Cover Drive
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cover Drive, Kandy.
23/02/2026
අපිට සෙමි යන්න පුළුවන් අවස්ථාව තවමත් අපට නැතිවි නෑ, එංගලංත තරගය ජය ගත්තේ නම් ඒ අවස්ථාව පහසුවෙන්ම ලබා ගත හැකිව තිබුණත් ඉතිරි තරඟ 2 ජය ගෙන අවසන් පුර්ව වටයට පිවිසීමේ අවස්ථාව අපට තිබෙනවා..එහිදි බොහෝ දෙනෙකු කථා කරන NRR එහිදි වැදගත් වෙන්නේ නෑ. මන්ද ලංකාවට ඉතිරිව තිබෙන නවසීලන්ත සහ පකිස්ථානය අතර තරඟ දෙක ලංකාව ජය ගතහොත් එම කණ්ඩායම් වලට උපරිම ප්‍රසාධ ලකුණු ලබා ගත හැක්කේ ලකුණු 3කි.එම නිසා ඉතිරි තරඟ දෙක ජය ගැනීම පමණක් අවසන් පුර්ව වටයට යෑම වෙනුවෙන් සෑහේ...නමත් ලංකාව සහභාගි වන එක් තරඟයකට හෝ වැස්ස ඇද වැටුනොත් තත්වය බොහෝ සංකිර්ණ වේ...එවිට NRR කරළියට පැමිණෙනු ඇත..
20/02/2026
ඊයේ තරඟය පරදින් හේතුව මොකක්ද හැමොම අන්තිම පන්දුවාරය ගැන කිව්වත් මම නම් හිතන්නේ වෙන දෙයක් තරගයේ 18 වන පන්දුවාරය වන විටත් තරඟය අපේ පැත්තේ තිබුණේ නෑ..19 වන පන්දු වාරයේ දසුන් ශානක රැක ගත් අති විශිෂ්ට උඩ පන්දු දෙක නිසා නැවත් යම් බලාපොරොත්තුවක් හෝ අපිට ඇති වුනේ...ඊට පෙර අපෙන් තරඟය ගිලිහෙන්න ප්‍රධාන හේතුවක් වුනේ අපේ පන්දු රැකීම. කුසල් පෙරේරා අතින් ගිලිහි ගිය උඩ පන්දුව වගේම එක ලකුණකට සීමා කරගත හැකිව තිබු පන්දු කිහිපයක්ම හතරේ පහරවල් බවට පත් වුනා මගේ හැගීම හැටියට ලකුණු 20 කට වඩා පන්දු රැකීමෙන් අපිට අහිමි වුනි...සිම්බාබ්වේ ක්‍රිඩකයින් පිඩනයෙන් මිදුනේ මේ දුර්වල පනදු රැකීම නිසා...මං හිතන්නේ අපිට තරඟය ගිලිහි ගියේ එතනින්....
Click here to claim your Sponsored Listing.
Culinary Team
Attire
Website
Address
Kandy