Mind Matters
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mind Matters, Mental Health Service, Negombo.
02/05/2026
Psychological Seminar for Parents
24/04/2026
Academic memories at ITM
17/04/2026
Contact Us on 076 797 1197
17/04/2026
අධ්‍යාපනයේ සහ ජීවිතයේ සෑම පැතිකඩකින්ම ඉදිරියට යන්න දරුවන්ට තමන්ගේ දෙමව්පියන් අත්‍යවශ්‍ය සාධකයකි.
දෙමව්පියන්ගේ මානසික සෞඛ්‍යය යහපත් නම් දරුවන්ගේ මානසික සෞඛ්‍යය ද යහපත් බව බොහෝ පර්යේෂණවලින් පෙන්වා ඇත.
මෙම වැඩසටහන තුළදී එම මානසික සුවය ගැන බොහෝ කාරණා කතා කිරීමට සැලසුම් කර ඇත. එය වැඩමුළුවක් ලෙස පැවැත්වෙන නිසා ඔබටද විනෝදයෙන් සහ උනන්දුවෙන් එයට සහභාගි වී බොහෝ දේ දැනගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරමු.
සෑම කෙනෙක්ගේම පැමිණීම බලාපොරොත්තු වෙමු.
ස්තුතියි.
Mrs Hansini Alexander
Psychological Counselor
0767971197
ඔබේ පවුල රැක ගන්න
පවුල යනු මේ විශාල ලෝකයේ අපිට අපේ කියලා කියන්න පුළුවන්, අපේ හදවතට ලඟින්ම තිබෙන, අපිට අපිම විය හැකි එකම ස්ථානයයි.
ඔබේ බිරිඳ හෝ සැමියා සහ දරුවෝ සමග ගත කරන ජීවිතයේ වටිනාම වස්තුව එම පවුල අතර තිබෙන සම්බන්ධතා පමණයි.
ඔබේ ශක්තිය පිරිහුණු දවසට බව ඔබේ රැකියාවට අවශ්‍ය වන්නේ නැත. ඔබ වෙනුවට තරුණ කෙනෙක් එම ස්ථානයට බඳවා ගන්නවා ඇත. ඔබෙන් යමක් නොලැබුණු විට ඔබේ බොහෝ යහළුවන්ද ඔබව තනිකරනවා ඇත. නමුත් කවදා හෝ බට අවශ්‍යතාවයක් පැන නැගුණු විට සහ ජීවිතයේ දුර්වලම මොහොතක ඔබේ ලඟින් සිටින්නට යන්නේ ඔබේ පවුල පමණයි. එවැනි අවස්ථාවක් ඔබට තවමත් මුහුණ දීමට සිදුනොවී ඇත්නම් ඒවා අනාගතයේදී අනිවාර්යෙන්ම සිදුවන බවට තේරුම් ගන්න. එවැනි මොහොතක මේ විශාල ලෝකයේ අපිව තනි නොවී උසුලා ගන්නට යන්නේ අපේ පවුලේ අය පමණයි.
මේ පවුලේ සබඳතා වලට අපි කාලය වැය කළ යුතුයි. ඒ අයත් සමග අපිට තිබෙන හොඳම දේ බෙදාගත යුතුයි. ඔවුන් සමඟ ගත කරන කාලය කවදාවත් නාස්තියක් නොවේ. බොහෝ දෙමව්පියන්ව දරුවන් නොසලකන කාලයකට අපි පැමිණ සිටින්නේ එම දෙමව්පියන් දරුවන්ගේ අවශ්‍යතා සොයා බැලූ නමුත් ඔවුන්ගේ හදවත බෙදා ගත්තේ නැති නිසයි.
මා ජීවත් වූ ජීවිත කාලය පුරා අත්දැකීම් වලින් දැනගත් එක් දෙයක් තිබේ. යම් පුද්ගලයෙක් පවුලෙන් බාහිරව ගොස් එම පවුලේ අයගේ සිත රිදවා පවුලේ අවශ්‍යතා නොසලකා හැරියොත් ඒ අයට යම් දවසක විඳින්න වෙන මානසික පීඩාව අධිකයි.
අපේ හෙට දවසේ කුමක් වෙයිද කියන ගැටලුව අපිට විසඳන්නටවත් තේරුම් ගන්නටවත් බැරිය. නමුත් අපේ පවුලේ අය සමඟ අපේ සම්බන්ධතා උවමනාවෙන් දැඩි ලෙස ආරක්ෂා කරගත් අයට අනාගතය ගැන සුරක්ෂිත බවක් ඇතිවෙයි.
