Sathsarax The Vlogger

Sathsarax The Vlogger

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sathsarax The Vlogger, Digital creator, Matara.

13/05/2026

River එකක් ගාව තැනක පොඩ්ඩක් සෙට් වුණා 🥂🍹🍾

මේ පැත්තේ තැන් හැම එකක්ම වගේ ගාණ නම් සැරයි. යන්න කලින් count එක බලලා book කරන්න නැත්නම් එක්කෙනෙක්ට cost එක වැඩි වෙයි.

Dayout places around colombo
Dayout packages in colombo

Photos from Sathsarax The Vlogger's post 08/05/2026

අනුෂ්ක උදාන (වස්ති Production) ගැන සටහනක් තියන්නම ඕන 📝

2016 දී තමා මම youtube යන්නෙ එහෙන් මෙහෙන් පොඩ්ඩක්. මට වයස 17යි එතකොට. ඒ කාලේ youtube කියන්නෙ mobile data කන තැනක්නේ. ඔය අස්සේ මම පොඩි පොඩි comedy videos ටිකක් දකිනවා wasthi production එකේ. "මැරුණු හිතේ" සිංදුව ඊට පස්සේ ඇහුවා. ඕකේ සිංදුවේ ලස්සන එක්කම video එකේ මියැසිගෙ kiss scene එකත් highlights තමා 😜 ඒකෙ හිටපු පොර නේද ඊට ටික කාලෙකට කලින් දෙරණේ mashup music video එකක මම දැක්කේ කියලා ඔන්න ටිකක් ඔලුවට ආවා.

කොහොමහරි 2017 දෙසැම්බර් , නුවර ධර්මරාජේ auditorium එකේ තිබුණ hit wicket concert එකට මම යනවා. "නයි නේ" සිංදුවේ original එක අහන්නත් කලින් මම ඇහුවේ අනුෂ්ක එදා කියපු live එක. මම මුලින්ම සල්ලි දීලා concert එකක් බලන්න ගියේ එදා. ඒ කාලේ ස්ටේජ් එකට එද්දී මිනිස්සු අතරේ ලොකු cheer එකක් ඇහුණට එහෙමටම set වුණේ නැ.

2020 දී ළහිරුගේ "Hari Tv" එකෙන් ජීවිත කථාව දැනගන්නවා. ඕකෙන් පස්සෙ තිබුණ view එක එහෙම්මම වෙනස් වුණා. ටකරං මඩුවක හිටපු මනුස්සයෙක් නේද මේ දැන් audi එකක් පදින්නේ කියලා හිතුණම ඒක වෙනමම motivation එකක් වුණා මටත්.

ඊටත් පස්සේ ඉතින් wasthi production එකෙන් ආව almost හැම content එකක්ම වගේ මට අනුව නම් නිර්මාණශීලී contents තමා. සංගීතය කියන දේට මහා සාහිත්‍ය රසයක් දෙන්න පුලුවන් වගේම හරිම සරලව දැනෙන විදියටත් විඳින්න පුලුවන්. ඒක choice එකක්. ඔහොම ඔහොම මගෙ 2022 දි campus එකේ (SLIIT) outdoor concert එකකටත් ආවා. හැබැයි එදා නම් දුරින් දැක්කේ ගොඩක් පස්සහ හිටපු නිසා.

කෙල්ලො කෙල්ලොන්ට ඉරිසියයිලුනේ. ඇත්ත. කොල්ලො එහෙම නැනේ. කොහොමහරි Anushka Udana කියන්නේ 2016 ඉඳන් මගේ ජීවිතේ Entertainment කියන part එකේ උඩින්ම හිටපු චරිතයක්. සෑහෙන්න motivate වෙලා ඇති youtube එකේ තිබුණ interviews බලලා.

පේරාදෙණිය campus එකේ තිබුණ "කාල අවකාශ 2026" concert එකේදී තිබුණ ගණන් වැඩිම ticket එක අරන් ඉස්සරහටම ගිහින් එදා මට මේ යකාව ළඟටම බලාගන්න පුලුවන් වුණා. ඊටත් වඩා playlist එකේ තිබුණ ආසම ඒවා ටිකක් live අහලා dance එකක් දාන්න අවස්ථාවක් ලැබුණා. ඒ ටිකම ඇති.

