Brain Boost Books

Brain Boost Books

Share

BrainBoostBooks.com
Teaching kids aged 3-14 science and life lessons through fun, engaging stories. 📚

27/02/2026

දවස පුරාම වැඩද? දරුවා එක්ක ගත කරන්න තියෙන කාලය අඩුයි කියලා හිතෙනවද? 🤔

දරුවෙකුගේ මොළය වේගයෙන්ම වර්ධනය වෙන කාලයේ, ඒකට හරියන පෝෂණයක් දෙන්න දවසකට ඕනේ වෙන්නේ විනාඩි 5ක් විතරයි!

ඔබේ ඒ වටිනා විනාඩි 5, දරුවාව විද්‍යාවේ අපූරු ලෝකයකට අරන් යන්න පාවිච්චි කරන්න. ඉංජිනේරු ප්‍රවීන් හත්තොටුව සහ පශුවෛද්‍ය ප්‍රබෝධිනී කොග්ගලගේ විසින් විශේෂයෙන්ම නිර්මාණය කළ "සිඟිති විද්‍යා කතා" මාලාව දැන් ඔබේ දරුවාටත්!

🔬 ඇයි මේ පොත් විශේෂ?

සංකීර්ණ විද්‍යාත්මක කරුණු (රුධිර සංසරණය, විදුලිය, ශරීරයේ අස්ථි) ආදී කතන්දර හරහා ඉතා සරලව කියා දීම.

දරුවාගේ කුතුහලය සහ බුද්ධිය වර්ධනය කිරීම.

කාර්යබහුල දෙමාපියන්ට දරුවා සමඟ ගුණාත්මක කාලයක් (Quality time) ගත කිරීමට කදිම අවස්ථාවක් වීම.

📚 විවිධ මාතෘකා 60 කට අධික ප්‍රමාණයක්. පිටු 8 ක සරළ කතාවක්. Micro Learning සංකල්පය මඟින් දරුවාට ඉතාමත් රසවත් ලෙස එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන මූලිකම දැනුම ඉගැන්වීමට.

මේ තියෙන්නේ එක කතාවක්..

සෑම්ගේ ඇටකටු

"එකමත් එක දවසක්, සෑම් මැගී එක්ක පාපන්දු සෙල්ලම් කළා. සෑම් හයියෙන් බෝලයට පයින් ගැහුවා. එතකොටම සෑම් ලිස්සලා වැටුණා.

මැගී හොඳටම බය වෙලා, “අනේ සෑම්!” කියලා කෑගැහුවා. එයාගේ ඔළුවයි, පපුවයි වැදිලා. චූටි චූටි තුවාල තිබුණට ලොකු අනතුරක් වෙලා නෑ.

සෑම්ටයි මැගීටයි හරිම සතුටු හිතුණා. ඉතින් සෑම් මේ ගැන අම්මට කිව්වා.
“අම්මේ, මම සෙල්ලම් කරද්දි වැටුණා. ඒත් මට මොකවත් වුණේ නෑ.

මගේ ඔළුවත් වැදුණා,” සෑම් කිව්වා.
“ඒ පුතාව ආරක්ෂා වුණේ පුතාගේ ඇඟේ ඇතුළේ තියෙන ඇටකටු නිසා,” අම්මා ඇටකටු ගැන කියලා දුන්නා.

අම්මා කියලා දුන්නු විස්තර සෑම් මැගීට කිව්වා. හිස්කබල, කොඳු ඇට පෙළ, ඉල ඇට, උකුල් ඇටය, අත්, පා ඇට ගැන මැගීට කියලා දුන්නා.

“අම්මේ, අපිට ඇවිදින්න උදවු වෙන්නෙත් ඇටකටු නේ ද?” මැගී ඇහුවා.
“ඔව්, ඒ විතරක් නෙමෙයි. ඇඟේ හැඩය තියාගන්නෙත්,

කැල්සියම් ගබඩා කරන්නෙත් මේ ඇටකටුම තමයි. තව අපේ ලේ හදන්නෙත් මේ ඇටකටු ඇතුළේ තියෙන ‘ඇට මිදුළු’වල.”

“ඒ වගේම ඒ ඇටකටු ශක්තිමත් වෙන්න කැල්සියම් ඕනෙ,” කියලත් අම්මා කිව්වා.

ඉතින් ඊට පස්සේ එයාලා කැල්සියම් වැඩිපුර තියෙන කිරි, පොඩි මාළු වගේ කෑමවලට ගොඩක් ආස වුණා."

බුද්ධිමත් දරුවෙකු ගොඩනැගීම උදෙසා අදම ඔබේ පොත් කට්ටලය වෙන්කරවා ගන්න.
👉 Inbox us හෝ WhatsApp කරන්න: 071 5 22 33 33
🌐 වැඩි විස්තර සඳහා: BrainBoostBooks.com

26/01/2026

🌟මට චූ බරයි.. "අම්මේ/තාත්තේ, චූ හැදෙන්නේ කොහොමද?"
🤔මේ වගේ ප්‍රශ්නයකට ඔබ කොහොමද උත්තර දෙන්නේ?