ඔබේ පවුලට පිටින් ඇති වල්පැළ මොනවාදැයි සොයා ඒවා උදුරා ගින්නට දමා විනාශ කරන්න. තමන්ගේ පවුලට පිටින් ඇති සම්බන්ධතා, රැකියාවන්, ව්‍යාපාර, අධ්‍යාපන කටයුතු වෙනත් ඕනෑම දෙයක් ගැන බොහොම විමසිල්ලෙන් පසු වෙන්න. ඒවා තමන්ගේ ආදරණීය සම්බන්ධතා වලට බාධාව එල්ල කරන මොහොතේදීම හඳුනාගෙන ඒවාට පිළියම් යොදන්නට උත්සුක වන්න.
ඔබේ පවුලේ ගැටලු ගැන විශ්වාසවන්ත මනෝ විද්‍යාත්මක උපදේශනවලට යොමු වන්නට ලැජ්ජා වෙන්න හෝ පසුබසින්නට එපා. බටහිර ලෝකයේ ඇති සදාචාර අනුව දික්කසාද වීමට ඉක්මන් වෙන්නා වූ පවුල්. දැන් ලංකාව තුළත් ඉතා සුලබව දකින්නට ලැබෙනවා. නමුත් ඔවුන්ගේ දරුවන්ට ඇතිවෙන්නාවූ අනිසි මනෝමය ගැටලු ගැන ඔවුන් තකන්නේවත් නැත. අපේ සමාජය බොහොම ඉක්මනට තමන් ගැන විතරක් සිතන්නා වූ දිශාවකට මාරුවෙමින් සිටි. එයින් ඇතිවෙන්නට යන්නේ විකෘති සමාජයක් බව මතක තබා ගන්න. තමන්ගේ දෙමව්පියන්ගේ විවාහයන් කැඩුණු පවුල් වලින් එන දරුවන් අපරාධකාරයන් සහ නපුරු මානසික තත්ත්වවලට වැටෙන අවස්ථාවන් ඕනෑ තරම් පරීක්ෂණවලින් ඔප්පු කර ඇත. ඒවා ජයගන්න දරුවන්ද සිටින නමුත් ඔවුන් තුළත් ජීවිත කාලයකදීම තිබෙන්නට යන්නාවූ මානසික තත්වයන් දකින්නට ඇත.
ඔබේ පවුලේ සම්බන්ධතා ආරක්ෂා කරගන්න. මේ විශාල ලෝකයේ ඉතාමත්ම වටිනා ස්ථානය ඔබේ පවුලයි.
මනෝ විද්‍යාත්මක උපදේශිකා
හංසිනි ඇලෙක්සැන්ඩර් ෆොන්සේකා
Psychological Awareness program for Mothers in Awissawella Division
16/05/2025
Social Media Influencers නමින් හඳුන්වන පුද්ගලයන්ගේ බොරුවලට ඔබත් රැවටෙනවාද?
අද ලෝකයේ තිබෙන සෑම දේම අපිට ඉතාමත් ළඟින් තිබෙනවා. අපේ අපේ තිබෙන්නා වූ Phone එකෙන් අපිට ලොවේ තිබෙන ඕනෑම දෙයක් ගැන දැනගන්නට හැකියාව තිබෙනවා. නමුත් ඒ අන්දමින් අපි දැනගන්නා සියලු දේ සත්‍යයක්ද බොරුවක්ද කියා දැනගන්නට ක්‍රමයක් අපි සොයාගත යුතුයි. අපි දකින දේ අසන දෙය සිහි බුද්ධියෙන් විමසන පුද්ගලයන් ලෙස අපි ජීවත් විය යුතුයි.
Youtube, Tik Tok, Facebook, Instagram සහ අනෙකුත් සමාජ මාධ්‍යවල තමන්ගේ ඇත්ත ජීවිතය නොවන බොහෝ දේ රූගත කර ප්‍රසිද්ධ කර ඒ තුළින් මුදල් ගැනීමට බොහෝ දෙනා යොමු වී නැති කාලයකයි ඔබයි මමයි ජීවත්වන්නේ.
