The Rise
The Rise of Mind, Technology, Agriculture, and Nation. Welcome to Rise! At Rise, self-sustainability is at the core of our brand promise.
15/07/2026
Foreign Vibe එකක් දෙන, ලංකාවේ තියන එකම Tech Village එක .
Google, Apple, Microsoft වගේ ලෝකේ ලොකුම Tech Company එකක වැඩ කරන්න කැමතිද ඇහුවොත් බහුතරයක් කියන්නෙ ඔව්, ඒක එයාලගේ Dream එකක් කියල, වැඩියෙන්ම ඒවගේ තියෙන Work Culture එක, සීමාවන් නැති නිදහස, Stress නැති පරිසරය, වැඩ කරන අතරතුර විවේක ගන්න තියෙන Spaces, සහ සේවකයන්ගෙ Comfort එකට මුල් තැන දෙන ඒ Lifestyle එක දකින්න අපි හැමෝම හීන මවනවා. හැබැයි ඒ වගේ Global Level Work Environment එකක් අත්විඳින්න රට යන්නම ඕනෙද?
අපි පිටරට ජොබ් එකකට යන්න හීන දකින්නේ හොඳ Salary එකක් ගන්න, නැත්නම් ජීවිතේ අලුත් නිදහසක් හොයාගෙන. ඒත් පිටරටක තියෙන ඒ නිදහස ඇත්තටම නිදහසක්ද?
පිටරට ජොබ් එකකට යන එක නරකයි කියල අදහස් කරනව නෙවේ, හැබැයි තමන්ගේම ආදරණීයයන් මඟහැරගෙන, කිලෝමීටර් දහස් ගණනක් ඈතක ගිහින්, පැය ගාණක් මැෂින් වගේ මහන්සි වෙන එක කොච්චර Stressful ද?
පිටරට culture එකටත් වඩා වෙනස්, work stress free, ලංකාවේ තියන Company එකක වැඩ කරමුද?
හැමෝම හිතන්නේ මේ වගේ working Environment තියෙන්නේ පිටරට විතරයි කියලා. හැබැයි ඒ මතය වෙනස් කරපු, Salary එකත් ඉතිරි කරගෙන, හිතේ සැනසීමෙන් වැඩ කරන්න පුළුවන් ලංකාවේ තියෙන හොඳම තැන තමයි මේ. මොකද මෙතන හැමදේම හැදිලා තියෙන්නේ Employees ලගේ පහසුව වෙනුවෙන්මයි.මේ ගැන වැඩි විස්තර අපේ පසුගිය ලිපි වලින් සවිස්තරාත්මකව ඔයාලට බලාගන්න පුලුවන්.
එක දේකට සීමා නොවී උඩුගම්බලා යන්න කැමති දක්ෂ ඔබ වෙනුවෙන්ම නිර්මාණය වුන ලංකාවෙ එකම Tech ගම්මානය - The Rise Tech Village.
03/07/2026
Behind the Scenes: Meet the Rise Crews!
හොදම දේවල් Creative විදියට එලියට දෙන තැනක් විදියට Rise Tech village එක ගැන අපි ගිය සතියෙ හදුන්වල දුන්නනෙ. අපි එහෙම කිව්වෙ ඇයි? මෙතන වෙන්නෙ මොන වගේ Projects ද? කියල අද කතා කරමු.
Rise එක ඇතුලේ Main Offices පහක් තියෙනවා .
1) RAM Studios
2) Marketing
3)AI Team
4) Ceynara
5) AI Grow
මේ Team පහ ඇතුලෙන් එකිනෙකට වෙනස් projects එලියට ආව උනත් මේ Team පහම Technology එකත් එක්ක එකිනෙකට Deeply connect වෙලා තියෙන්නෙ. අපි අද බලමු මේව ඇතුලෙ මොකද වෙන්නෙ කියල.
