Thingerbits.LK
We provide easy DIY Kits coupled with easy tutorials to help people get started as makers.
Welcome to the second lesson in Arduino programming in Sinhala! In this tutorial, we dive into LED blinking and patterns. Learn how to make your LEDs dance to your commands with simple code snippets. Whether you're a beginner or an experienced Arduino enthusiast, this video will equip you with the skills to bring your projects to life. Watch now and elevate your programming game!
ආර්ඩුයිනෝ හැදින්විම : https://youtu.be/ZgkWggZts6k
Arduino Programming 01 / LED Blink : https://youtu.be/GUwFWzOQJw8
Table of Contents
--------------------------
00:00 - හැදින්විම
02:52 - 10 LED blink / Knight Rider pattern
04:35 - Sketch 1 / Knight Rider pattern
09:35 - අරාව (Array)
15:16 - Loop
15:30 - While loop
17:06 - do while loop
18:21 - for loop
20:40 - Sketch 1 Upgrade
36:46 - LED bar graph Display
Welcome to the world of Arduino programming in Sinhala! In this exciting tutorial, you will learn how to make an LED blink with your Arduino board. Whether you're a beginner or looking to expand your coding skills, this video will guide you through step by step. Get ready to illuminate your projects with this fun and educational lesson!
ඔබට ඔබගේ අදහසකට නව නිර්මාණයක් කිරීමට අවශ්‍ය නම් මෙම පාඩම් මාලාව සහ ඒ සමග ඔබට ලැබෙන උපාංග කට්ටලය ඔබට ගොඩක් වැදගත් වේවි. ඔබ මීට කලින් ආර්ඩුයිනෝ ගැන ආසා ඇතැයි සිතමි. අසා නැතිනම් ඒ ගැන කරදර වෙන්න අවශ්‍ය නැති අතර මෙය භාවිතයෙන් ඔයාට නිර්මාණාත්මක ආර්ඩුයිනෝ ව්‍යාපෘති 30 කට අසන්න ප්‍රමාණයක් ලේසියෙන් ඉගනගන්න අවස්ථාව හිමි වන අතර එමගින් ඔබට ආර්ඩුයිනෝ පිලිබදව හොද අවබෝධයක් ලබා ගත හැකිය.
ආර්ඩුයිනෝ යනු පහසුවෙන් භාවිතා කළ හැකි hardware (දෘඩාංග) සහ software (මෘදුකාංග) මත පදනම් වූ විවෘත මෘදුකාංග (Open Source) ඉලෙක්ට්‍රොනික් ෆ්ලැට්ෆෝම් එකක්. මෙය භාවිතා කර ඕනෑම කෙනෙකුට නව ව්‍යාපෘති, උපාංග නිර්මාණය කළ හැකියි. ආර්ඩුයිනෝ වලට කැමති බොහෝ පිරිසක් ලෝකයේ සිටි. ඒ වගේම අපේ රටෙත් ගොඩක් දෙනෙක් දැන් ආර්ඩුයිනෝ භාවිතා කරනු ලබන අතර ඔවුන් හැමදාම නව ගුණාත්මක විවෘත කේත (codes) හා පරිපථ (circuit) සකස් කිරීමට දායක වේ. එබැවින් අපගේ නිර්මාණශීලීත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා එම නිදහස් කේත සහ පරිපථ වඩාත් කාර්යක්ෂම විදියට භාවිතා කිරීමට අවස්ථාව හිමිවේ..
සාමාන්‍යයෙන් ආර්ඩුයිනෝ ව්‍යාපෘති කේත (programming code) සහ පරිපථ වලින් සමන්විත වේ. ඔබ කවදාවත් යම් කේත හා පරිපථය සමඟ කටයුතු නොකළේ නම්, ඒ ගැන වද වීමට අවශ්‍යය නැත. මෙම පාඩම් මාලාවෙන් ක්‍රමානුකූලව C ක්‍රමලේකන භාෂාව (programming language) සහ ඉලෙක්ට්‍රොනික් පිළිබඳ මූලික දැනුම හඳුන්වා දෙනු ඇත. එමගින් ඔබට පරිපථ නිර්මාණය කිරීම පහසු කරවන අතර මෙම උපාංග කට්ටලයට අවශ්‍ය සියලු ඉලෙක්ට්‍රොනික් components සහ මොඩියුල (Module) අඩංගු වේ. එමගින් ඔබට ව්‍යාපෘති සම්පූර්ණ කිරීමේ අවස්ථාව හිමි වේ. ඔබට ඕනෑම මොහොතක ක්ෂණික සහ නොමිලේ තාක්ෂණික සහාය ලබා ගත හැකිය. මෙම පාඩම් මාලාව අලුතෙන් ආර්ඩුයිනෝ ඉගෙන ගන්න ඔබට එය ගොඩක් වැදගත් වේවි.
Full Guide : https://thingerbits.lk/development-board/arduino-lesson-02-led-blink-sinhala/
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Rajagiriya
10100