Life with Ruvi
Beauty tips, child education methods, cooking tips, tips for peaceful life
26/02/2026
💖💖🌷🌷🌷🌷💖💖💖💖
20/12/2025
19/12/2025
හැමදාම එකම වගේ කන හාල්මැස්සන් curry එක වෙනස් කරලා හදමු ද? ❤️💖
අපි හැමදාම හදන කෑම වර්ග ටිකක් වෙනස් කරල විවිධ රසයකින් හදමු.
ඒකාකාරීව ගෙවෙන ජීවිතය අළුත් ලෙස දකින්න ඒකත් හොඳ මාර්ගයක්
එහෙනම් හාල්මැස්සන් curry එකවෙනස් රසකින් හදමු
මුලින්ම හාල්මැස්සන් හොඳින් සෝදා පිරිසුදු කර ගන්න
රටලුණූ ගෙඩියක් සිහින්ව කපා ගන්න
ගොරක, කරපිංචා, සුදුලූනු, මේ සියල්ලම හාල්මැස්සන් සමඟ එකතු කරගන්න
දැන් භාජනයක් ලිපේ තබා මිරිස් කුඩු අවශ්‍ය පමණට එකතු කර තරමක් පාට වෙනස් වන තුරු බැද ගන්න
ගොඩක් කලු කරගන්න එපා.
දැන්, බැදී ගෙන එන මිරිස් කුඩු එකට තෙල් ටිකක් එකතු කරන්න
තෙල් ටික සමඟ මිරිස් කුඩු හොඳින් මිශ්‍ර කර එයට හාල්මැස්සන් සහ අනිත් අමුද්‍රව්‍ය සියල්ලම එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
දැන් කහ කුඩු, ලුණු, උලුහාල් අවශ්‍ය පදමට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
විනාඩියක් පමණ වසා තබා පොල්කිරි හාල්මැස්සන් වැසෙන ප්‍රමාණය ට එකතු කර මද වේලාවක් පිස ගන්න.
මෙහිදී තුනපහ එකතු නොකිරීම විශේෂයක්
හදල බලන්න.
Recipe 1 හොඳයි නම් like 1k දාන්න.
ඔයාලගෙ අදහසත් comment කරල කියන්න.
Please don't forget follow my page of life with Ruvi ❤️💖
18/12/2025
ආදරණීය දරුවෙක් නිර්මාණය කරමු.
මගේ චුටි කොල්ලො දෙන්න දැන් චුට්ටක් ලොකුයි.
රසට කන්න කොයි දරුවත් ආසයි නේ.
අද මම අපේ පැටවු දෙන්නාට එයාලගෙ ආසම කෑමක් හැදුවා.
කොයිතරම් සතුටු උනාද දන්නවද.
එයාලගෙ සතුට අකුරු කරල.
ඒක තමයි ඔය පහලින් තියෙන්නේ. 💖💖
මම දැකපු දෙයක් තමයි, මගේ දරුවො දෙන්නම හරි ආසයි අපිව පුදුම කරන්න.
ගොඩක් වෙලාවට දරුවෝ එහෙම ආසයි.
ඒත් මම අපේ ගෙදර දකින දෙයක් තමයි එයාල අපි කරන දේවල් අගය කරල අපිව පුදුම හිතෙන විදිහට සතුටු කරන්නයි කැමැති.
මගේ අම්මි හදන කෑම හරි රසයි. මම ඒකට ගොඩක් ආසයි.
අම්මි ඔයා මේ ඇදුමට හරි ලස්සනයි.
අපේ තාත්ති හරි strong.
තාත්ති ඔයා වගේ චිත්‍ර අඳින්න මම ආසයි.
දවස පුරා මේ වගේ දේවල් ගොඩාක් අපි අහනව එයාලගෙන්.
මගේ දරුවො දෙන්න අපිව විතරක් නෙමෙයි එයාලා දෙන්නව පවා අගය කරගන්නවා.
මල්ලී අද ඊයේ ට වඩා ලස්සනට අකුරු ලියනව.
මේ වගේ හරි පුංචි උනත් මට නම් ලස්සන දෙබස් මගේ දරුවන්ගෙන් ඇහෙනවා.
මේ දේවල් හැම දරුවෙකුගේ ම වර්ධනය විය යුතු ගොඩක් වටින ආකල්ප.
මොකද ලොකු වෙන්නෙ තව කෙනෙක්ව අගය කරන්න තරම් විශාල හදවත් තියෙන දරුවන්.
දැන් ඉන්න සියළුම දරුවො අධ්‍යාපන කටයුතු ඉතාම ඉහළයි.
කුසලතා අපිව පුදුම කරවනව.
නමුත් ආකල්ප අතින් හරිම දුර්වලයි.
ඒක කිසිම දරුවෙකුගේ වරදක් නෙමෙයි.
එයාලට ආකල්ප ලැබෙන්නේ ළඟම ඉන්න අයගෙන්.
වැඩිහිටි අපි අපේ දරුවන්ට ගුණාත්මක ආකල්ප දෙමු.
එහෙම හැදෙන දරුවන් එයාලගෙ ලෝකය වගේම මේ ලෝකයත‍් ලස්සන කරයි.
18/12/2025
ජීවිතයට ආදරෙන් 💖💖
එන්න, අපි motivate වෙමු. 💖💖💪
කාගෙන්වත් නෙමෙයි ඔයා ඔයාගෙන්ම.
ඔයා හැමදාම දකින ඔයාට මුලින්ම ආදරේ කරන්න.
ඔයා කොයි තරම් කාර්ය බහුල උනත් දවසේ එක පැයක් ඔයා වෙනුවෙන් වෙන් කරන්න.
ඔයාගෙ පෙනුම ඔයාගෙ ආත්ම විශ්වාසය වැඩි කරනව.
ඉතින් ඒ වෙනුවෙන් ලස්සන routine එකක් follow කරන්න.
උදේ පාන්දර දවස පටන් ගන්න.
ඔයාගෙ ලස්සන ගැන හිතන්න ගොඩක් සල්ලි ඕන නෑ.
පිරිසිදු කම අංක එකට.
ගෙදර ඔයා පාවිච්චි කරන පොඩි දේවල් වලින් අපි නොහිතන ප්‍රතිපල ගන්න පුළුවන්.
Life with Ruvi ඔයාට ලස්සන රහස් ටිකක්
කියනව.❤️❤️
ඒ විතරක් නෙමෙයි.
සතුටින් සාර්ථක වෙන්න ලස්සන විතරක් වෙලා බැහැනේ.
හිත රිදෙන තැන් වලදි හිතහදාගන්න, වැටෙන තැනදි නැගිටින්න අපි ශක්තිමත් වෙමු.
අළුත් අදහස් අපි අපේ ජීවිතයට එකතු කරගමු.
Life with Ruvi එක්ක
Peace of mind. 💖❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matugama