The Reader

The Reader

Share

The more you read
The more you became a reader
කියවන තරමටම
ඔබ කියවන්නෙකු වෙයි

22/09/2024

Take care ගැන ,
මට තියෙන්නෙ අසේනි ගැන වෙනස්ම හැගීමක් නැත්නම්
වෙනස් කියවීමක්.
මන් හිතන විදිහට
අසේනි එයාගෙ පලිය අරගත්තා
සමහරවිට අපේ බහුතරයක්
කාන්තාවන් තමන්ගේ සැමියන්ගේ
චපල කම දැනුන ගම්න්ම
කරන අත්හැරීමේ ක්‍රමය
අසේනි අනුගමනය කලේ නෑ
එ වෙනුවට එයා ඒ දෙන්නගෙම
ජිවිත වලට මැද්දට පැන්නා
එයාලට අසේනි කියන ගැහැනියව
අමතක නොවන විදිහට
මතක හැදුව
කතාවෙ අන්තිම එපිසෝඩ් එකේ
මේනකා කියනව බොහොම ලස්සන
Dialog එකක්
තමන් ආදරේ කරන කෙනා තමන්ට ආදරේ
නෑ කියල දැනුන මොහොතෙම
එයාගෙන් ඈත් නොවුනොත්
ඔයා කරන්නෙ ඔයාවම නැති කරගන්න එක
ඔව් අසේනිට තාවකාලික එයාට එයාම
නැතිවෙන්න ඇති
එත් එහෙම අත්නොහැරීමෙන් ඇය,
මේනකාට මේනකාවත්
වාසලට වාසලවත්
වාසලට මේනකාවත්
වාසලට අසේනිවත්
නැතිකලා
ඔව් පතිනි දම් පුරපු ගැහැනියකගෙ
පලිගැනීම ඇය කලා.

සමහරවිට ඔබේ අදහස වෙනස් ඇති
එත් මම මේ කතාව දැක්කෙ එහෙම.
Takecare
ඉසූ

07/09/2024

කදුලු හිත
ආදරයෙන් සුවපත් කල
වසන්තයේ නොක්කාඩු
ඉවසන්න පුරුදු කල
නුබ මගේ රන්කද
අදත්
හෙටත්
මේ හිත පෙරුම් පුරන
ඉසූ

02/09/2024

නොරිකොට,

නුබට තිබ්බා,
කබුකි බලන්න යමුද නොඅහ ඉන්න
නුබට තිබ්බා ,
ඔකුසාවා නොගිහින් ඉන්න
නුබට තිබ්බා ,
මිදොරියට ආපු සුලගට ලං නොවී ඉන්න
ලෝකෙට පේන්න,
මනාලියක් වෙන්න
හිතට දැනුන,
සන්සාර ආදරයට පයින් ගහන්න
ඔව්
නුබට තිබ්බා,
අයාලයේ යන හිතකට
පෙම් නොකර ඉන්න.

ඉසුරි

TikTok · ♡ 🎞️ 16/06/2024

Oh no I am not

TikTok · ♡ 🎞️ 744.6K likes, 4543 comments. “My comfort franchise 🤍 {ib for edit and audio: ⚯͛ , made this awhile back and never posted, Edit: this is no hate towards miriam what so ever! She is entitled to ywr opinion even if i did find it it a little harsh}”

15/06/2024

මුවෙන්
තවකෙකුට සැර නොවූ,
කයෙන්
තවකෙකුට දුක් නොදූ,
හිතෙන්
අනෙකාට දෙස් නොතියූ,

අඩු කුලේ එකාටත්
බුලතින් ස්නෙහ පිදූ,
උඩ කුලේ හොරාටත්
බතින් සෞභාග්‍යය පිදූ,
ගමක රටක කුසගිනී පිරවූ...

දෙමලාටත්,
රදලාටත්,
දැන දුන්නත්
උදුරාගෙන ගියත්
එකසේ කරුණාව පිදූ....

කන බත් පතට වැදුම් දූ
මඩ තවාලු වීය ඇදහූ
ගොයම කෑ කුරුල්ලන් ටත් ,
කුරුලු පාලුව තැබූ
ඉස්පාසුවෙන් ,
ජිවිතය කියවූ....

අවිහින්සකව
සන්සාර බැම්මෙන් බැදුණ,
තවත්,
සිදුහත්
යසෝදරා
පාරමිතාවක ,
අවසානයක්...
ආරම්භය ක්..

#ඉසු

02/06/2024

නැවත එවා
ඒ සෑදෑවන්

නුබේ අතගෙන
වෙරල පුරා
පියමැන්න පියසටහන්
නුබෙ උරමත හිස තැබූ
එ සොදුරු වන්
හිතම සැනසූ
නුබේ සුවද
නැවත ඒවා
ඒ සැදැවන්

30/05/2024

අත්තම්මා බලන්න යෑම

කාලයත් එක්ක මිනිස්සු
ආශ්‍රයෙන් දුරස් වෙනව .
අපි පොඩිකාලෙ ආසාවෙන්
අත්තම්මලගෙ ගෙදර ගිහින්
සෙල්ලම් කරලා
දුව පැනල
ආපහු එනකොට අඩපු කාලෙ
ඉවර වෙලා
දැන් ඉදහිට අත්තම්මව බලාගන්න
මාම හරි නැන්දා හරි ගාවට
යන එකත්
ආර්ථිකව වගේම
මානසිකවත්
අපහසුතාවක් වෙලා
අපිට වගකීම් වැඩි වෙලා
අපි යන්ත්‍ර වෙලා
අපිට ලබාගන්න බැරි
සිහින
බලාපොරොත්තු
එක්ක
ජිවීතේ අපිට අතපසු වෙලා
අත්තම්මට දැන් අපිව මතක නෑ
අපිට අපේ සතුට මතක නෑ

ඉසූ

Photos from The Reader's post 24/05/2024

3 owned 💛😘
4 more to go 😁

18/05/2024

ආදරය ඇති තැන ප්‍රාතිහාර්‍යයක්ද ඇත.

16/05/2024

The things that you always hear will not be the truth.
The truth is what you feel, what you believe. 💛

14/05/2024

ලමයි කියන්නෙ දෙවියන්ගේ තෑග්ගක් බව මම විශ්වාස කරනවා.දෙවියන්ගෙන් ණයක් අරගෙන අපි එයාලව නිදහස්ව,සමාජයට සේවයක් වෙන අයුරින් හදාවඩා ගන්නවා.අපි නිකොල්ව හදාගන්න ගත්තුදා සිට ඔයා මගේ හදවතේ සිතුවිලි අතර රැදී සිටියා.

Want your business to be the top-listed Shop in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Kandy
Kandy