උදාහරණයක් ලෙස සමහර පුරුෂයන් තමන්ගේ බිරිඳ සහ දරුවෝ වෙනුවෙන් අති විශාල මුදල් වියදම් කරන ආකාරය, ගෙදර දොරේ වැඩ සියල්ල කරන ආකාරය, දරුවන් ඉල්ලන සියලුම දේ කරදෙන ලෙස නිරූපණය කර එවැනි වීඩියෝ සමාජගත කරයි. ඒ තුළින් අධික ලෙස වියදම් කිරීම ආදරය බව සමාජගත කරන්නට වැඩි වේලාවක් යන්නේ නැහැ. එය බලන ඕනම කෙනෙක් තමන්ගේ පුරුෂයා හෝ තමන්ගේ තාත්තා එම වීඩියෝවේ සිටින කෙනාට සංසන්දනය කර බලන්නට පෙළඹෙන්නට ඉඩ තිබෙනවා. අපි දකින දේ ඇත්තක්ද බොරුවක්ද කියලා විමසන්නටත් පෙර අපි වේදනාවට පත් වෙනව. ඔවුන් සමහර දේවල් එකම දවසේ කරාමෙන් edit කර පෙන්නුවොත් ඒවා රූගත කරන්නේ විවිධ දවස්වල බවත් ඔවුන් ඒවා තනියෙන් නොකර බොහෝ අයගේ උදව් ඇතිව කරන බව ඔප්පු වී තිබෙනවා. එලෙස වැඩිදුර විස්තර නොසොයා තමන්ගේ ජීවිතය සමාජ මාධ්‍යවල මැජබෙන්නා වූ අයගේ ජීවිත වලට සංසන්දනය කිරීමෙන් තමන්ගේ ජීවිතය (Real self vs Ideal self) ගැන කලකිරීමක් ඇතිවිය හැක.
තවත් උදාහරණයක් මම ඔබට පෙන්වන්නම්. සමහර කාන්තාවන් බොහෝ make up බඩු මිලදී ගත් බව අඟවමින් ඒවා භාවිතා කරන අයුරු ගැන video සාදමින් ඒවා පළ කරනවා. කාන්තාවකගේ ලස්සන තිබෙන්නේ make up භාවිතා කරොත් පමණයි කියා ඔවුන් පවසනවා. මෙවැනි මෝඩ අදහස් අපේ ජීවිතයට අනුගත කරගැනීමට ගිය හොත් එයින් ඇතිවන හානිකර බලපෑම මුළු පවුලටම බලපෑ හැකිය. එවැනි වූ මව්වරු තමන්ගේ පවුලේ අවශ්‍යතා පවා නොසලකමින් මෙවැනි දේ මිලදී ගන්නට පෙළඹෙනවා මම මගේ උපදේශන ජීවිතයේ දැක ඇත.
ඒ වගේම තවත් පුද්ගලයන් තමන්ගේ දරුවන්ගේ Video සාදමින් ඒවා ප්‍රසිදියේ පලකර මුදල් ලබා ගැනීමට යොමු වී ඇත. ඒවා කොතරම් ගුණාත්මකද නොමැතිද කියා ඔබ තීරණය කරන්න. නමුත් ඒවා නරඹන ඔබ ඔබේ දරුවාගේ අකමැත්තෙන් එවැනි දෙයක් කරන්නට ඔබේ දරුවාව පොලොබවන්න එපා. පුංචි දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට දෙමාපියන් බැඳී සිටිය යුතුයි. ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානියක් වන කිසිම දෙයක් අපි නොකළ යුතුයි.
තමන්ට නැති ජීවිතයක් social media වන සොය සොයා ඒවා නැරඹීමෙන් ඔබට වෙන ඵලක් නැත. ඔවුන් විඳින සැප, යන එන වාහන, ජීවත් වෙන නිවස, නිවාඩුව ගත කරන ස්ථාන, කෑම බීම ගන්න ආකාරය ඔබ සතුටු වෙන්නට බැලුවාට කමක් නැත. නමුත් බොහෝ වෙලාවට සිදුවන්නේ ඒ දේ බලා තමන්ට ඒවා නැතැයි කියා සිතමින් දුකට පත්වීමයි. තමන්ට ඒ දේවල් දෙන්නට බැරි දෙමව්පියන්, බිරිඳ හෝ ස්වාමිපුරුෂයා ගැන තරහක් සිතේ ඇති විය හැකි.
