිටන පරිමා කේන්ද්‍රය ස්තායීකාරකයක් සේ ක්‍රියා කිරීම මෙලෙස හදුන්වනු ලබයි.
📍ශබ්දය නිපදවීමට හෝ ලැබීමට හෙවත් අනුනාද කුටීරයක් සේ ක්‍රියා කරනු ලබයි.එනම් වායු පටක අතුරැ මුහුනත මගින් ශබ්දයේ ප්‍රබල පරාවර්තනයක් ඇති කරන් එය ද්‍රවනිය නිපදවීම නම් වේ.(මෙය සෝනර් උපකරන වල බාවිතා වන අතර මසුන් සෙවීමට බාවිතා කරන ප්‍රබල උප්‍රක්‍රමයයි.)
📍විශාල ගැබුරකට නැගීමට හා බැසීමට ඇති හැකියාව.එනම් ගෑස් ග්‍රන්ථය හෝ ඔවලාකාර කව්ලුව මගින් වායුව පිහිනුම් මුත්‍රාශය ට ඇතුලු වේ.පසුව එම වායුව අවශ්‍ය පරිදි පිට කිරීමෙන් මත්ස්යයාට ඉහල පහල යාම පහසුවෙන් සිදු කර ගත හැකිය.

චාල්ස් ඩාවින් පවසන පරිදි පෙනහලු යනු පිහිනුම් මුත්‍රාශයෙන් පරිනාමිය වුවකි.එනම් පෙනහලු යනු ක්‍රමයෙන් පිහිනුම් මුත්‍රාශය වැඩි දියුනු වුවකින් සැදුනු අවයවයකි.ඔහු විසින් තවදුරටත් මෙසේ සටහන් කොට ඇත.වාතය හරහා ආශ්වාශය කරන පෘශ්ටවන්ශීන් ගේ පෙනහලු,වායු මුත්‍රාශය සමග සමාන වන බවත් පෙනහලු වලට වඩා ප්‍රාතමික වන බවත් ඔහු විසින් සටහන් කොට ඇත.

සමහර මසුන්ට පිහිනුම් මුත්‍රාශයක් ඇත සමහරැන්ට දෙකක් ඇත අවාසනාවකට 1%ක් පමන මුත්‍රාශ උපතින්ම පිහිටන්නේ නැත.එමෙන්ම පරම්පරවෙන්ම පිහිනුම් මුත්‍රාශ අහිමි මසුන්ද ලෝකයේ වාසය කරති.පරම්පාරාවෙන්ම පිහිනුම් මුත්‍රාශ අහිමි මත්ස්ය විශේශයක් ලෙස කෘතීම මත්ස්ය විශෙශ සැලකිය හැකිය.පිහිනුම් මුත්‍රාශයක් නොපිහිටන මසුන් වරල් වලින් සමබරතාවය ආරක්ෂා කර ගනිති.

සුවිශේෂ කරැන නම් මෙම අවයවය හැකිලීමට හෝ පුලුල් කරවීමට හැකිය.එනම් නම්‍යශීලී වේ.එය එසේ සිදු වී ඇත්තේ මෙය රැදිර නාල වලින් හා Guanine Crystals වලින් සෑදි ඇති නිසාවෙනි.

📍සමහර ආසියානු සන්ස්කෘතීන් වල මෙම පිහිනුම් මුත්‍රාශය ප්‍රනීත ආහාරයක් ලෙස ගනු ලබයි.
📍චීනයේ මේවා සුප් හෝ ඉස්ටූ ලෙස ආහාරයට ගනු ලබයි.
📍ආහාර කර්මාන්තයේදී කොලජන් ලෙසද බාවිතා කෙරේ.
📍බියර් වල මැලියම් ස්බාවය පැහැදිලි කිරීමට බාවිතා වේ.
📍අයිස් සෑදීමේ සන්ගටකයකි.
📍අතිතයේදි කොන්ඩම් වලට ආදේශකයක් සේ බාවිතා කෙරැනි.

❤️Swimming bladder යනු පිහිනුම් මුත්‍රාශය ක්‍රියාත්මක නෙවන තත්ත්වයකි.මෙම රෝගී තත්ත්වයට අනුවර්තීය නාමයන් කිහිපයකි එනම්
📍Tenpuku Diseases
📍Capsized Diseases
📍Buoyancy Disorder
📍Gyakuten Diseases
එමෙන්ම මේ වන විට මෙම රෝගී තත්ත්වය මසුන් විශේශ 450කටත් පවුල් 49 කටත් මේ වන විට රෝගී තත්වය සෑදෙන බව සැල වී ඇත.

💐සිදු වන හානිය

කොයිලෝමීන් කුහරයේ කොදු ඇට පෙලට යටින් මෙම පිහිනුම් මුත්‍රාශය පිහිටනු ලබයි.එය බඩවැල් අතර සම්බන්ධතාවයක් පවත්වා ගනු ලබන අතර මෙය බඩවැල් වලින් පරිනාමිය වුවකි.මෙය hydrostatic,ballast අවයවයක් ලෙස ක්‍රියා කරති.