මෙන්න ලස්සන කතාවක්...

📖එක දවසක් උදේම තනියම නැගිටපු සෑම් දත් මැදලා මූණ හෝදගන්න ගියා.
එයා දැන් ලොකු ළමයෙක්.
එක පාරටම එයාට චූ බරක් දැනුණා.
සෑම් වැසිකිළියට ගිහින් චූ දාන ගමන් කල්පනා කළා කොහොමද මේ චූ හැදෙන්නේ කියලා.
සෑම් මැගීගෙන් මේ ගැන ඇහුවා."අපේ අම්මා ඒ ගැන කියලා දුන්නා සෑම්." මැගී කිව්වා.
"අපේ ඇඟේ වැඩිපුර තියන වතුර එක්ක ඇඟ ඇතුළේ තියන කුණු, වැඩිපුර තියන ලුණු වගේ අයන, පිටින් ඇඟට ආපු විස දේවල් තමයි මේ චූ විදිහට වකුගඩු වලින් පෙරිලා එන්නේ.
ඒ නිසා ලේ වල පීඩනයත් පාලනය වෙනවා.
අපිට වකුගඩු 2ක් තියනවා.
අපේ ලේ හදන්න ඕන කරන හෝමෝනය හදන්නෙත් මේ වකුගඩුම ලු." මැගී කිව්වා.
"ආ එහෙනම් මැගී වකුගඩු කියන්නේ පෙරනයක් වගේ නේ?" සෑම් ඇහුවා.
"ඔව් සෑම්. වකුගඩු වලින් ලේ පෙරලා හැදෙන චූ ටික මුත්‍රා බට වලින් මුත්‍රාශයට ඇවිල්ලා ගබඩා වෙනවා. ඒක හරියට බැලුමක් වගේ. ඒක පිරුණාම අපිට චූ බර එනවාලු.
අම්මා කිව්වා වකුගඩු හොඳින් තියාගන්න හොඳට වතුර බීලා එළවළු වර්ග කන්න කියලා." මැගී කියලා දුන්නා.
💝 මේක හුදු පොතක් නෙමෙයි - මේක ඔබේ දරුවාගේ අනාගතයට කරන ආයෝජනයක්!
✨ ඔබේ දරුවා මෙන්න මේ විදිහට ඉගෙන ගන්නවා:

✅ කට පාඩමින් තොරව - ස්වාභාවිකව
✅ කතා හරහා - නොදැනීම
✅ විද්‍යාව ගැන - ආසාවෙන්
✅ ජීවිතයට අවශ්‍ය දැනුම - සරලව

🎁 පොත් වල විශේෂත්වය:
📏 අන්තර්ජාතික සම්මත ප්‍රමාණය (8" × 8")
💪 කාඩ්බෝඩ් පිටු - ලැමිනේටඩ් (කල් පවතින)
📚 කියවීමට පහසු ලෙස සැකසූ පිටු 8 කින් සම්පූර්ණ කතාවක්
🎨 දරුවන් ආසා වන රූප සටහන්
🚚 දිවයින පුරා බෙදාහැරීම
🔥 පොතක් ➡️ රු. 220 පමණි!

හරියටම එක කෝපි කප්පයක මිලට ඔබේ දරුවාට ජීවිත කාලේටම පවතින දැනුමක්! ☕
🌈 දෙමවුපියන්ගේ අදහස්:
"මගේ දරුවා මේ පොත කියවලා ප්‍රශ්න අහන්න පටන් ගත්තා.
ඉතාම වටිනා ආයෝජනයක්!" - තාරිකා, කොළඹ
"කට පාඩමින් තොරව දරුවා ඉගෙන ගන්න ලස්සන ක්‍රමයක්" - සුදත්, කළුතර

📞 අදම ඔබේම කරගන්න!
🌐 BrainBoostBooks .com
🌐 BrainBoostBooks .org
📱 071 5 22 33 33

💭 මතක තබා ගන්න:
ඔබේ දරුවාගේ කුතුහලය තමයි හොඳම ගුරුවරයා!
ඒ කුතුහලය හරි දිශාවට යොමු කරන්න මේ වගේ පොත් හොඳම මාර්ගයයි.
දැන්ම ඇණවුම් කරන්න - තොග සීමිතයි! - පහත බොත්තම ඔබන්න.