අද ඉන්නා තැනට වඩා ඉහළට යෑම සෑම කෙනෙකුගේම ඉලක්කය විය යුතුයි. ඒ සඳහා inspiration ඔබ සත්‍ය පුද්ගලයෙක්ගෙන් ලබාගන්න. අන්තර්ජාලයේ තිබෙන සියලුම දේ සත්‍යය නොවේ. එක්තරා එවැනි සතුටු පවුල් ජීවිතයක් පෙන්වා ගෙන ගිය යුවලක් ඔවුන්ගේ පවුලේ ඇත්ත තත්ත්වය ප්‍රකාශ කරමින් එම ස්වාමිපුරුෂයා අතින් බිරිඳව ඝාතනය විය. එවැනි ප්‍රවෘත්ති අපිට ඕනෑ තරම් අසන්නට ඇත. ඒ නිසා ඔබ ලබා ඇති ජීවිතය යහපත් කර ගැනීමට ඔබ වෙහෙසෙන්න. වෙන කෙනෙක්ගේ ජීවිතයට තමන්ගේ ජීවිතය සංසන්දනය කිරීම නවත්වන්න.
Mrs Hansini Fonseka Alexander
27/04/2025
ආදරයෙන් විවාහයට පත්වුණු ඔබ මේ වෙනකොට ගතකරන්නේ කනස්සලු වන ජීවිතයක්ද?
නිමාශා සහ අසංක මුණගැසුනේ උසස් පෙළ පන්තියේදී. නිමාෂාගේ ලස්සන ඇස් වලට අසංක ආදරය කිරීමට පටන් ගත්තේ නොදැනුවත්වමය. අසංක ඉතාම දක්ෂ නිහතමානී පිරිමි ළමයෙක් විය. ඔවුන් දෙදෙනා ප්‍රේමයෙන් බැඳෙන්නට වැඩි කාලයක් ගත වුණේ නැත.
වැඩිදුර අධ්‍යාපනයේ පසු ඔවුන් දෙදෙනා විවාහයට පත්වුණේ අනාගතය ගැන බලාපොරොත්තු ගොන්නක් හිතේ තබා ගෙන. ඒ අතර මේ පුංචි පවුලට ලස්සන දරු පැටියෙකුත් ලැබුණා. ඒ චූටි දුවගේ සිනහවෙන් මුළු ගෙදරම පිරී ගියා. නමුත් දුවට අවුරුදු පහ පසුවේගෙන එනකොට නිමාෂාත් අසංකත් අතර තිබුණු සම්බන්ධය තරමක වෙනස් ස්වභාවයක් ගත්තා.
මුලින්ම කුඩා ලක්ෂණ විදිහට පෙනෙන්නට තිබුනත් පහුවෙනකොට දෙදෙනාගේ සිත් රිදීම් එන්න එන්නම වැඩි වුනා.
මෙලෙස කාලයක් ගතවෙනකොට තවදුරටත් නිමා සටත් අසංකටත් ඔවුන්ගේ මුල්ම ආදරය මතක තිබුණේ නැහැ. ඔවුන් දෙදෙනා නිතරම දබර කරන අසතුටු අප්‍රිය ජීවිත ගත කරන අය බවට පත්වුණා. ඔවුන්ගේ දුවට පවා මේවා මානසිකව බලපෑම් එල්ල කරා.
ඉතින් මේ කතාවේ එන නිමාෂා සහ අසංකට ඉදිරිය ගැන බලාපොරොත්තුවක් නැද්ද? ඔවුන්ට තිබෙන එකම විසඳුම දික්කසාදයද? ඔවුන්ගේ මේ පවුලේ ගැටුම් විසඳා ගන්නට වෙනත් ක්‍රමයක් ඇත්තේම නැද්ද?
Integrative Behavioural Couples Therapy යනු බොහෝ කාලයක් තිස්සේ මනෝ විද්‍යාඥයන් අතර පර්යේෂණයට ලක්වීමෙන් බිහි වුනු අනගි මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක්ය. බලාපොරොත්තු රහිත වුනු විවාහයන්ට මෙය ඉතාම වටිනා උපකාරයකි.
එහි එන්නාවූ ප්‍රධාන කාරණාවන් කීපයක් මම ඔබට මෙසේ දක්වන්නම්.
