Shami Arts

Shami Arts

Share

let's talk about arts �

11/12/2025

ඔයාලත් ඉක්මනින් ම order කරන්න....

Send your photo, I'll turn into timeless and memorable Art

Special Thanks for this post
Graphic credits for Yasara Indumini තැන්ක්‍යූ නංගෝ... 😘

10/12/2025

Color pencil on paper

Photos from Shami Arts 's post 16/11/2025

මේ දින වල JDA කලාගාර අවකාශය කලාකාරිණියන් කිහිපදෙනෙකුගේ අවකාශය (Space ) බවට නතුව ඇති බව දන්වනු කැමැත්තෙන් මේ අකුරු අමුණමි.
2025 නොවැම්බර් 14 සිට 16 දින තෙක් පැවැත් වූ Space දෘශ්‍ය කලා ප්‍රදර්ශනයේ අභිරක්ශකාව වන්නේ ජනනි කුරේ ය. කුරේට අනුව 2014 සිට ආරම්භව අඛණ්ඩව 12 වන වරටත් "Space"කලාකාරිනියගේ දෘශ්‍ය කලා ප්‍රදර්ශනය පැවැත්වෙන අතර එහි මෙවර තේමාව "දරාගැනීම" වූ අතර ජනනි සුපුරුදු පරිදී අභිරක්ශක භූමිකාව පමනක් නොව අභිවාහ්‍ය කලාකාරිනියගේ (preforming artist )භූමිකාවද ඉදිරිපත් කරයි.
ඇය ද ඇතුළුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථ හා උපාධි අපේක්ෂක කලාකාරිනියන් 29 දෙනෙකු මේ ප්‍රදර්ශනයට සහභාගී වී ඇත. අමිතා ඉන්දිරාණි, ලසන්ති කළුතන්ත්‍රි, ප්‍රියංගිකා තැන්නෙගෙදර, ජානකී නදීශානි, මනූ පතිරණ ඇතුළු තවත් කලාකාරිනියන්ගේ චිත්‍ර , මූර්ති, ස්ථාපන, මුද්‍රණ කලා හා සෙරමික් කලාකෘති ප්‍රදර්ශනය වර්ණවත් කොට තිබිණි.

දරාගැනීම යන තේමාව විටෙක කැන්වසය මත තෙල් සායම්, ඇක්‍රලික්, දිය සායම්, මිශ්‍ර මාධ්‍ය ලෙසද, තවත් විටෙක කළු ගල්, ලෝහ, මිශ්‍ර මාධ්‍ය මූර්ති ලෙසද සෙරමික් කලා කෘති, අභිවාහ්‍ය කලා ආදී විවිධ මාධ්‍ය භාවිතයෙන් කලාගාරයට රැගෙන ඒමට කලාකාරිනියන් සමත්ව තිබූ බව කිව මනාය. නමුත් කලා කෘති දෙස බැලූ පමණින් බොහොමයක් කලාකාරිනියන් ස්ත්‍රීවාදී භූමිකාවක් රඟ දක්වන ස්වභාවයක් පෙන්වීය. ප්‍රදර්ශනයේ තේමාව දරාගැනීම වූ කළ සියලු දරා ගැනීම් කාන්තාවන් විසින්ම පමණක්ම විඳ දරාගන්නේද යන පැනය අසනු කැමැත්තෙමි. තවද 20 වන සියවසට පෙර මෙන් නොවූ සැලකිව යුතු කාන්තා නියෝජනයක් ලාංකේය කලාවෙහි සේම අනෙකුත් ක්ෂේත්‍රයන්ගේද කරනම් ගසනා සහ කාන්තාවන්ගේ බේදාන්තයන් නිරූපණයේ එකම මාධ්‍යය කලාව පමණක් ම නොවනා නව යුගයක කාන්තා කලාකාරිනියන්ගේ තේමා තව දුරටත් ස්ත්‍රීවාදී බේදාන්තයගේ නිරූපණයන් ම වීම අවශ්‍යද යන්නද විවාදාපන්න වේ.

