Kavee's Diary
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kavee's Diary, Digital creator, Matara.
අක්කලා තමා ඕනා😁😼👻
゚viralシ2024fyp
Thank you ayye කියල කියන්නෙ 🥹💐
24/09/2024
ඊයේ පෙරවරු 10න් පසු Anura Kumara Dissanayake තවදුරටත් #පොරක් නොවේ.✅
ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අද උදෑසන 10ට අනුර දිසානායක දිවුරුම් දුන්නා.
අනුර ජනාධිපති කරන්න කරපු Campaign එක ඇතුලේ තිබුණ ප්‍රධානම Tagline වුණේ,
අනුර කියන්නේ,
🔴 දූශිතයින්ට එරෙහිව පාර්ලිමේන්තුවේ නිරන්තරයෙන් කතා කරපු පොරක් !
🔴 ඈත දුෂ්කර ගමක, දුප්පත් පවුලක ඉපදිලා, නිදහස් අධ්‍යාපනයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබලා, පාරදිගේ දේශපාලනේ කරලා ජනාධිපති පුටුවට එන්න හදන පොරක් !.
🔴 මේ දූෂිත ක්‍රමය වෙනස් කරලා රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවන්න, තමන්ගේ ජීවිතේම දේශපාලනය වෙනුවෙන් කැපකරපු පොරක් !
ඔව් ඇත්ත. ඔය විදිහේ ඉතිහාසයක් එක්ක,
අවුරුදු 76ක පුරාවට තිබ්බ ප්‍රභූ මූලික පාලනයක් පෙරළනවා කියන්නේ අනුර පොරක් තමයි.❤️
හැබැයි ඒ පොරත්වය අද උදේ දහයෙන් පස්සේ ඉවරයි.
දැන් අනුර,
තඹුත්තේගම, කොලඹ දෙසට තනි සිග්නල් කණුව අසල අනුර කුමාර දිසානායක නෙවෙයි. දැන් අනුර, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති.
අනුරගේ ගමේ ඉපදුන දුප්පත් අහිංසක Storyline එකයි, පාර්ලිමේන්තුවේ කෑගහන ඕනේ එක්කෙනෙක් වාඩි කරවපු කතා ටිකයි මෙතනින් එහාට Valid නෑ.
මෙතනින් එහාට අනුර පොරක් වෙනවා නන් වෙන්නේ,
1. ලංකාවේ ආර්ථිකය ආපහු Crisis එකකට නොයන තැනට Manage කරොත් විතරයි. ✅
2. සංවර්ධිත රටක් දක්වා යන ගමනට හොඳ Foundation එකක් දාලා දුන්නොත් විතරයි. ✅
3. පොරොන්දු වුණ විදිහට දූෂිතයින්ට දඬුවම් දුන්නොත් විතරයි.✅
4. පොරොන්දු වුණ විදිහට නීතියේ ආධිපත්‍ය සහ නීතිය ඉදිරියේ සමානාත්මතාව ස්ථාපනය කරොත් විතරයි.✅
5. පොරොන්දු වුණ විදිහට මේ රටේ බහුතරයක් දුක් විඳින මිනිස්සුන්ට ලස්සන ජීවිතයක් දෙන්න හැකි උපරිමය කළොත් විතරයි.✅
රට තියෙන මට්ටමත් එක්ක ඊට වඩා එහා ගිහින් ප්‍රාතිහාර්ය පාන මට්ටමේ දේවල් අනුරට ඡන්දය දීපු කෙනෙක් විදිහට පෞද්ගලිකව මම බලාපොරොත්තු වෙන්නේ නෑ.
🔴 ඒ වැඩපිළිවෙල වෙනුවෙන් පුරවැසියෙක් විදිහට අනුරට ස්ථාවර පාර්ලිමේන්තුවක් අවශ්‍යයි කියන එක මගේ අදහස. එහෙම නැතුව විධායක ජනාධිපති කෙනෙක්ට තනියෙන් රටක් ගෙනියන්න බෑ.
ඒ ස්ථාවර පාර්ලිමේන්තුව වෙනුවෙන් ඉදිරි මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයටම මම ඡන්දෙ දෙනවා. අඩුම ගානේ තමන්ගේ පක්ෂෙන් ආසන 100ක් වත් නැතුව නන් අනුරට අවුරුදු 5ක් රට කරන් යන්න බෑ. ආපහු 2015-2019 වගේ තත්ත්වයක් එන්නේ. එහෙම 5න් 5ට මූණු මාරු කර කර මේ සෙල්ලම කරන්න බෑ. 😅
ඒ නිසා බහුතර පුරවැසියන් ඒ තීරණය ගනී කියලා මම විශ්වාස කරනවා.
ඉතින් අනුර ඔයාගේ Inspiring ජීවිත කතාවයි, මින්පෙර දේශපාලන භාවිතාවයයි මෙතනින් ඉවරයි. දැන් ආපහු බින්දුවේ සිට අනුර දිසානායක කෙනෙක් හදලා පෙන්නන්න. එහෙම නැත්තම් ඔයාත් තවත් අසාර්ථක ජනාධිපති කෙනෙක් විදිහට ලේබල් වෙයි. ✅
අපේ අයත් දැන් අනුරගේ ඉතිහාස කතාව අමතක කරලා, Emotional TikTok හදන ඒවත් නවත්තලා පාලකයා නිරන්තරයෙන් ප්‍රශ්න කරන සබුද්ධික පුරවැසි භූමිකාවකට පුරුදු වෙමු.
ජනාධිපතිවරණය ඉවරයි. ✌️
දැන් තමයි අමාරුම සෙල්ලම පටන් ගන්නේ.
දැන් අපි වැඩ කරන්න පටන් ගමු !!! 🇱🇰
අනුර - ඡන්දය ලබාදුන් පුරවැසියන් අවදියෙන් 👍
( Copied )
Click here to claim your Sponsored Listing.