Hugzy Thoughts

Hugzy Thoughts

Share

I'm writing for you...�

08/06/2026

" තනි නැද්ද… "

ඉඳහිට කවුරුන් හෝ අසයි… ඉතින් මම සුපුරුදු සිනාව පා සිනාසෙමි…

" කවුරුහරි ඕනේ නැද්ද… හැමදාමත් ඔහොම ඉන්න බෑනේ… වයසට යනකොට තනියට කවුරුහරි ඕනෙමයි…"

ඉතින් මම උවමනාවෙන් බලමි…මන්ද හැමදාමත් දෙන පිළිතුර මා ළඟ ඇත…

" කවුරුහරි හිටපු මිනිස්සු තනිවෙලාම නැද්ද…"

දිග පිළිතුරක් මම කොට කර පවසන්නෙමි…
මේ ලෝකේ තනි වූ සියල්ලෝම අසල කවුරුන් හෝ දිනෙක සිටියේය… ඔවුන් තනිවූයේ ඒහෙයිනි…
තනි මා වැන්නෙකුට නැවත තනිකමක් හෝ තනිකමේ වේදනාව හෝ දැනෙන්නේ නැත…
ඉතින් මට තනිකම ගැන බියක් නැත…😊

Nisha Karunadasa

08/05/2026

ජීවිතේ එක පුංචි තීරණයක්වත් කෙනෙක්ගේ මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන් කියලා මට තේරුම් කරලා දුන්න film එකක් තමයි Swapped 💭✨
අපිට හුරු comfort zone එකෙන් ටිකක් එළියට ඇවිත්, අලුත් අත්දැකීම් වලට හිත විවෘත කළොත්… ඒකෙන් අපි වැඩෙන්නත්, අනිත් අයව තේරුම් ගන්නත් ඉගෙන ගන්නවා.

මේ movie එක ඇත්තටම කියලා දෙන්නෙ,
“අනිත් කෙනාව තේරුම් ගන්න නම්… ඔවුන්ගේ ඇස් වලින් ජීවිතේ බලන්න ඕනේ” කියලා. 🖤🍃

05/04/2026

කාලය යනු මිනිස්සු ගේ ස්වභාව කියාදෙන පාඩමයි...🧿

05/04/2026

අප්පච්චි නැති වෙනකොට මට අවුරුදු 5 යි. මට යාන්තමට අප්පච්චිව මතකයි. අපි එතකොට හිටියේ පූගෝඩ අප්පච්චිගේ මහගෙදර. අප්පච්චි නැති වෙලා මාස කීපයකින් අපිට ඒ ගෙදරින් යන්න වුනා. බාප්පා එහෙමත් නැත්තම් අප්පච්චිගේ මල්ලී මට මතකයි මහ වැස්ස තිබුන දවසක අම්මයි මාවයි ගෙදරින් එළවලා දැම්මා...තොගේ මූසලකමට තමා අරුත් මැරුණේ කියලා ඒදා බාප්පා අම්මගේ මුණට කෙළ ගැහුවා. අම්මා මහ වැස්සේ මාවත් අරගෙන කිරිදිවෙල අම්මගේ අක්කගේ ගෙදරට ආවා. ඒ ගෙදර පොඩි ගෙදරක්. ඒක කාමරයක් විතරයි තිබුනේ. ඒත් අම්මගේ අක්කයි, ඒයාගේ මහත්තයි අපිට එහෙ ඉන්න දුන්නා. ලොකු අප්පච්චි ඉඩම් කච්චේරියේ කාර්‍යාල කාර්ය සහකයෙක්. අම්මා කුලී වැඩට යන්න පටන් ගත්තා. ලොකු අම්මා මාව අම්මා එනතුරු බලා ගත්තා. ලොකු අප්පච්චි ඒයාගේ යාළුවෙකුට කියලා මාව කිරිදිවෙල ගමේ පාසලට දැම්මා. මම පහ වසර ශිෂ්‍යත්වය සමත් වුනා. මට මතකයි ඒදා මගේ අම්මගේ මුණේ තිබුන හිනාව. අම්මා වාගේම ලොකු අම්මයි ලොකු අප්පච්චියි පුදුම විදියට සතුටු වුනා. අම්මා කියුවේ උඹට පුළුවන් නම් ලොකු අප්පච්චි වගේ ආණ්ඩුවේ කාර්‍යාලයක රස්සාවක් කරන්න...ඒ තරම් ඉගෙන ගනින් මයේ පුතේ කියලා. ..ශිෂ්‍යත්වයෙන් පස්සේ කොළඹ ලොකුම ඉස්කොලේට මාව දාන්න ලොකු අප්පච්චි තීරණය කරා. ඒයා අම්මට කියුවා උඹ බය වෙන්න එපා ..මම කොල්ලව බලා ගන්නම් කියලා. මට තාම මතකයි ඒ විද්‍යාලයට ආපු පළවෙනි දවස. බොනික්කෝ වගේ ලස්සනම ලස්සන ළමයි. සුදු කොක්කු වගේ. හරි ලස්සනට ඇදුම් ඇදලා කොණ්ඩේ පීරලා හුගාක් ළමයි ඉස්කොලේ ආවේ. මම බලපු ටෙලියක හිටපු බේබීලා වගේ ළමයි....මුලින් මුලින් ඉස්කොලේ නුහුරු බවක් දැනුණා. ගමේ ඉස්කොලේ වගේ නෙමෙයි, හාත්පසින්ම වෙනස්..තාත්තගේ නෑයෝ අම්මට බැනලා තිබ්බා ඕකා මොකටද කොළඹ ඉස්කොලේට දැම්මේ...තොපිට පුළුවන්ද ලොකු මිනිස්සු කරන ඒවා කරන්න කියලා. ඇත්ත....ඉස්කොලේ හිටපු හුගාක් ළමයි එක්ක ගත්තාම මම පොළවනම් ඒ ළමයි අහස වගේ...ලොකු අප්පච්චි රස්සාව ඉවරවෙලා ගෙදර ඇවිත් රෑ ගෙවල්වල තීන්ත ගාන්න ගියා. ඒ මම වෙනුවෙන් සල්ලි හොයන්න. ඒයාගේ දුවට මට තරම් ඉගෙන ගන්න බැහැ. ඒයා සමාන්‍ය පෙළ විභාගයත් අසමත් වුනා...ඒත් ලොකු අප්පච්චි කියුවේ මයේ එකෝ හොදට ඉගෙන ගනින්. උඹට පුළුවන් අපේ පවුලම ගොඩ දාන්න කියලා. ඉස්කොලේ වෑන් එකට දෙන්න...ක්‍රිඩා කරන්න අවශ්‍ය දේවල් ගන්න...ඇත්තටම හුගක් සල්ලි වියදම් වුනා. මම පුළුවන් තරම් අරපිරිමැස්මෙන් වියදම් කරා...සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල එන්න දීන කීපයකට කලින් අම්මා වත්තක වැඩ කර කරා ඉන්නකොට පොළගෙක් ගහලා මැරුණා...