RAM Studios ගැන අනිවාර්යයෙන්ම මෙ වෙනකොටත් ඔයාලා දන්නවා. මොකද ලංකාව ඇතුලේ Game Develop වෙන සීමිත තැන් වලින් එකක් තමයි මේ RAM එක. ගොඩක් අය Games Play කලාට ඒව හදන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියල දන්නෙ නැ ඒ වගේම මේක හැමෝටම ලේසියෙන් කරන්නත් බෑ. මේ එක Game එකක් පිටිපස්සෙ ලොකු Creative Teenage Team එකක්ම ඉන්නවා වගේම මේ Creative Team එක ලස්සනට Guide කරලා සුපිරිම Game එකක් එලියට දෙන්නේ ඔයාලා හැමෝම දන්න කෙනෙක්, ඒ තමයි Mr. Ravindu Coory. මෙතනින් තමයි Rise Tech village එක ඇතුලේ Creative ම Game Development එක සිද්ධ වෙන්නෙ.
Marketing Team එකකින් කරන්නෙ ඕනම දෙයක් Creatively එලියට දෙන එකනේ. Rise Tech village එකෙ Marketing Team එකම Multitalented Crew එකක්, මොකද Web Developer, AI Developer, Photographer, videographer, Musician, content Writersලගෙන් combined උන Team තමයි මෙතන ඉන්නෙ. ඔයාලට ඔනි හැමදෙයක්ම Cretive විදියට එලියට දෙන්න ඕනිනම් ඔයාලගෙ WebSite එකේ ඉදල Social Media Upload කරන Video එක දක්වා හැමදේම එකම තැනකින් කරගන්න පුලුවන්.
AI කිව්වම අපිට මතක් වෙන්නෙ හැමදේම Prompt එකකින් ලේසියෙන් කරගන්න පුලුවන් වගේ අදහසක් නේ. ඇත්තටම මෙතන වෙන්නෙත් ඒකද? නෑ AI කියන්නෙ හරිම Deeply Technology එකත් එක්ක යන Subject එකක්. අපේ Rise එක ඇතුලේ ඉන්නේ මේ දේවල් හොදට Research කරපු දක්ෂම Educated AI engineering Team එකක්. Rise එක ඇතුලෙ ගොඩාක් දේවල් වෙන්නෙ Automation ක්‍රමයට, ඒ වගේම එ හැමදෙයක්ම User Friendly. මේ වගේ ගොඩාක් Special දේවල් Artificial Caractors එක්ක හරිම uniquely එ වගේම Creative විදියට මේ Team එක නිර්මාණය කරනවා.
AI Grow කියන්නේ Agriculture එකත් එක්ක Technology එක සම්බන්ධ කරල, මිනිස් ශ්‍රමය අවම කරල හරිම Smoothly වැඩ කරන Team එක. මේ Team එක ඇතුලේ Architect Designer ගේ ඉදල හරිම දක්ෂ Agro-Technologist ල දක්වා විවිධ හැකියාවන් තියන අය ඉන්නවා. Rise එක ඇතුලේ Open-field Cultivation වගේම Green Houses වලත් වගා කටයුතු සිද්ධ වෙනවා. මේ හැමදෙයක්ම හරිම ආරක්ෂිතව Technology එකත් එක්ක සාර්ථකව පාලනය කරගෙන වටපිටාව ලස්සනට පවත්වාගෙන යන්න මේ Team එක දෙන්නෙ මාරම Support එකක්.
Ceynara කියන්නෙ Rise එකෙන් නිර්මාණය වුන හොදම Brand එකක්. ප්‍රධාන වශයෙන් " eucalyptus" ශාකය පාවිච්චි කරල අපේම දේශිය Body wash, Soap, Healing Balm,Oil, නිශ්පාදනය වෙන්නෙ මෙතනින්. ඇත්තටම මේක හරිම සංකීර්ණ ක්‍රියාවලියක්, මේ ගැන හොද දැනුමක් තියන Experienced දක්ෂ Scientist ලගෙන් සමන්විත Educated Team එකක් තමයි මේ හැම නිශ්පාදනයක්ම research කරල හොදම තත්වයෙන් එලියට දෙන්නෙ.