* DEEP analysis තුළින් ඔබ දෙදෙනාගේ වෙනස්කම් මොනවාද යන්න හොඳට පැහැදිලි කරගත හැක. පිරිමි සහ ගැහැණු අය වෙනස්, ඔවුන් සිතන විදිහ ක්‍රියාකරන විදිහ වෙනස්. එවැනි වූ වෙනස්කම් ඔබේ විවාහයට බලපා ඇති ආකාරය මේ තුළින් ඔබට සොයා ගත හැක.
* ඒ වගේම ඔබ දෙදෙනාගේ Emotional sensitivities එකිනෙකාට වෙනස්ව පවතී. එයින් අදහස් වෙන්නේ යම්කිසි හැඟීමකට ඔබ දක්වන ප්‍රතිචාර එකිනෙකාගෙන් වෙනස්වන බවයි. උදාහරණයක් ලෙස නිමාෂා හැදී වැඩුණේ ආදරය නැති පවුලක නම් ඇය අසංකගෙන් බලාපොරොත්තු වෙන්නේ නිතරම අවධානයයි. ඒ වගේම අසංක හැදී වැඩුනේ ඕනෑවට වඩා තමන්ව පාලනය කරපු පරිසරයක නම් ඔහු සොයන්නේ නිදහසයි. මේ වගේ අපි එක එක්කෙනාගේ කුඩා කාලයේ අපි සැදුනු ආකාරය අනුව අපි හැඟීම් වලට ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් වෙනවා. එවැනි වෙනස්කම් තේරුම් ගෙන ඒවා පිළිගැනීම විවාහයකට සමාදානය ගෙන එනවා.
* ඒ වගේම විවාහයකට බලපෑම් එල්ල වන ප්‍රධාන ස්ථානයක් තමයි පිටතින් එන්නාවූ බාහිර බලපෑම්. අපි ඒවාට External stress කියා හඳුන්වනවා. ආර්ථික ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, රැකියාව ආශ්‍රිත ප්‍රශ්න මේවාට උදාහරණ වනවා. නමුත් මෙම ප්‍රශ්න තිබෙන්නේ ස්වාමිපුරුෂයාගේ බිරිඳගෙනුත් පිටින් බව තේරුම් ගැනීම ඉතාම වටිනවා. එවැනි වූ කාරණා නිසා පවුල තුළ ප්‍රශ්න ඇතිවෙන ලෙස අපි හැසිරෙනවා නම්, ඒ තුළින් පවුල් ජීවිතයට එන්නේ අසමාදානයක් බව අපි තේරුම් ගත්විට ඊට සුදුසු විසඳුම් ගැනීමට අපිට හැකි වෙනවා.
* මීළඟට අපි අපේ Patterns of Communication තේරුම් ගත යුතුයි. එනම් සන්නිවේදනය කරන්නේ කුමන ආකාරයටද යන්න තේරුම් ගත යුතුයි. උදාහරණයක් ලෙස නිමාෂාට ප්‍රශ්නයක් විසඳගන්න ඕනේ කතා කිරීමෙන් විය හැකි නමුත් අසංක ප්‍රශ්නයක් විසඳන්නේ ඒ ගැන නිදහසේ සිතන්නට කාලයක් ලබා ගනිමින්. නිමාශා කතා කිරීමට උත්සාහ කරන්නේත් අසංක නිදහස් කාලයක් ලබමින් උත්සාහ කරන්නේත් ප්‍රශ්නය විසඳන්නට බව දෙදෙනාම තේරුම් ගැනීම ඉතාම වටිනවා.
* මෙවැනි වූ විශ්ලේෂණාත්මක කාලයකින් පසුව ඔබ දෙදෙනාට ලබාදෙන ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් පවුල් ජීවිතයේ සමාදානය ඇතිවන පිරිස වැඩ කරන්නට පුළුවන් වෙනවා.
* එම සමහර ක්‍රියාකාරකම් නම් ඔබෙත් ඔබේ සහකරුවා හෝ සහකාරියගේත් වෙනස්කම් හඳුනාගෙන ඒවා පිළි අරගන්නටත් ඒවා තේරුම් අරගෙන ඒවා තමන්ට ඕන ආකාරයට වෙනස් නොකර සිටීමට උත්සාහ කිරීමත් ඇතුලත් වෙනවා.
* ඒ වගේම අලුත් සන්නිවේදන මාර්ග ඉගෙන ගැනීමත්, ප්‍රයෝජනවත් ලෙස එකතු වී කාලය ගත කිරීමත්, දෙදෙනා එකට ගත කරන කාලය මෙන්ම පෞද්ගලිකවත් තමන් ගැන සිතීමට කාලයක් ගත කිරීමෙනුත් බොහෝ ප්‍රයෝජන විවාහයකට ලැබෙනවා.
