SELF Grooming WITH DUSHY

SELF  Grooming WITH DUSHY

Share

ලස්සන වෙන්න ලස්සනට ඉන්න අවශ්‍ය හැමදේම අපෙන් ඉගන ගන්න

04/05/2025

" 👚🧥✂️🌏
ගණන් ගන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න "
ඒ මට ජීවිතේ ලැබුණු හොඳම අවවාදයයි..❤

අපේ ජීවිතේ අපි ගොඩක් වෙලාවට කරන්නේ, වෙලාවක් වෙන් කරන්න අවශ්‍ය නැති,
සිතුවිල්ලකින්වත් හිතන්න සුදුසු නැති,
අනවශ්‍ය දේවල් ඕනවට වඩා
හිතට අරගෙන
ඒවා ගැන වද වෙන එක..

ඒත් අපි අනවශ්‍ය දේවල්
ගණන් ගන්නේ නැතුව ඉන්න තරමට
අපිට සතුටින් ඉන්න පුළුවන් කියලා
ඔයා දන්නවද ළමයෝ....

ඒක නිසා හිත රිදෙන දේවල්
වැඩිය ගණන් ගන්න එපා..
සතේකට වත් මායිම් කරන්නත් එපා..
ඒවට ඔයාගේ හිතේ ලොකු තැනක් දීල ඒ වෙනුවෙන් ඔයාගෙ වටිනා කාලයහි
කැප කරන්න හිතන්නවත් එපා..

ඔයා ඔයාගෙ ගමන යන්න.
නිතර ඔයාගෙ අරමුණ සිහිපත් කරන්න..
ඒ වෙනුවෙන් කැපවෙන්න..
ඒ වෙනුවෙන් වැඩ කරන්න..

වෙනදටත් වඩා ශක්තිමත්ව
ඔයා ඔයාගෙ ගමන යන්න..
සතුටින් හිනාවෙලා ඉන්න..
දවසක ඔයා දිනනවා සත්තයි..❤

Copied

15/01/2025

ගැහැනිය.❤

නිදන ඇඳුමින් එපා කිසිවිට
දවස කාලය ගෙවන්න
දැවුනු දැලි කුණු පෙරන් හරි නෑ
එපා වී වගෙ සිටින්න
කැඩුනු නියපොතු පිරුණු කුණු වල
හැඩය වියැකෙයි සිතන්න
විඳව විඳවා එපා කිසි දින
ගැහැනියක ලෙස විඳින්න.

පාට නොකලට කමක් නෑ
කෙස් වැටිය පීරා බඳින්න
කිලුටු ඇඳගෙන අපිරිසිදුම ලෙස
ඉන්න හොඳ නෑ සිතන්න
හිසේ සිට දෙපතුලම දක්වා
සෙනෙහසින් රැක බලන්න
තමන්ටම අප්‍රියව යන ලෙස
එපා අත් හැර දමන්න.

කන්න හිතුනම රසට ලොල් වී
එපා තෙල් පිටි ගිලින්න
මසට ගිජු කම නෑනෙ හොද නම්
හැඩැති සිරුරක් ලබන්න
වයස එක්කම එපා කිසිවිට
කුස්සි මුල්ලේ තපින්න
ජීවිතේ මේ ලැබුනෙ විඳිනට
ලස්සනට එය විඳින්න

මහ දවාලේ රෙදිත් පොරවන්
එපා කිසි විට නිදන්න
ප්‍රශ්න නම් එයි ඇවිදිල්ලා යයි
සිනහ වීලා සිටින්න
ගෙයින් ගෙට ගොස් මරා කාලය
එපා කුණු නම් හොයන්න
අවැසි විට පමනක් ගිහිල්ලා
කෙරිය යුතු දේ කරන්න.

කේලමත් බැනුමත් හොදම නෑ
එපා හිත ලෙඩ කරන්න
බුදුන් වැදලා මල් පුදාලා
දවස ඇරඹුම ලබන්න
වෛර ක්‍රෝධය එපා කිලුටුයි
මෙත් වඩා සිත හදන්න
පිරිසිදුව සිතුවිලි මුදා දී
හිතේ සැනසුම සොයන්න.

අඳින්නට හැකි නම් හැඩ වැඩට
රටේ උන් අත් හරින්න
කියවනා අය ඔහෙ හිටපුදෙන්
බෑනෙ වැටවල් බඳින්න
හැමෝ එක්කම ඔහේ එල්ලී
එපා කසු කුසු ගාන්න
ටිකක් ආඩම්බර වුනත් කම් නෑ
උඩගු කම අත් හරින්න.

කටට එන දේ ඔහේ කියලා
එපා හිත් කුඩු කරන්න
ගියොත් වචනය ගන්න නම් බෑ
යලිත් ඒ ගැන සිතන්න
මලක් ගැහැනිය විලක් වාගේ
ඇය යි සිසිලස බෙදන්න
මවයි ඇය මේ ලොවේ මුල්තැන
පුදසුනක් මෙන් නිවෙන්න.

චමී.
උපුටා ගැනීමකි.✍️
පල කිරීම දිවියට දිරියක් with Nilanthi සමූහය

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

113/1/1/C Bodiyangana Mawatha, Bowala
Kandy
20000