එසේම ඇතැම් ශිල්පිනියන් බේදාන්තයේ වර්ණයන්ගේ විලංගු ලෑමෙන් මිදී සිසිල් හා විචිත්‍ර වර්ණ මඟින් දරාගැනීම අපූරුවට නීරූපණය කළ අයුරු නෙත ගැටිණි. ඒ අතර මනීෂා චතුණීගේ "Roots of creation" නම් කඩදාසිය මත මිශ්‍ර මාධ්‍ය කලා කෘතිය සේම රිද්මි ප්‍රභාශිගේ " Phalic Tragedy" ලෙස නම් කෙරුණු තෙල් සායම් කැන්වස් ත්‍රිත්වය ද ශකිලා මධුමාලිගේ ඇක්‍රලික් මාධ්‍යයෙන් කඩදාසි මත ඇඳ තිබූ "My feelings" කලා කෘති වඩාත් ඉදිරියෙන් පවතිතැයි මගේ මතයයි. තවද "Who am I" නම් අයේෂා හේවගේ විසින් නිර්මිත දැව කැපුම් මුද්‍රණ කලා කෘතිය මෙම ප්‍රදර්ශනයේ අනාගත ලාංකේය දෘශ්‍ය කලාකාරිනියන්ගේ ශිල්පීය ක්‍රමවේදයේ අතික්‍රමණය ලෙස මා විසින් හඳුන්වමි. ඊට අමතරව ලංකේය දෘශ්‍ය කලාකරිනියන්ගේ මධ්‍යය භාවිතයේ පොහොසත්බව ලෙස ප්‍රියංගිකා තැන්නෙගෙදරගේ "Heart and Female Endurance" කලා කෘතිය ද ජානකී නදීශානිගේ " Endurance" කලා කෘතියද, මදූෂා දිල්රුක්ෂිගේ " "Fragile" මූර්ති නිර්මාණයද, කසුනි ජයසිංහගේ The Quite after the Burn" හා බුද්ධිනී සංසලාගේ "Unseen Heroine" සෙරමික් ස්තාපන ඇතුළු නිර්මාණ හඳුන්වාදෙනු කැමැත්තෙමි.

හුදු කාන්තා කලාකාර භූමිකාවට නියමය සේ පැවති තෙල් සායම් ඇතිරූ කැන්වසයට සමුදී නිර්භයව නව මාධ්‍යය හා නව ක්‍රම ශිල්ප භාවිතය ප්‍රදර්ශනයේ වැඩි ඉඩක් වෙන් කර ගැනීම "Space" දෘශ්‍ය කලා ප්‍රදර්ශනයේ සේම තත්කාලීන කලා ක්ෂේත්‍රයේ ද ගමන් මග පිළිබඳ ප්‍රශංසනීය හැඟීම් දැනවීමට සමත් වී ඇත. කෙසේ වෙතත් කුරේ විසින් සංවිධානිත මෙම දෘශ්‍ය කලා ප්‍රදර්ශනය සෞන්දර්යයෙන් කලා ලොවට බට නව කලාකාරිනියන් රැසකගේ මූහුරත් උළෙලක් බවට පතවනු ඇති බව සිහිපත් කරමින් මා සහෝදර විද්‍යාර්ථීන් ඇතුළු කලාකරිනියන් සියලුම දෙනාට මේ සමඟින් සුබ පැතුම් ගෙන එමි.

W.K.A.R.S. ලියනගම
තෙවන වසර විද්‍යාර්ථ
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

Photos from Shami Arts 's post 28/09/2025

මේ කියවීම පසුගිය වසරේ JDA කලාගාරය තුළ පැවති උතුර පළාත නියෝජනය කරනා ශිල්පීන් කිහිපදෙනෙකුගේ ඒකාබද්ධ කලා ප්‍රදර්ශනයක් පසු විමසුමට ලක් කිරීමේ අරමුණින් ඉදිරිපත් කරමි.
පශ්චාත් යුධමය කම්පනය හා ඉන් නැගීසිටීමේ ධෛර්යය ස්වකීය කලා කෘති තුළින් අඩු වැඩි වශයෙන් මා අත්දැකීමි.
​Jasmin Nilani
​Vijitharan Maryathevathas
​Sundaram Anojan
​​T. Krishnapriya
​​Mano Prashath
​S. Sameetharan
යන යාපනය අර්ධද්වීපය නියෝජනය කරමින් සැදුම්ලත් මෙම ශිල්පීන් සය දෙනා යාපනය අර්ධද්වීපය තුළ පැවති සිවිල් යුධමය තත්ත්වය හා ඒ හා සබැඳි ජාතිකත්වය අනුව ලඝු කොට තැබීම හරහා වූ ස්වකීය ආත්මීය කියවීම් "Home/Land" කලා ප්‍රදර්ශනය මඟින් කලාගාරය වෙත රැගෙන ඒම විශිෂ්ඨ කාර්‍ය්‍යක් සේ සැලකිව යුතුය.