ඉතින් ඔබේ විවාහයේ හෝ ඔබ දන්නා කෙනෙකුගේ විවාහයේ මෙවැනි ගැටළු තිබෙනවා නම්, ඔවුන්ව මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වලට යොමු කර ඔවුන්ගේ ජීවිතයේ ඔවුන් බලාපොරොත්තු වුණු ප්‍රේමය සතුට පිරි ජීවිතයක් ගත කරන්නට ඔවුන්ට අපි උදව් කරමු.
02/04/2025
ඔබේ කේන්තිය, ළමා කාලය හා සම්බන්ධ ද?
අප සමාජයේ බොහෝ කතාවට ලක්වූ මාතෘකාවක් වන්නේ කේන්තියයි. එම කේන්තිය ඔබේ ළමා කාලයේ සිදුවූ සිදුවීම් සමග සම්බන්ධ වෙනවාද යන්න බොහෝ පරීක්ෂකයන් සොයා බැලූ කාරණාවක්ය.
මනුෂ්‍යයන් කේන්තියෙන් පිරුණු විට විවිධාකාරයෙන් හැසිරෙනවා. සමහර අය ඒක පිට කරනවා. සමහර අය එය දරාගෙන සිටිනවා. කේන්තිය පිට කරන අය නපුරු වචන වලින් බැන වැදීම, දේපල හානි කිරීම, කායික හෝ මානසික තුවාල ඇති කිරීම ජීවිත හානි වලට පවා පෙළඹෙනවා. කේන්තිය දරාගෙන සිටින අය එය හදවතේ තබා ගනිමින් වැරදි ක්‍රියාමාර්ගවලට පසුකාලයක් හෝ යොමු වීමට පුළුවන්.
මෙහිදී වඩාත් වැදගත් වන්නේ වෙනත් පුද්ගලයෙකු සමග ඇති සම්බන්ධයක් කිරීමට තරම් කේන්තිය මැදිහත් වන්නේ කෙසේද යන්නයි. ඔබට එවැනි කේන්තියක් තිබෙනවානම් අපි මොහොතක් නැවතී එවැනි මානසික ත්ත්වයක් ඔබට තිබෙන්නේ ඇයි දැයි විමසමු.
කේන්ති යාමට හේතුවක් ලෙස ඔබේ ළමා කාලයේ ඔබ මුහුණ දුන්නා වූ සිදුවීම් බලපාන ආකාරය බොහෝ පරීක්ෂකයන්ගේ අවධානයට යොමු වී තිබෙනවා. ඔබ යම් අපයෝජනා වූ අයෙක්ද, එසේ නැතිනම් ඔබගේ දෙමව්පියන් කේන්තියෙන් හැසිරෙන විදිහ බලාගෙන සිටි දරුවෙක්ද මේ දේවල් අද ඔබ වැඩිහිටියෙක් ලෙස කේන්තියෙන් හැසිරීමට බලපානවා.
ඒ වගේම මානසික ආතතිය හෝ විශාදය වැනි රෝගද ප්‍රධාන වශයෙන් බලපානවා. වරින් වර කේන්ති නොයන කෙනෙක් සොයා ගන්නට බැහැ. නමුත් ඔබට ඔබේ ජීවිතේ හැරී බලන විට ඔබේ ජීවිතේ වැඩි කාලයක් මේ සම්බන්ධව ගැටලුවක් තිබෙනවා නම් ඒ ගැන කරුණාකර සලකා බලන්න. ඔබේ කේන්තිය සම්බන්ධව ඔබ යම් මනෝ වෛද්‍ය ප්‍රතිකාරය නොපැතුවහොත් ඔබ වටා තිබෙන සියලු සම්බන්ධතා එම කේන්තියේ නපුරු ප්‍රතිඵල ඔබට ගෙන දේවි. ඔබෙන් ඉදිරියට වෙන පරම්පරාවටද එයින් බලපෑමක් ඇතිවේ. මන්ද ඔබේ දරුවන්ද ඔබේ කේන්තිය පිට කරන ආකාරය ගැන බොහෝ විමසිල්ලෙන් සිටිති.
