Maheshi Rambukwella
Aim to change attitude right path and right ways. SMART way to think of life
09/04/2025
෴ඔයා දිහා කවුරුන් හෝ බලා සිටී෴
ඔයා මේ වෙලාවේ යම් දෙයක් හිතනවාද? ඒවා නිකංම සිතුවිලි කියලා හිතෙනවාද? හේතුවක් නොමැතිව ඇතැම් සිතුවිලි සිතේ පතුලට වැටෙනවා කියල හිතුවාද? 🤔
මම අඩු වයසකින් මගේ සම වයසේ අන් අයට සාපේක්ෂව ගොඩක් දේවල් අත් දැකපු කෙනෙක්.😊 විශේෂම දේ තමයි ඇතැම් දේ සම්බන්ධයෙන් ඇති වූ කුතුහලය මත සෙවීමට හා කියවීමට පෙළඹීම. වෙනස්ම කෝණයකින් ලෝකය දෙස බලන්න, සාම්ප්‍රදායික මානසික රාමු කඩා බිද දමා වෙනස් විදියට සිතන්න , මාගේ සිතේ මුල් බැස ගොස් තිබූ මගෙම විශ්වාස වලින් ප්‍රශ්ණ කිරීමටත් එම කියවීම මා හට උපකාරී වූවා යැයි මා අද විශ්වාස කරමි.
🤔
2020 පෙබරවාරි මාසයේ සිට මා ලියූ සෑම වචනයකටම වටිනාකමක් ලබා දීමට මේ විශ්වය කටයුතු කරා. 😊.
මා ඉතා යහපත් අයෙකු යැයි මා සිතා සිටියා වුවත් මා සිතා සිටිනවාට වඩා අයහපත්,දුබල ගතිත් මගේ ගාව නොඅඩුව තියෙනවා යැයි මා හට විටෙක හැගී ගියාය. 🤔. මා ඉතා නපුරු කෙනෙක් යැයි ඇතැමෙක් කීවත් ඒ නපුරු කම යැයි දකිනා චිත්තයේ ඇති ඇති සංවේදීකම දකින්නෙ අතලොස්සකි. 😓
නමුත් ඒ සියලු දේ ගැන වෙනදාට වඩා "අවධානයෙන්/ අවබෝධයෙන් සංසුන්ව බලා ගෙන ඉදන් යම්කිසි නිගමනයකට ඒමට ටික ටික හැකි වී ඇති බව මට දැනෙනවා.🙏
අපි සිහියෙන් අපි දිහා මොහොතක් බලා සිටියොත් විශේෂයෙන් අන් අය සමග වාග් ඝට්ටනයක් ඇති වේ ගෙන එන අවස්ථාවක අපිට පුලුවන් අපේ සිතුවිලි / හැගීම් ගැන අවධානයෙන් බලන් ඉදන් filter කරලා පාලනය කර ගන්න.😊
බොහෝ විට ජීවිතේ මම/ඔබ කරන කියන හිතන දේවල් ගැන දන්න එකම කෙනා අපිම විතරක් වෙන අවස්ථාවල් එන තැන් තියෙනවා. ඇයි අපි එහෙම කරන්නෙ කියල පැහැදිලි කිරීමට ඔබ අපොහොසත් විය හැකිය.
සමාජයේ ඇතැම් පුද්ගලයන් සිටිනවා තමාවද අමතක කරමින් කිසිම වාසියක් නැතිව තමන්ගේ අවශ්‍යයතාවයට වඩා අනුන් වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. සමහර විය එහිදී තමන් කන කට්ට දන්න එකම කෙනා තමන් විතරක් වෙන්න පුලුවන්.
ඒ වගේමයි, අපි වටා ඉන්න අය අපි ඒ දේවල් කරන්නේම වාසියක් තකා තමයි කියන හැඟීමෙන් කතා හදාගෙන රස කර කර කියන්නත් පුළුවන්. 😓
ඔයා එහෙම කරලා ඇති. අනුන්ට කරලා කරලා තමන්ට අවුල් වියවුල් හදාගෙනත් ඇති. දැනටමත් විඳවනවාත් ඇති. කිසිම හොදක් අසා නැතිව ඇති.😓
හැබැයි,
ඔයා ඇරුනාම ඔබ කරන දේවල් දෙස සාධාරණ විනිශ්චයක් ඇතුව කෙනෙක් බලාගෙන සිටිනවා. කවුද ඒ?🤔. ඔව් එයා තමයි මේ විශ්වය.💗🌎
ක්‍රියාවන්ට වඩා අපි හිතන පතන දේවල් ගැන එයා දන්නවා. අපේ හැගීම් අන් කිසිවෙකුටත් වඩා එයාට දැනෙනවා. අපේ යහපත් චේතනාවකට පවා යහපත් දේවල් ලගා කරල දෙනවා.🙏💗
මෙහිදී අපිට ජීවිතේ එපා වී කඩාගෙන වැටෙන තරමට දුකක් කළකිරීමක් ඇති වෙන දේවල් අපට වෙන්න පුලුවන්. ඒත් හැරිල බලන්න..ඒක දුකක් වුනත් හොද පාඩමක් ,ජීවිතේ නව පන්නරයක් මේ වන විට ලබා නැද්ද? 🤔 මේ වෙද්දි ඔබ සිටියාට වඩා ශක්තිමත් කර නැත්ද? 💪🤔
එමනිසා මට මේ මොහොතේ යම් දෙයක් වේද ඒ සෑම විටකම මා මටම මුමුණන දෙයක් ඇත.
