Cric Week

Cric Week

Share

Welcome to our cricket page! Stay up to date with the cricket news, scores, lives, fixtures.

08/04/2026

ශ්‍රී ලංකා කාන්තා U19 කණ්ඩායමට විශිෂ්ඨ ජයක් 🏆

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ තවත් ස්වර්ණමය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එංගලන්ත කාන්තා U19 කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ලකුණු 52ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට අපේ සිංහ ධේනුවෝ සමත් වූහ.

කාන්තා U19 තුන්කොන් තරගාවලිය යටතේ ඉයන් හීලි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද අතිවිශිෂ්ඨ දක්ෂතා ප්‍රදර්ශනය කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලිමන්සා තිලකරත්න අගනා අර්ධ ශතකයක් (51) රැස් කළ අතර, ශෂිනි ගිම්හානි ලකුණු 39ක් ලබා ගනිමින් ලකුණු පුවරුව ශක්තිමත් කළාය. සියලුම ක්‍රීඩිකාවන් දැඩි කැපවීමකින් ක්‍රීඩා කරමින් ඕවර 42.4කදී ලකුණු 170ක් ලබා ගැනීමට සමත් වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගෙන් එල්ල වූයේ දැඩි පීඩනයකි. අසේනි තලගුණේ සහ චමුදි ප්‍රබෝධා කඩුලු 3 බැගින් දවා ගනිමින් එංගලන්ත ඉනිම ලකුණු 118කට සීමා කළහ.

02/04/2026

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන වෙනුවෙන් ජාතික අධි සාධන මධ්‍යස්ථානයට (High Performance Center) නව ජාත්‍යන්තර පුහුණුකරුවන් දෙදෙනෙකු එක්වෙයි! 🏏

​✅ රයන් වෑන් නීකර්ක් (Ryan van Niekerk): නෙදර්ලන්ත කණ්ඩායමේ හිටපු පන්දු යැවීමේ පුහුණුකරු, දැන් ශ්‍රී ලංකා ජාතික පන්දු යැවීමේ පුහුණුකරු ලෙස.

✅ ජෝර්දාන් ග්‍රෙගරි (Jordan Gregory): ජාතික පන්දු රැකීමේ සහ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස.

​නෙදර්ලන්ත කණ්ඩායම ජාත්‍යන්තර තලයේ දැක්වූ දක්ෂතා පිටුපස සිටි මෙම අත්දැකීම් බහුල පුහුණුකරුවන් දෙපළ 2026 අප්‍රේල් 15 සිට සිය සේවය ආරම්භ කිරීමට නියමිතයි.

Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Kandy
20000