කේන්ති නොයන පුද්ගලයෙක් නැත. කේන්තිය නම් හැඟීම්වලින් එකක් පමණයි. නමුත් පුද්ගලයෙක්ට කේන්ති ගිය විට හැසිරෙන ආකාරය යහපත් ත් ලෙස හෝ අයහපත් ලෙස තෝරා ගත හැක. කේන්තිය සම්බන්ධ මනෝවෛද්‍ය ප්‍රතිකාරවලට බෙහෙත් පමණක් නොව ඔබේ කේන්තිය ඇතිවීමට හේතු, එය පිට කළ හැකි ධනාත්මක ක්‍රම, එයින් ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල යන මේ සියල්ල ඔබට දැනගත හැක. ඔබේ හැඟීම් සහ ඒවා ප්‍රකාශ කර හැකි මාධ්‍ය ගැන ඔබ වඩාත් දැනුවත් වීමේදී ඒවයි තිබෙන අහිතකර බලපෑම් ඔබට නවත්වාගත හැක.
මනෝ විද්‍යා උපදේශිකා හංසිනි ඇලෙක්ස්සැන්ඩර්
19/03/2025
ඔබ ඔබේ දරුවාට යහපත් අම්මා කෙනෙක්ද? තාත්තා කෙනෙක්ද?
අපි කුඩා කල අපේ අම්මා සහ තාත්තා සමග තිබෙන සම්බන්ධතාවය අපේ මුළු ජීවිතයම හැඩ කරන බව ඔබ දැනටමත් දැනගෙන ඉන්නට ඇති. කුඩා දරුවෙක් ලෙස අපිට මුලින්ම ආදරය දුන්නු කිහිපදෙනෙක් සමග ඉතාම ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගන්නට අපි වෙහෙසෙනවා. ඉපදී පළමු වසර කිහිපය තුළම මෙම සම්බන්ධතාවයේ තිබෙන ශක්තිමත් බව අනුව දරුවාගේ චරිතය හැඩගැසෙන්නට ගන්නවා.
මනෝ විද්‍යාවේ එන Object Relations න්‍යාය අනුව මෙම කුඩා කල ගොඩනගන සම්බන්ධතා මුළු ජීවිත කාලයේම අපි වැඩිහිටියන් ලෙසත් ඇති කරගන්න සම්බන්ධතාවලට ප්‍රධාන ලෙස බලපානවා.
එනම් කුඩා කල දරුවෙක්ට ලැබෙන සෙනෙහස ආදරය ශක්තිමත් එකක් නම් එම දරුවා බය නැතුව සමාජයේ සමඟ සම්බන්ධතා ගොඩනගනවා. පවුල් ජීවිතේ තුළ ඔවුන් ඉතා මෙලෙක් ලෙස හැසිරෙනවා. තමන්ගේ දරුවන් පවා යහපත් ලෙස ගොඩනගනවා. වැඩ කරන ස්ථානවල අසල්වාසීන් සමග කලහකාරීකම අඩු සම්බන්ධතා ඔවුන් සාදාගන්නට ඉක්මන් වෙනවා.
නමුත් කුඩා කල තමන්ට ආදරය කිරීම හරියට දැනුනේ නැති දරුවෙක් සිටීනම් එම දරුවා සමාජයේ සමඟ ගොඩනගන සම්බන්ධතාවල ගැටලුකාරී තත්ත්ව මතුවෙනවා. ඔවුන්ගේ විවාහ ජීවිතවල, රැකියා ස්ථානවල, අසල්වාසීන් සමග මතුවන ගැටලුවලදී ඔවුන් සමාජ විරෝධී ලෙස හැසිරෙනවා. මේකට ප්‍රධාන හේතුව ඔවුන්ගේ චරිතය මුලින්ම ලැබිය යුතු ප්‍රේමය තුළ හරියට ස්ථිර වුණු නැති නිසයි.
ගොඩක් දෙමාපියන් තමන්ට පොඩි කාලේ නොලැබුණු ද්‍රව්‍යමය දේවල් තමන්ගේ දරුවන්ට ලබා දෙන්න වෙහෙසෙනවා. ඒ තමන්ගේ දරුවන්ට ඒක දී ලබන තෘප්තියටත් වඩා ඔවුන්ගේ කුඩා කාලයේ තිබෙන අඩුපාඩුව වසා ගැනීම පිණිසයි. ද්‍රව්‍යමය දේ දීමට බොහෝ දෙමව්පියන් දරුවන් ගැන නොසොයා දවසේ වැඩි කාලයක් රැකියාවන්වල නැතිනම් වෙන බාහිර වැඩවල නිරත වෙනවා. ඔවුන්ගේ තර්කය නම් මම වෙහෙසෙන්නේ මගේ දරුවන් උදෙසා කියන එකයි.
