Simple Life

Simple Life

Share

Food, travel & everyday moments — Lankan soul in Aussie life 🇱🇰♥️🇦🇺💚🌸

18/10/2025

රෑට ඉතිං වෙනසකටත් එක්ක මෙහෙමත් කමු නේද? 😍💚

හැමදාම රෑට පිටි මොනවා හරි කෑමට එකතු කර ගන්න හින්දා මෙහෙමත් කාලා බලන්න හිතුනා..හැබැයි මං ඩයට් කරන්නේ නම් නෑ..හදන්න ලොකු වෙලාවක්නම් යන්නේ නෑ..මෙතන කුකුල් මස් ටික මං කලින් මැරිනේට් කරලා තියලා අවන් එකේ ග්‍රිල් කරලා ගත්තේ..මස් ටික දානකොට ම බඩඉරිගුත් අවන් එකට දාලා ටිකක් කලින් අරගත්තා..

සලාදය නම් හදා ගත්තේ කැරට්,ගෝවා,නිවිති කොලවලට ලුණු,ගම්මිරිස් කුඩු,මයොනීස් ටිකක් කලවම් කරලා..

゚viralシfypシ゚

13/10/2025

අද රෑට මේ මෙනූ එකත් එක්ක බත් කමුද? 😍♥️

🌸සුදු බත් (White Rice)
🌸පොල් සම්බෝල (coconut sambol)
🌸කුකුල් මස් මිරිසට (Chicken curry)

අද සම්බෝල එකනම් මලවලා හැදුවේ..හැමදාම දෙහි දාලා කන්නත් බෑනේ..මෙහෙ අපිට ගාපු පොල් ගන්න තියෙන්නේ ගොඩක් වෙලාවට freeze කරපුවා..මං ඒත් සම්බෝල හදන්න ගන්නේ desiccated coconut තමා ගොඩක් වෙලාවට..desiccated coconutවලට උණු වතුර ටිකක් දාපුවාම ගාපු පොල් වගේ සමාන ගතියක් එනවා.මේ සම්බෝලේනම් මං හැදුවේ එහෙම desiccated coconutවලට උණු වතුර ටිකක් දාලා පස්සේ මිරිස් කුඩු,කෑලි මිරිස්,ලුනු කුඩු ටිකක් එකතු කරලා හොදින් අනා ගත්තා.

ඊට පස්සේ පෑන් එකකට තෙල් ටිකක් දාලා රත් වෙන්න තියලා ඒකට අබ ටිකක්,සුදු ළූනු,ළූනු,රම්පේ,කරපිංචා දාලා ටිකක් වෙලා කලවම් කරලා පස්සෙ උම්බලකඩ ටිකකුත් එකතු කර ගත්තා.අන්තිමට අනා ගත්තු පොල් ටික එකතු කර ගත්තා..ඉක්මනින් මේ සම්බෝලේ හදා ගන්න පුලුවන් ඉතිං...

කොහෙ හිටියත් සතියට දෙතුන් සැරයක් හරි මේ වගේ සම්බෝලයක් එක්ක බත් ටිකක් කන එකනම් මං අනිවාර්යයෙන් කරන දෙයක් 😁
゚viralシfypシ゚

Want your public figure to be the top-listed Public Figure in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Kurunegala
2145