Jasmin Nilani ගේ "වැට" යන තේමාවන් යටතේ නිර්මිත කලා කෘති තීන්ත මාධ්‍යයෙන් කඩදාසිය මත සිහින් රේඛා භාවිතයෙන් ඉදිරිපත් කරයි. Jasmin සිය සිතුවම් තුළින් යුධ සමයේ ඈ අත්දුටු සීමා නිර්ණයන් පිළිබඳ අත්දැකීම් නරඹන්නා හා බෙදා ගන්නා අතර වරින් වර ඈ වටා වූ භෞතික සේම අභ්‍යන්තරික සීමා මායිම් එමඟින් අර්ථ නිරූපණය කරන බව මාගේ මතයයි. තවද වැටවල් සීමාවල් පිළිබඳ ඇගේ විරෝධාකල්ප කලු පැහැ රේඛා තුළින් ඔප්නංවාලයි. එසේම ඇය උතුරේ කලාකරුවන්ට රාජ්‍ය මට්ටමින් ඉදිරියට ඒමට වර්තමානය තෙක්ම පවතින සීමාවන් මෙම " වැට "හි අන්තර්ගත කරන්නට ඇත. දිගු හා කෙටි රේඛාවන් භාවිත කර තිබුනද කෙටි රේඛා තේමාවට වඩාත් සාදාරණයක් ඉටු කරයි.

Vijithran යනු "Home/Land"හි මගේ අවධානය වඩාත් සොරාගත් ශිල්පියා වග කිව මනාය. ඉතා ගැඹුරු සංදර්භයක් කැටි කොට තිබෙන ඔහුගේ සිතුවම් රේඛා, වර්ණ හා කොලාජ් මිශ්‍රණයකි. ඔහුගේ රේඛා ද Jasmin ගේ සේම සියුම් දිගු හා කෙටි කළුපැහැ වූ සේම වර්ණ වල විශේෂත්වයක් මගේ දැක්මට හසු විය. එනම් vijithran ගේ වර්ණ යුධමය වර්ණ ලෙස මවිසින් හදුන්වාදීමට කැමැත්තෙමි. තවත් උතුර තුළ පණ ගැහෙන්නා වූ පශ්චාත් යුධමය කම්පනය vijithran ගේ සිතුවම් තුළ මා මනාව අත්දකිමි. විද්‍යාවේ හමුවන සෛලාකාර හා මූල කේශාකාර හැඩ හා තුවක්කු, මෝටාර් වැනි ආයුධ හැඩවල එකතුවක් සේ එය සැලකිය හැකිය. එකී හැඩතල හා මුසු වූ vijithran ගේ ප්‍රකාශනය මෙලෙස විවරණය කරමි. උතුරේ පැවති බීශණයේ හා පිපිරුම් වල පසු කම්පන උතුරේ ජනයාගේ සම සිඳ මස් සිඳ ඇට මිදුලු තුළට වැද සෛලයක් සෛලයක් දක්වා පැතිර නොනැසී තවමත් ශේෂ වූ සෙයකි. එසේම ඒවා කොතරම් දරුණුද යත් එකී පීඩනයන් මතු පරපුරටත් රැගෙන යන්නට සැරසුනද. Vijithran වැනි කලාකරුවන් පෙරලා එකී පීඩනයන් පුපුරා නොයනු වස් පින්සලෙන් කඩදාසියක කැන්වසයක බහා කලාගාරය වෙත ගෙන එන්නේ දකුණේ අපගේ සහකම්පනය අවදි කරන්නට වග මෙහිදී නරඹන්නා වෙත ලියා තබමි.