මේ සාර්ථක දේවල් හැමදෙයක්ම පිටිපස්සෙ තියෙන ප්‍රධානම දේ තමයි Freedom එක, මේ Freedom එකත් එක්ක එන Creativity එක තමයි ඒ සාර්ථකත්වයේ රහස.
02/07/2026
The eagle doesn't wait for perfect weather.
It rises above the storm.
Keep your vision clear.
Keep your purpose stronger.
The sky is never the limit for those who choose to rise. 🦅
01/07/2026
Break the Frame with 'The Rise'!
සිලබස් එකට Limit උන ඉස්කෝලේ ජීවිතයයි, ඒ හා සමාන Frame එකක් ඇතුළෙම දුවන උසස් අධ්‍යාපනයයි ඉවර කරලා අපි හැමෝම දුවන්නේ රස්සාවක් පස්සේ. හැබැයි ඒ හැම තැනකදීම වෙන්නේ අපේ ජීවිත තව තවත් limit වෙන එක. තමන් ඇතුළේ කොච්චර Creative මනුස්සයෙක් හිටියත් ඒ මනුස්සයව අමතක කරල දාලා, තමන්ගේම කියලා නිදහසක් නැතුව, කාගේ හරි ෆ්‍රේම් එකකට කොටු වෙලා, අපි මේ කරන්නෙ ජීවත් වෙන්න ට්‍රයි කරන එක.
අවුරුදු 18 - 25ත් අතර වයස කියන්නේ ජීවිතේ ලස්සනම කාලෙ, හැබයි අත්දැකීම් අඩු ඒත් හීන පස්සේ පිස්සුවෙන් වගේ දුවන වයසක්. ගොඩක් අය හිතන්නේ මේ වයසේ ළමයි හැඟීම්වලට බර, තීරණ ගන්න කලබල, හරිම unstable පිරිසක් විදියට.
හිතන්න, Guide කරන්න කවුරුත් නැතුව, Self control එකෙන්, තමන්ගෙම කැපවීමෙන් විතරක් ආයතනයක් සාර්ථකව ඉස්සරහට අරන් යන්න මේ වගේ තරුණ පිරිසකට භාර දුන්නොත්, ඇත්තටම ඒක කරන්න පුලුවන් වෙයිද? සාර්ථක වෙයිද?
ඕනම කෙනෙකුට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් වගේම බහුතරයක් කියන්නෙ ඒක කරන්න බැ කියල. තව සමහරු අහන්න පුලුවන් මොකටද එහෙම කරන්නෙ කියල.
දන්නවද "ලොකුම Risk එක තමයි කිසිම Risk එකක් නොගෙන ඉන්න එක."
Risky උනාට මේ Young Generation එක විශ්වාස කරල ඒ වගෙ තීරණයක් බය නැතුව ගත්ත කෙනෙක් තමයි Dr. Harsha Subasinghe කියන්නෙ. ලංකාවෙ කිසිම තැනක නැති මේ unique Concept එක තරුණ පරම්පරාවට භාර දීලා, ආයතනයට විතරක් නෙවේ, තමන්ටත් දෙයක් කරගන්න පුලුවන් නිදහස මෙතන නිර්මාණය කරල තියෙනව.
The rise tech village එකේ සාර්ථකත්වය තියෙන්නෙ එතන.
නිදහසක් නැති තැන Creatively එකක් නෑ, Creativity එකක් නැති තැනක සාර්ථකත්වයක් නැ. ජීවිතෙ හොදම කාලෙ හොදම දේවල් ලස්සනට එලියට දෙන්න පුලුවන් හොදම තැන Rise Tech Village එක.
29/06/2026
පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!
Click here to claim your Sponsored Listing.
Website
Address
Kandy