නමුත් ඔබ ඒ සියල්ල කර පිටිපස හැරී බලන විට ඔබේ දරුවා ඔබේ ළඟ නොසීකීමට ඇති හැකියාව ඉතාමත් වැඩියි. ඔබේ දරුවා උදෙසා ඔබ සියල්ල කරනවාය කියා හිතා ඔබ ඒ දේ කෙරුවත් සමහර විට ඔබ ඒ දේ කරන්නේ ඔබේ තෘප්තිය උදෙසායි. ඊටත් වඩා දරුවා සමග ගොඩනගන සම්බන්ධය තුළ, දරුවාට කාලය ලබාදීම තුළ ඔබේ දරුවා ඔබත් සමග පමණක් නෙමෙයි මුළු සමාජයත් සමගම යම් දවසක යහපත් ලෙස ජීවත් වෙන්නට යනවා.
ගොඩක් මිනිස්සුන් තමන්ගේ හදවතේ තිබෙන දේ එළියට ප්‍රකාශ කරන්නට කැමති නැහැ. එම කුඩා කාලයේ ඇතිවුණා වූ සිතේ කැළඹීම ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාම ඔවුන්ගේ මනස තුළ හොල්මන් කරත් ඔවුන්ට ඒවා වචන වලට පෙරලන්න ගොඩක් අපහසුයි. ඒ නිසාම ඒවා යටපත් කරන්නට ඔවුන් උත්සාහ කරනවා. ඒවාට අපි කියනවා Defense Mechanisms කියලා. නමුත් ඒවා යටපත් නොවී සෑම තිස්සෙම ඉස්මතු වෙන්නට දරන උත්සාහය තුළ අපි මානසික ආතතියකට ලක්වෙනවා. ඔබේ සිතුවිලි ගැන මෙන්ම ඔබේ දරුවාගේ සිතුවිලි ගැනද පෙරට වඩා ඉතා විමසිල්ලෙන් සිටින්න.
ඔබේ දරුවාට අවශ්‍යම කෙනා ඔබ මිස වෙන දෙයක් නෙමෙයි.
මනෝවිද්‍යා උපදේශිකා හංසීනී ෆොන්සේකා ඇලෙක්සැන්ඩර්
18/03/2025
මෙම post එකේ සඳහන් වන්නේ අපිට වඩා දැනුම තිබෙන අය අපි වටා සිටීම ආශිර්වාදයක් මිස අපිට අනතුරක් නොවන බවයි.
බොහෝ මනුෂ්‍යයන් තමන්ට වඩා දක්ෂ අය තමන් වටා තබා ගැනීමට බය වෙනවා. ඒ මොකද ඔවුන් තුළින් තමන්ගේ අඩුපාඩුව ඔවුන්ට පෙනෙන්න ගන්න නිසා. ඒක ජය ගන්න උත්සාහ කරනවා විනා ඔවුන්ව ඔබෙන් දුරස් කරන්න උත්සාහ කරන්න එපා.
අපි වටා අපිට වඩා දක්ෂ අය සිටිය යුතුමයි. ඔවුන් අපේ ජීවිතයට යහපත් ආදර්ශයක් සපයනවා. ඒක පිළිගන්නට නම් අපි නිහතමානී විය යුතුයි. නමුත් බොහෝ දෙනා වෙන කෙනෙක් දෙන උපදෙස් අඩු තක්සේරුවෙන් සලකනවා. යි කෙනෙක් නැහැයි කියා ඔවුන් විශ්වාස කරනවා. ඒකම ඔවුන්ගේ වැටීමට හේතු වෙනවා.
අපිට වඩා දක්ෂ අය අපේ ජීවිතයේ සිටීමේදී අපිට ඇතිවිය යුත්තේ බයක් නොව ආත්ම විශ්වාසයකි. අපිටත් ඒ විදිහට කරන්න පුළුවන් ඒ විදිහට ජයගන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය අපි තුළ ඇති වෙනවා.
මනෝ විද්‍යා උපදේශිකා - Mrs Hansini Fonseka Alexander
Click here to claim your Sponsored Listing.
Contact the practice
Telephone
Website
Address
11500
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |