Dineth K
Photographer
Cinematographer
Event Manager
🇱🇰 Tourism I'm
Photographer
Cinematographer
Event Manager
🇱🇰 Tourism
Not A Profetional ❗
21/10/2022
Good Morning All ♥️🌎
Have A Nice Day 😊
Dineth K ©️
20/10/2022
Kusal 😂
ඇහුන් නෑ.....💔
17/10/2022
කවදාවත් කිසිම අම්මෙක් තාත්තෙක්
මෙහෙම අසරන වෙන්න එපා......🥺💔
දවස් දෙකක නිවාඩුවට පස්සේ අද උදේ තමා ආයේම හොස්ටල් එන්න පිටත් උනේ......
මේ ජයාරුපයේ සිටින ආච්චී අම්මා නැග්ගෙත් හලාවතින්....
මට එහා පැත්තේ සීට් එකෙන් වාඩි උන ඒ ආච්චි අම්මා කොන්දොස්තර ටිකට් ගන්න එන්න කලින් මගෙන්
"පුතේ මට රුපියල් 50ක් දෙනවද "කියලා ඇහුවා
මං පර්ස් එක ඇරලා රුපියල් පනහක් දුන්නත්
ඒ ආච්චිට කොළඹට යන්න රුපියල් 350ක් ඕන කියලා කොන්දොස්තර කිව්වා
මං ඒ ආච්චිගේ අත බැලුවහම තිබ්බේ රුපියල් 170 යි 🥺
පස්සේ මං කිව්වා මං ටිකට් ගන්නම් ආච්චම්මා ඕක තියාගන්න කියලා.....
"මං පුගොඩ යන්නේ පුතේ ...මං ඇස් පෙන්නන්න හලාවත ඉස්පිරිතාලෙට ආවා එතකොට මෙහෙන් කියනවා දකුණු ඇහැට කාච දාන්නලු ...මට පෙන්නෙම නැ පුතේ..."
"ආච්චම්මාට දැන් පුගොඩ යන්න සල්ලී තියෙනවද.."
"නැ පුතේ පුතා දුන්නු රුපියල් 50 විතරයි තියෙන්නේ...මං යන්නේ පුගොඩ මගේ දරුවො බලන්න...කාච දාන්න කියක් හරි ඉල්ලගන්න.."
සත්තයි මගේ ඇස් වලට කදුලු ආවා...
ඒ ආච්චිට අවුරුදු 75-80 වගේ ඇති..
තමන්ගේ දරුවගෙන් සල්ලී ඉල්ලගන්න අතේ රුපියල් 170ක් තියන් වෙන කාගෙන්හරි පිහිටක් පතන් එන්න තරමට තමන්ගෙම දේමාපියන්ව අසරණ කරලා ඒ දරුවො...
මං දන් නැ ඒ දරුවන්වවත් මේ ආච්චිවවත් ඒත් මට කියන්න තියෙන්නේ දෙමාපියන්ව මහමග අසරණ කරන්නෙපා.🙏😥
දේශ් මීතැන්න✍️
(මේක ලිව්වේ මං කරපු දේ ගැන පබ්ලිශ් කරන්න නෙමේ.....
ඒ ආච්චම්මා වගේ තවත් එක අම්මෙක් අසරණ වෙන එක නවතීවී හිතන්....)
ඔයාලටත් එහෙම හිතෙනව නම් තවත් කෙනෙක් දකින්න...
ශෙයා කරන්න ♥️
Dineth K ©️✍️
16/10/2022
ඔබ සියල්ලන්ටම ♥️
වාසනාවන්ත පිංබර දිනයක් වේවා !!! 🙏💙
Dineth K ©️
16/10/2022
ඇත්ත...
මම ඔයාගේ උපන්දිනේ අමතක කරා 💔
ඕවර් ටයිම්..නයිට් ෂිෆ්ට් කරලත්
පඩිය තිස්පන්දාහයි...
නංගිගේ පන්ති සල්ලි මාසෙටම පන්දාහයි
එයාගෙ ඉස්කෝලේ..කානිවල් එකක්...
එක ගෙදරකින් ඉල්ලුවලු තුන්දාහක්....
අම්මගේ බෙහෙත් වලටම ගියා හාරදාහක්...
කොහොම සමරන්නද "....."
ඔයාගේ උපන්දිනය පහුවදා....
ගෙවල් කුලිය දහදාහක්..කන බොන වියදම් මගෙන් බාගයක්
සිමෙන්තිත් එක්ක ඔට්ටු වෙන...ලඹයෙන් දාඩිය පිසින..බ්ලොක් ගලෙන් ගලට හීන හංගන "තාත්තට" තවත් නෑ මහ හයියක්
ආසයි තමයි මගේම බයික් එකක ඔයාව තියන් යන්න රවුමක්
මට කොයින්ද "......."
එච්චර වාසනාවක් 💔
ගිණි පිඹින මකරු...
පියාඹන ඇත්තු ඉල්ලලා නෑ තමයි ඔයා.... කවදාවත්
ඔහේ ගලාගෙන ගිය ජීවිතේට
ඔයා වුණා තමයි සඳ පහනක්.....
තාප්ප වටකරපු මහ මන්දිරේ ඔයා හිනැහෙනකොට වගෙයි මැණිකක්...💎
ආත්මෙම ඉරිතැළුණු මේ හිඟන්නට ඔයා ගැළපෙන්නේ නෑ තමයි කොහොමත්...😔
රන් මුදුවක්.....
ඇත් දළ පාට ඇදුමක්...
දැන් කීයක්ද...?
ලොකුම ලොකු ටෙඩියෙක්....
ඔයා ආසම චොක්ලට් පිරුණු පෙට්ටියක්....
ඔයත් ආස ඇති සප්‍රායිස් වෙන්න නොකිව්වත්
හීන ලෝකවල මමත් ඇවිදිනවා...
හරි පාරක් නැතත් 💔
"..අද මගේ උපන් දිනය ඔයාට අමතක වුණේ කොහොමද...?"
කදුළු දිලිසෙන ඇස්වලින් ඔයා ඇහුවම
"අනේ සොරි "....."....
මට අමතක වුණා"
එහෙම කිව්වේ බොරුවට......
මට සමාවෙන්න "....."
මම ඔයාගේ උපන්දිනය අමතක කරා 💔😔
අද ඔයා නැතත්
සමරන්න ආසවෙන් බලන් ඉන්න....
ජනාවරි...නවය 🌏♥️
ජීවිතේ මං ආසම දවසක් 🤍🌼
Dineth K ©️✍️
( If You Can...Follow me On 👆)
Click here to claim your Sponsored Listing.