කඩදාසි මත ඇක්‍රලික් මාධ්‍යයෙන් උතුරේ භූමි දර්ශන කලාගාරය වෙත රැගෙන ආ ශිල්පියා ලෙස මා anojan හඳුන්වාදීමට කැමැත්තෙමි. තේමාව ලෙස "Layer opon Layer " ලෙස ඇක්‍රලික් තට්ටු මත තට්ටු සිටින සේ වර්ණ ගන්වා ඇති ඒවායේ උතුරේ (anojanගේ ගම වන වන්නියේ) භූ විශමතාවයන් කඩදාසිය මත ප්‍රතිනිර්මාණය කර තිබිණි. කෙත්වතු වගාබිම් සහිත සුන්දර භූමිය රුදුරු අඳුරු යුද්ධයකින් වැසී යාමත් නැවතත් ඒ යුද්ධයේ අඳුර වසා රමණීය භූමි දර්ශන දැකීමට anojan ගන්නා උත්සාහය සේම විටින් විට සුන්දරත්වයේ කඩතොලු අතරින් පෙනෙනා විනාශ වූ අතීතය ද කඩදාසියට රැගෙන ඒවට anojanගේ ශිල්පීය දක්ශතාවය කිවමනාය.

S. Sameetharan යනු මෙම ප්‍රදර්ශනයෙහි එකම ඡායාරූප ශිල්පියා ය. "Jaffna municipal council " ලෙස නම් කෙරුණු ඉහත චායාරූපය මා වඩාත් ප්‍රිය කරමි. හිස සුන් වූ මූර්තියක් මෙහෙ ප්‍රදාන දර්ශනය වන අතර එය මැද බිම පවතී පෙරබිම හා පසුබිම උතුරුකරයේ අනන්‍යතාවය නියෝජනය කරනා භූමි දර්ශන සඳහා සාක්ෂි සපයයි. මූර්තිය කාගේදැයි හෝඩුවාවක් නැතත් කිසියම් උතුරේ අතීතය නියෝජනය කල පාලකයකුගේ යැයි බාහිර අංග දෙස බලා අනුමාන කල හැක. එසේම sameetharan එක යාපනය මහනගර සභාව ලෙස නම් කිරීමෙන් ද එය තහවුරු වේ. යුධ සමයේ බිහිසුණු බව එකී මූර්තිය වෙත පැමිනවූ හානි වලින් තහවුරු වේ. එකී ඡායාරූපය යාපනය මහ නගර සභාව ලෙස නම් කිරීම ඇතැම් විට ශිල්පියාගේ උපහාසාත්ම භාවිතයක් විය හැක.

සමස්තයක් ලෙස ගත් විට ශිල්පීන් සියලු දෙනාම තමා උතුරට සීමා නොවිය යුතු කලාව තුළ සලකුණක් තැබිය හැකි චරිතයන් බව සාක්ෂි සහිතව සනාථ කල වග මගේ මතයයි. එසේම කාන්තා ශිල්පීන් කාන්තා හිමිකම්, කාන්තා හිංසනයන් තම ප්‍රස්තුතයන් ලෙස යොදාගනිමි කලාව තුළ පෙනී සිටින සේම උතුරේ ශිල්පීන් යුද්ධය යන තේමාවේම තව දුරටත් එලඹ සිටීමත් ඔවුන්ගේ සලකුණ බවට යුද්ධය පත් කර ගැනීමත් තව දුරටත් ප්‍රායෝගික නොවන බව අකමැතෙන් වුවත් කිව මනාය.

​ W.K.A.R.S Liyanagama
3rd year Undergraduate
University of Visual And Performing Arts

02/08/2025

Color print on paper
බරැති සිහින

Photos from Shami Arts 's post 16/05/2025

මේ කියවීම ලයනල් වෙන්ඩ්ට් කලාගාරය තුළ ප්‍රදර්ශිත ඒක පුද්ගල මුද්‍රණ කලා ප්‍රදර්ශනයක් (Printmaking Exhibition) අරඹයා වේ. මා විශ්වවිද්‍යාලයේ ආචාරිනීයකගේ ප්‍රදර්ශනයක් වීම හා ඒකී ප්‍රදර්ශනය නැරඹීම තුළින් ඇතිවු අභිරුචිය මේ ලියමනට මා පොළඹවන්නට ඇත.
Aqua waves ලෙස නම් කරන ලද මෙකී ප්‍රදර්ශනය චිරන්තිකා තන්ත්‍රිවත්ත මුද්‍රණ කලා ශිල්පිණියගේ අභ්‍යන්තරික චිත්තාවේගීය ප්‍රතිවිරෝධතාවන් හා සංකීර්ණතාවන් හරහා ගොඩනැගුනා වූ ජල තරංග මාලවක් ලෙස හඳුනා ගැනීම වඩාත් උචිතයැයි මට හැගේ.