අදටත් stage එකේ ගොඩක් වෙලාවට රෑට රෑ වෙලා අන්තිමටම enter වෙන, ඒ එද්දිත් කන් දෙදරන්න audience එකේ සද්දෙ ඇහෙන, සිංදු පහ හයකින් දෙන්න පුලුවන් උපරිම fun එක දීලා බැහැලා යද්දී account එකට ලක්ෂ ගාණක් වැටෙන, කොටින්ම කිව්වොත් මට අනුව නම් ලංකාවේ attractive ම aura එකක් තියෙන singer කෙනෙක්.

ඉතින් බං අනුෂ්ක අයියා. Jetour එකෙන් Jet එකක්ට මාරු වෙලා ලෝකෙ වටේ යන්නම ජය ඕයි 🫶

🌟 2026 මැයි 6 හවස. මට නම් අවුරුද්දේ හොඳම මොහොතක්. Vlog එක මගෙ page එකේ/ channel එකේ ඇති 🎥
https://www.facebook.com/share/v/18miGcuV5p/?mibextid=wwXIfr

06/05/2026

VLOG 31 : ගොම්මන් වෙලාවේ කණ්ඩලම වැව හොයන් ගියා
Kandalama Lake Sri Lanka 🇱🇰📍

නුවර ඉඳන් දඹුල්ලට යන ගමනේ කලින් vlog එකෙන් ( VLOG 30) මාතලෙන් නැවතුණානෙ. ඊට පස්සේ දිගටම දඹුල්ලට ගිහින් නවතින්න තැනක් හොයාගෙන , හවස් වෙලා මම ගියා කණ්ඩලම වැව හොයාගෙන. පාර වැරදිලා වෙන පැත්තකට ගියේ අලි එළි බහින වෙලාවේ. කොහොමහරි කණ්ඩලම වැවට ගියා.
ඒ අතර හම්බවුණ කුඹුරු යාය. මගේ ජීවිතේ දැකපු ලස්සනම තැනක් ඒක.

ඊළඟ vlog එකෙන් ගියේ රන්ගිරි දඹුලු පැත්තේ 🍃 ( VLOG 33 )

YT එකෙත් මම ඉන්නවා. Follow කළොත් අපි ආයෙමත් හම්බවෙයි. ජය 🫶

05/05/2026

VLOG 30 : මාතලේ අලු විහාරය 📍🇱🇰

නිවාඩු දවසක උදේ දඹුල්ලේ යන්න හිතුණා. නුවර ඉඳන් මාතලේ හරහා යද්දී මේ පන්සලට යන්න හම්බවුණේ.

දඹුල්ල solo bike trip එකේ පළවෙනි vlog එක මේක. තවත් කොටස් දෙකක් තියෙනවා.
Page එක follow කළොත් අපි ආයෙමත් හම්බවෙයි. YT එකෙත් මම ඉන්නවා 🫶 ජය !

මාතලේ අලු විහාරය කියන්නේ ලංකාවේ ඉතිහාසයත්, බෞද්ධ සම්ප්‍රදායත් එක්ක ගොඩක් වැදගත් තැනක්.
කෙටියෙන් කියනවනම් මෙතන තමයි වලගම්බා රජ සමයේ පස්වන ධර්ම සංගායනාවේදී, බුදුන්ගේ ධර්මය (ත්‍රිපිටකය) මුල්වරට ග්‍රන්ථාරූඩ කළේ. ඒක හිතන්නත් බැරි තරම් ලොකු සේවයක්, නැත්තම් අද අපිට ධර්මය මේ තරම් නිවැරදිව තියෙන්නෙත් නැති වෙන්න තිබ්බා.
අලු විහාරය කියන්නේ ගල් කන්දක් වටා හදපු පරණ විහාරයක්. එතන ගල් ගුහාවල බිත්ති වල තියෙන චිත්‍ර, පිළිම සෑහෙන පරණයි.

゚viralシ

Want your business to be the top-listed Media Company in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Address


Matara