පිටතට පැමින ඔක්සිජන් පුරවා ගන්නා මසුන්ගේ හිසේ සිට ගුදය දක්වා වායුමය නලයක් පවතී.උරා ගත් ඔක්සිජන් වායුමය නලය ඔස්සේ ගෑස් ග්‍රන්ථය හෝ ඕවලාකාර කව්ලුව ඔස්සේ පිහිනුම් මුත්‍රාශය වෙත ගෙන එනු ලබයි.වැඩි ඔක්සිජන් ප්‍රමානය ගුද මාර්ගය ඔස්සේ ඉවතට යනු ලබයි.(මේ ක්‍රියාවලිය නිසා වෙන් මත්ස්යයාට විශාල ගැබුරකට යා හැකිය.)

කෙසේ වෙතත් මේම ක්‍රියාවලිය අඩපන වීම swimming bladderතත්ත්වය ලෙසින් හදුන්වනු ලබයි.එනම් වායු නලය හෝ පිහිනුම් මුත්‍රාශය අක්‍රිය වීමයි.එලෙස අක්‍රිය වීමට හේතු පවතී.ඒවා නම් වායු නලය අවහිර වීම හෝ පිහිනුම් මුත්‍රාශය පුපුරා යාම නිසා මෙම ක්‍රියාවලිය අවහිර වේ.මෙය swimming bladder තත්ත්වයයි.

💐වෙනත්

මසුන් ආශ්වාශ ප්‍රශ්වාස ක්‍රියාවලිය සිදු කරන ප්‍රදාන ක්‍රම දෙකකි.
📍ජලය මතුපිටට පැමින ඔක්සිජන් උරා ගෙන පිහිනුම් මුත්‍රාශය පුරවා ගැනීම.(ෆයිසොස්ටෝම්)
📍රැදිරයෙන් උරා ගන්නා ඔක්සිජන් පිහිනුම් මුත්‍රාශය මගින් උරා පුරවා ගැනීම.(ෆයිසොක්ලිස්ට්)

ඇතැම් මසුන් පිටතට විත් ඔක්සිජන් උරා ගන්නේ කුඩා කාලයේදී පමනි.එනම් පසුකාලීනව වායුමය නාලය අක්‍රිය වෙති පසුව ඒ ක්‍රියාවලිය වායු ග්‍රන්ථයට මාරැ වෙති.මෙම ක්‍රියාවලිය සිදු වන අවස්තාවේදි මසුන් ඉතාමත් දුර්වල වේ.හේතුව නම් ඔවුන්ට ඔක්සිජන් ලබා ගැනීමට ක්‍රමයක් නොමැති වීමයි.එහෙත් මේ ගැටලුව නිරාකරනය සදහා අපුර්ව ක්‍රියාවලියක් පවතී.එය නම් මේ අවස්තාවේදි ගෑස් ග්‍රන්ථය ලැක්ටික් අම්ලය නිපදවනු ලබයි එයින් කාබන්ඩයොක්සයිඩ් නිපදවේ එම කාබන්ඩයොක්සයිඩ් පිහිනුම් මුත්‍රාශය තුලට පූරනය වෙති.ඒහි ප්‍රතිපලය වශයෙන් ඇති වන ආම්ලිකතාවය නිසාවෙන් රැදිරයේ හිමොග්ලොබින්හි ඔක්සිජන් ප්‍රරතිශතය අඩු වේ.පසුව මත්ස්යයා වායු නාලය වෙනුවට වායු ග්‍රන්ථයෙන් ඔක්සිජන් ලබා ගැනීමට හුරැ වෙති.එමෙන්ම මෙහිදී පිහිනුම් මුත්‍රාශයට අතුලු වන ඔක්සිජන් හා කාබන්ඩයොක්සයිඩ් යම් ප්‍රමානයක් පිහිනුම් මුත්‍රාශයට පිරෙන අතර ඉතිරි ප්‍රමානය ගුදය ඔස්සේ ඉවත යති.මේ ක්‍රියාවලියේ දී මුත්‍රාශයේ සිට සෘජුව හෘදය වෙත ඔක්සිජන් ලබා දෙති.

රැදිරයෙන් ඔක්සිජන් උරා ගන්නා මසුන්ට කෘතිම ඔක්සිජන් අවශ්‍ය නොමැති බවත් මතක තබා ගන්න.එයට හේතුව වන්නේ රදිරයෙන් උරාගත් ඔක්සිජන් පිහිනුම් මුත්‍රාශයේ පුරවා ගෙන එම ඔක්සිජන් පෙනහලු වෙතට යයි එවිට පෙනහලු තුලද ඔක්සිජන් තාවකාලිකව ගබඩා වෙයි පසුව එම ඔක්සිජන් අවශ්‍ය පරිදි රැදිරය හරහා හෘදය වෙත ගමන් කරයි.