මම වෙනුවෙන් දුක් විදපු අම්මව බලා ගන්න මට බැරි වුන වේදනාව මගේ හුස්ම යනකම්ම තියේවී...ඒත් ලොකු අම්මයි ලොකු අප්පච්චියි මට අම්මයි අප්පච්චියි නැති අඩුව දැනෙන්න දුන්නේ නෑ...මම සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත්....ලොකු අප්පච්චි ප්‍රතිඵල ආපු දවසේ තෑග්ගක් විදියට වෙද නළාවක් අරගෙන ආවා...පුතේ උඹ කවදා හරි දොස්තර කෙනෙක් වෙන්න ඔනේ..මම උඹව දොස්තර කෙනෙක් කරලා තමයි පස්ස බලන්නේ..ඒ වචනවල තිබුනේ වචනවලින් කියන්න බැරි තරම් ආදරයක්...බලාපොරොත්තුවක්...

ඉද හිට මුණ ගැහුන තාත්තගේ නෑයෝ...උඹ මොකද බයෝ කරන්නේ..කරන්න පුළුවන් මගුලක් කරපන් බන්...නිකම් කාළකණ්නි වෙන්නේ නැතුව රස්සාවක් කරපන් කියලා දොස් කියුවා. පපුවට පිහි පහරවල් අනිනවා වාගේ ඒ වචන...මම හිතා ගත්තා කොහොම හරි රැන්ක් එකක් දානවා කියලා...ඔව් මම ඒක කරා....ප්‍රතිළුල ආපු දවසෙම ලොකු අප්පච්චි ගෙනත් දුන්න වෙද නළාව ඒයාගේ පපූවට තියලා මම කියුවා ඔයාට තරම් හොද පපුවක් කිසිම දොස්තර කෙනෙකුට හම්බ වෙන්නේ නැති වෙයි...

ජිවිතය කියන්නේම මහ පොතක්...සමහර පිටු තියෙනවා හරිම දුක් බරයි..සමහර පිටු තේරූම් ගන්නම බෑ...තාත්තගේ නෑයෝ ගැන හුගක් පිටු ඒ වගේ...තේරූම් ගන්න බෑ...සමහර පිටු හරිම ආදරණියයි. ලොකු අම්මගේ, ලොකු අප්පච්චිගේ අක්කගේ හැම පිටුවක්ම හරිම සුන්දරයි...ආදරණියි...පොඩි වුනත් ඒක මහ මාළිගාවක්...ලොකු අම්මා හින්දවලා හදන පරිප්පු හොද්දයි සම්බෝලයයි දිව ඔසුවක් වගේ....ඊ ලග පිටු ටික මට ලියන්න වෙන්නේ ලොකු අම්මගෙයි ලොකු අප්පච්චිගෙයි අක්කගෙයි සතුට වෙනුවෙන්....මම ඒකත් කරනවා

Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kandy