ප්‍රදර්ශනය තුළ මුද්‍රණ කලාකෘති 18කට නොඅඩු සංඛ්‍යාවක් අඩංගූ වී තිබූ අතර wood cut ආදී මුද්‍රණ ක්‍රමවේදයන් නිර්මාණකරණය සඳහා භාවිතයට ගෙන තිබිණි. තන්ත්‍රිවත්තට අනුව,
"මගේ ආසන්න වටපිටාවන් උපුටා ගනිමින්, නිදහස, ලිංගිකත්වය, ආශාව සහ ආදරය යන තේමාවන් ගවේෂණය කිරීම සඳහා මම පිරිමි සහ ගැහැණු රූප, ශරීර, මාළු සහ මල් වැනි සංකේතාත්මක අංග ඇතුළත් කරමි. "

ලෙස ඈ මෙම කලාකෘති නිර්මාණයෙහිලා බලපෑ ප්‍රස්තුතයන් හා පෙළඹවීම් විස්තර කරයි. සංඥාර්ථවේදී ප්‍රවේශයකින් ගත් කල විවාහයට පෙර ඇයව කොටු කොට තැබූ නිශ්චිත කොන්දේසිගත යටත්වීම් අතික්‍රමණය කරමින් විවාහය පිළිඹඳ සම්මත කියවීම්වලින් ඔබ්බට යමක් අර්තවත් ව ඇත. විවාහ ජීවිතය බන්ධනයකැයි කියවාගන්නා ලෝකයක කලාකාරිනිය විවාහ ජීවිතය තුළ අත්පත් කරගන්නා භෞතික, අධ්‍යාත්මික හා ලිංගික නිදහස මත්ස්‍යයන්ගෙන් සංකේතවත් ව තිබේ. ක්‍රිස්තියානි සන්දර්භයට අනුව මත්ස්‍යයා ඉච්තිස් (ichthys යන ග්‍රීක කෙටි යෙදුමකි.) ගැලවුම්කරුවා (ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ) සංකේතයක් වන අතර විවාහ ජීවිතයට ඇතුලත් වීම තන්ත්‍රිවත්ත නම් කලාකාරිනියගේ අධ්‍යාත්මීය ගැලවුම්කරුවා විය හැක.

තවද ආසියාතික සන්දර්භය ඔස්සෙ කලාකෘතිවල දැකගත හැකි කොයි මත්ස්‍යන් ( koi fish) නව විවාහක යුවලකගේ සශ්‍රීකත්වයේද , ප්‍රීතිමත් විවාහ දිවියේද සංකේතයන් ලෙස ක්‍රියා කරයි. උණුසුම් හා සිසිල් වර්ණමාලා භාවිතයන් හා Aquatint ශිල්පීය ක්‍රමවේදය තන්ත්‍රිවත්තගේ චිත්තාවේගීය ප්‍රතිවිරෝධතාවන්, ස්ත්‍රී පුරුෂ භාවමය ප්‍රකාශයන් කලාකෘති මත ආලේපනයට ගත් සාර්ථක උත්සාහයකි. අවසාන වශයෙන් සෑම කලා ශිල්පිනියකටම විවාහ ජීවිතය විමුක්තිකාමී භාවයන් ඇති කරවන සුලු වන්නේ නම්, කලා ලොවට අනර්ඝ කලාකාරිනියන්ගේ රික්තකය පූරණය වනු ඇතැයි අපේක්ෂාවන් දල්වා තබාගත හැකිවනු ඇත. තන්ත්‍රිවත්තගෙ චිත්තාවේගීය ජල තරංගයේ මොහොතක් ගිලෙන්නට වෙන්‍ඩ්ට් කලාගාරය පැත්තේ රස්තියාදුවක් ගසන්නට කලාකාමී ඔබට ඇරයුම් කරමින් ලියමන අවසන් කරමි.

W.K.A.R.S ලියනගම
තෙවන වසර විද්‍යාර්ථ
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

11/04/2025

New portrait
Color pencil on paper
❤️

Photos from Shami Arts 's post 08/04/2025

Natural drownings
🍃

21/12/2024

The Blessing
Relief in clay
2nd year work

Want your establishment to be the top-listed Arts & Entertainment in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Matara