ViralHumor

ViralHumor

Share

Digtal Creator

16/06/2024

ඔයාට ඕනෙ මාව අන්දන්න...
ඊට කලින් මම බලන්නෙ ඔයාව අන්දන්න...

14/06/2024

ඔයා දන්නවද ?
ඔයා මැරිලා ඔයාගේ අවමංගල්‍ය උත්සවයෙන් පස්සෙ සිදුවෙන දේ ?

පැය කීපයක් ගියාට පස්සෙ හැමෝම හඬන එක ටිකෙන් ටික නවතින්නට පටන් ගන්නවා

පවුලේ අය පවා කෑම බීම හදලා සංග්‍රහ කරමින් කාර්යබහුල වෙන්නට පටන් ගන්නවා

ඔයාගෙ යහළුවන්,නැදෑයින් ඇතුළු සියලුදෙනා තේ එකක් බොන ගමන් අවසන් කටයුතු ගැන කතා කරනවා

තවත් සමහරු ගෙදර අයට කෝල් කරලා හදිසි ගමනක් නිසා,හදිසි වැඩ වගයක් නිසා අවසන් කටයුතු වලට සහභාගීවෙන්න බැරි වෙන බව කියාවී

ඔබ රැකියාව කරන ස්ථානයේ ඔබ වෙනුවට පුද්ගලයෙක් සොයන්නට ගනීවි,වැඩට ගනීවි

ටික දවසකික් ඔයාට ළමයි ඉන්නවනම් ඒ අය පාසලට,රැකියාවට යන්නට පටන් ගනීවි.

ඒ අයගේ දුක ශෝකය නැතිවෙලා යාවී.

මාසයක් විතර ගියාට පස්සෙ ඔයාගේ බිරිඳ හෝ ස්වාමිපුරුෂයා සිනාසෙමින් මොනයම් හෝ කාර්යයක් කරමින් කාලය ගත කරාවි.
සමහරවිට සිනාසෙයි ඔබ ඔවුන් සමඟ සිටි අයෙකු නොවේ යැයි සිතමින්,

ඔයාව ටිකෙන් ටික අමතක වෙයි,මිනිසුන් පවා ඉක්මනටම ඔයාව අමතක කරයි

ඇත්තටම එහෙමනම් ඔයා ජීවත්වෙන්නෙ කවුරු වෙනුවෙන්ද කියලා ඇත්තටම ඔවා දන්නවද?

ඔයාගේ මුළු ජීවිත කාලයම අනිත් අය ඔයා ගැන මොනවා හිතයිද කියලා තමයි දුක්වුනේ,

ඒත් ඒ කිසිම දෙයක් ගැන කාටවත් තැකීමත් නෑ.

ඒ නිසා ඔයා ඔයාගේ ජීවිතය මේ ලෝක ස්වභාවයට අනුව ජීවත්වෙන්න උත්සහ කරන්න,අනුන්ගෙ දුක,සතුට ගැන හොයන්න , ඒත් ඊට කලින් තමන් කවුද ? ඔයාට ඇත්තටම මනුෂ්‍ය ජීවතයක් ලැබුනේ මොකටද ? ඔයා තනියම සසරේ මේ යන ගමනේ ඔයාට කරගත් යුතු දේ තව ඉතිරි වෙලා නේද ? මේ දේවල් කල්පනා කරන්න.

මේ ලෝකෙ,සමාජයේ මිනිස්සු මොනවා හිතුවත් ඒ දේවල් ගැන හිතලා මනසින් දුර්වල වෙන්න එපා . ඔබ ඔබේ සදාකාලික සැනසීමට පාර හදාගන්න.

ගෙවන හැම තත්පරයකම ඔයා හිතන්න තාමාට තාමාමයි පිහිට බව. ....෴

Want your business to be the top-listed Advertising & Marketing Company in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Negombo