ගලා යන ජලයේ හෝ පීඩනයක් සහිත ජලයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහල බැවින් මසුන්ට ජලයෙන් ඔක්සිජන් උරා ගෙන පිහිනුම් මුත්‍රාශය පුරවා ගත හැකිය.

💐රෝග ලක්ශන
📍සමබරතාවය අහිමි වීම
📍ජල පෘශ්ට වල ඒකාකාරීව සිටීමට නොහැකි වීම
📍ගිලීමක් සිදු වීමේදි එය පාලනය කර ගත නොහැකි වීම
📍මුදුනේ පා වීම
📍උඩබැලැතිව සිටීම
📍උඩියටිකුරැ වීම
📍උදරය පිම්බීම
📍ආහාර ගැනීම
📍සමේ රෝග/චර්ම රෝග
📍වරල් චලනය නොවීම
📍උදාසීන තත්ත්වය
📍රක්තපාත තත්වය
📍වරල් රතු පැහැති වීම
📍ආතතිය
📍චලනය අඩු වීම
📍අපහසුවෙන් හුස්ම ගැනීම
📍පැත්ත පෙරලීම
📍අඩ නින්ද
📍කොරපොතු ඉලිප්පීම / dropsy වැනි
📍සමේ වර්න අඩු වීම

💐වැලදීමට හේතු
📍වේගයෙන් ආහාර ගැනීම
📍අදික ලෙස හෙවත් අනවශ්‍ය ලෙස ආහාර ගැනීම
📍මල බද්දය
📍ගුප්ත මානය
📍වියලි ආහාර දිරවීමට නොහැකි වීම
📍බැක්ටීරියා ආසාදන
📍බඩවැල් පරපෝෂිතයා
📍කොදු ඇට පෙලේ විකෘති වීම්
📍ඉහල නයිට්‍රේට ප්‍රතිශතය
📍වකුගඩුවල ගෙඩි
📍බෝවන මුග්ද
📍මුත්‍රාශ ආතතිය
📍අසාමාන්‍යතා
📍වායු නලයේ යාන්ත්‍රික බාදා
📍නොසලකා හැරීම්
📍ආතතිය
📍ජනගහනය
📍ස්නායු හානි
📍අක්මාව,බඩවැල්,ආමාශය විශාල වීම
📍අක්මාවේ මේදය තැන්පත් විම
📍dropsy diseases
📍උදර අවයව වල රෝග
📍බිත්තර හිර වීම්
📍පහර දීම්
📍වැටීම්
📍තැලීම්
📍උපත් ආබාධ
📍අඩු උශ්නත්වය

අඩු ජල උශ්නත්වය ආහාර දිරවීම මන්දගාමී කරන බැවින් ආහාර ජීර්න නොවීම නිසා අසාමාන්‍ය ලෙස බඩවැල් විශාල වීම සිදු වේ.මේ හේතුව නිසා වෙන් පිහිනුම් මුත්‍රාශය තෙරපීමකට ලක්වී පුපුරා යයි.

💐ප්‍රතිකර්ම
📍ජලය පිරිසිදුව පවත්වා ගැනීම
📍ජල උශ්නත්වය ඉහල මට්ටමක පවත්වා ගැනීම
📍වියලි ආහාර පොගවා ලබා දීම
📍අනවශය ලෙස ආහාර ලබා දීමෙන් වැලකීම
📍පනු බෙහෙත් නිසියාකාරව ලබා දීම.
📍ආතතිය අඩු කිරීම
📍ජනගහනය අඩු කිරීම
📍නිවැරදිව හැසිරවීම
📍පිරිපුන් ආහාර වේලක් ලබා දීම

💐ප්‍රතිකාර
📍දින 3ක් පෝශනය නොකිරීම
📍උශ්නත්වය වැඩි කිරීම
📍මාලු,කව්පි මගින් පෝශනය සිදුකිරීම
📍antibiotic බාවිතය උදා: metrondiozole 200mg for 50L
📍Epsom salt 1L=3g(කොරපොතු රහිත මසුන්ට)
📍ෆිල්ටර අක්‍රිය කිරීම
📍රෝද පුටු බාවිතය
📍ප්‍රතිජීවක එන්නත් තිබුනද මෙරට තුල නොමැත
(මෙම රෝගී තත්ත්වයට මෙතෙක් කිසිවෙකු නිශ්චිතවම ප්‍රතිකාරයක් සොයාගෙන නෙමැත.

💐ප්‍රතිකාර කිරිමේදී
📍මත්ස්යයා ගේ උසට අගලක් උස්ට වතුර අඩු කල යුතුය.
📍සමබරතාවය ආරක්ෂා කර ගැනීමට ජල බෝතල් දෙකක් දෙපසින් තැබිය යුතුය.
📍ජලය නිරන්තරයෙන් පිරිසිදු කල යුතුය.
📍හොදින් ඔක්සිජන් සැපයිය යුතුය.

❤️❤️
වෙනත් පිටුවකින් උපුටා ගැනීමකි

28/01/2022
01/01/2022

සුබ නව වසරක් වේවා සියලු දෙනාටම❤️

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address

Kulugammana
Kandy
442