" මා කළ කී දෑ මාගේ හෘද සාක්ෂිය දන්නවා. විශ්වය මා දිහා බලාගෙන ඉන්නවා, එයා දැන ගත්තාම හොදටම ඇති"
මේ ලිපිය ලියන මොහොතේ පවා යම් යම් හේතූන් නිසා මා ඉතා සිත් පීඩාවකින් පෙළෙමි.😣 ජීවිතේ සුන්දරයි කියා සිතුවත් එය එසේ වීමට වඩා නොවීමට හේතු සාධක තමයි වැඩිපුරම අත්දකින්න වෙන්නෙ නේද? 😊
ඒත්, මේ පවතින තත්වය වෙනස්වෙන බවට යම් විශ්වාසයක් අපිට තියෙනවා. ඒ තමයි ලෝකයට අපි කරන කියන යහපත් දේවල්. තමන්ටවත්, අනුන්ටවත් අවැඩක් අසාධාරණයක් නොවෙන ඕනෑම වැඩක්. මෙය ක්‍රියාවක් හෝ සිතුවිල්ලක් විය හැක.
ඒවා තව කෙනෙක්ගේ ජීවිතයට යම් හෝ එළියක් දෙනවා නම් තවත් යහපත්. ඒ සිතිවිලි තරංග අපි විශ්වයට මුදාහැරලා අවසන්.
"යහපත් චේතනා ගෙනදෙයි වාසනා" කියල කියනවනේ.😊
ඉතින්, ඒවා අපිට යහපත් දේවල් ආපහු රැගෙන එනවා. යහපත් පාඩම්, යහපත් භෞතික සම්පත්, යහපත් සිතිවිලි...මේ ඕනෑම අයුරකින් ඒවා ආපහු එන එක, අපි බලාපොරොත්තු නොවුනත්, අපිට වලක්වන්න නම් බැහැ.
ලෝකයටම කිව්වත් වැටහෙන්නේ නැති, ඔබේ හදවත පමණක් දන්නා යහපත ගැන හැමවිටම විශ්වාසය තියාගන්න.
හෙට හිරු පායනා බව අප දනිමු. 🌦 බැරිවෙලාවත් හෙට හිරු නොපෑයුවොත් අඩුම ඉටි පන්දමක් හෝ දල්වන්න ඔබ සූදානමින් සිටින්න.
එහෙම කරාම ඔබට 100% ක් වරදින්නෙ නෑ කියල මට සහතික වෙන්න බෑ.😊 අපිට වැරදුනේ නැත්නම් අපි කොහෙන්ද ඉගෙන ගන්නෙ? ජීවිතේ ශක්තිමත් වෙන්නෙ වැරදීම්, පැරදීම්, රැවටීම් හා කඩා වැටීම් තුලින් ඇති වන පන්නරය තුලිනි.💪 කෙසේ හෝ වැරදි වැරදි හෝ වීර්යය වඩා ඔබට හිමි නිවැරැදි මාර්ගයේ ගොස් ඔබට සාපේක්ෂව හිමිවන සතුට, සාර්ථකවය, සැනසීම, ලබා ගන්න පුලුවන් බව මට පැවසිය හැක.😊
අවසානයේ මෙසේ ලියන්නම්..
ඔබ ලෝකයා වෙනුවෙන් කරනා දේවල් ඔබේ හෘදසාක්ෂිය දැන ගත්තාම හොදටම ඇති. ඊට අමතරව මේ විශ්වය ඔබ දිහා බලා සිටිනවා. ඔබට කල හොදක් නිසා ඔබට සිත් වේදනාවක් ආවොත් මෙසේ කියන්න. 👇
කවුරු නැතත් එයා (විශ්වය)මා දිහා බලන් ඉන්නවා🌎😊
ස්තුතියි 🙏💗💐
✍️මහේෂි රඹුක්වැල්ල✍️
Cheers Your mind
17/11/2024
මීට අවුරුදු 15ට විතර කලින් Face Book එකේ වගාවක් කරන් පුංචි ගොවි පොලක් දාන් බල්ලො , කොටි පවා දාල වගාව ආරක්ෂා කරන් හිටපු අපිට වෙච්ච දෙයක්..🥲
දැන් වගේ අතේ ස්මාර්ට් ෆෝන් නැති නිසා පැයට රු.50,60ක් දීල වගාව බලන්න සතියකට දවසක් දෙකක් ඉන්ටර්නෙට් කැෆේ එකකට ගියා.❤️😊
කාටද මතක මේ ගේම් එක..
බාන් බඩි❤️😀
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
81700
Opening Hours
| Monday | 09:00 - 21:00 |
| Tuesday | 09:00 - 21:00 |
| Wednesday | 09:00 - 21:00 |
| Thursday | 09:00 - 21:00 |
| Friday | 09:00 - 21:00 |