⏰ #සිංහලපොත් #දරුවන්සඳහා 🇱🇰

20/01/2026

මේ දේවල් ටික දන්නේ නැත්තන් හොඳ දෙමවුපියෙක් ගුරුවරයෙක් වෙන්න හිතන්න වත් එපා.. 📏

ඔබේ දරුවාගේ තත්වය ගැන දැනුමක් ලබාගැනීම එම දරුවා යහපත් දරුවෙකු කිරීමට ඉතා වැදගත් වේ. මේ සඳහා ලෝකයේ ප්‍රභලම ක්‍රමයක් වන තෝමස් සහ චෙස් ක්‍රමය භාවිත කළ හැක.

සෑම දෙමවුපියෙක්ම, ගුරුවරයෙක්ම අනිවර්‍යෙන්ම දැනගෙන සිටිය යුතුම දෙයක්.

ඔබේ දරුවා තේරුම් ගැනීමට මෙම ලක්ෂණ 9 දෙස බලන්න:

ක්‍රියාශීලී බව (Activity Level): දරුවා කොතරම් දඟ කරනවාද?

පිළිවෙළ (Rhythmicity): නිදාගන්නා සහ බඩගිනි වන වෙලාවන් නිශ්චිතද?

ප්‍රතිචාරය (Approach/Withdrawal): අලුත් දේකට මුහුණ දෙන්නේ බියෙන්ද නැත්නම් උනන්දුවෙන්ද?

හැඩගැසීම (Adaptability): වෙනස්කම් වලට කොතරම් ඉක්මනින් හුරු වෙනවාද?

ප්‍රතිචාරයේ ප්‍රබලතාව (Intensity of Reaction): පොඩි දේකටත් හයියෙන් අඬනවාද?

සංවේදී බව (Threshold of Responsiveness): සද්දයට, එළියට හෝ ස්පර්ශයට ඉක්මනින් ප්‍රතිචාර දක්වනවාද?

මනෝභාවය (Quality of Mood): සාමාන්‍යයෙන් ඉන්නේ සතුටින්ද නැත්නම් කනස්සල්ලෙන්ද?

අවධානය වෙනතකට යොමු වීම (Distractibility): වැඩක් කරන විට අවධානය ඉක්මනින් බිඳෙනවාද?

ඉවසීම (Attention Span/Persistence): අමාරු දෙයක් වුණත් දිගටම උත්සාහ කරනවාද?

ඔබේ දරුවා ගැන හරියටම මැනගන්න සඳහා පහත comments වල තියන පළවෙනි ලින්ක් එකේ තියන ප්‍රශ්ණ වලට නිවැරදි උත්තර දෙන්න.

11/01/2026

බුද්ධිමත් දෙමාපියනි, ඔබේ දරුවාගේ තර්කන ශක්තිය සහ නිර්මාණශීලී බුද්ධිය වර්ධනය කිරීමට මීට වඩා හොඳ අවස්ථාවක් තවත් නැත.

Brain Boost Books - බුද්ධිමත් දරුවෙකු හොඩනැඟීම උදෙසා 🧠📚

ඔබේ දරුවා හෙට දවසේ බුද්ධිමතෙකු වනු දැකීම ඔබේ සිහිනයද?
විශේෂඥ වෛද්‍ය ආලෝකා රත්නායක සහ ඉංජිනේරු නිරෝශන් වැනි ප්‍රවීණයන් සිය දරුවන්ගේ බුද්ධි වර්ධනය වෙනුවෙන් තෝරාගත් "Brain Boost Books" දැන් ඔබටත් ලබාගත හැක.

බුද්ධිමත් දෙමාපියනි, හෙට දවසේ ලොව දිනන දරුවන්ගේ පරපුරට ඔබේ දරුවාත් අදම සම්බන්ධ කරන්න.

සුවිශේෂී මිල ගණන්:
📖 එක් පොතක් රු. 220/- ක් පමණි!

📉 විශේෂ වට්ටම්:
පොත් කට්ටලයක් ලෙස මිලදී ගැනීමේදී සුවිශේෂී වට්ටම් හිමිවේ. විශ්වාසනීය ඉගෙනුම් අත්දැකීමක් අවම මිලකට!

මෙම පොත් පෙළෙහි ඇති විශේෂත්වය:

මොළයේ සෛල උත්තේජනය කර මතක ශක්තිය සහ අවධානය (Concentration) වැඩි කරයි.
ඉංජිනේරු ශිල්පයට මූලික වන තර්කානුකූලව ගැටලු විසඳීමේ හැකියාව මුල් ළමාවියේදීම ලබා දෙයි.

STEM අධ්‍යාපනය: විද්‍යාව, තාක්ෂණය සහ ගණිතය පිළිබඳ ආසාව දරුවා තුළ ඇති කරයි.

අනාගතයේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ විද්‍යාඥයන් බිහි කරන මේ සුවිශේෂී ගමනට ඔබත් එක්වන්න.

📞 දැන්ම අමතන්න / WhatsApp කරන්න: 0715223333

Want your school to be the top-listed School/college in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Matale