Simple With Dil
Just a simple girl sharing her simple world.
🌸Daily vlogs, aesthetic views & memories. ✨
බොමුද කිරි කෝපි එකක්☕
මේ පොසොන් දවසේ ගත්ත විඩීයෝ එකක් හැබැයි අද තමා දාන්න පුලුවන් වුනේ
04/07/2026
Good Morning 🌄
සීගිරිය අසිරිය
Today📸
03/07/2026
ජීවිතේ සරල වෙන තරමට සතුට වැඩියි. අද දවසත් සිනහවෙන් සහ සතුටින් ගත කරන්න ශක්තිය ලැබේවා! 🌸🍃
සුභ උදෑසනක්!
More
01/07/2026
Good Morning!
☕🌿දවස පටන් ගන්න හොඳම විදිහ. රස වගේම ගුණ පිරි උණුසුම් කුරක්කන් කැඳ කෝප්පයක්!
හැමෝටම සුබ උදෑසනක් වේවා! ✨🌸
29/06/2026
අද පොසොන් පෝය දවසේ දන්සල් වඳින්න නම් මට ලැබුණේ නැහැ. මට ඉතින් හිතට හරි නැහැ. ඒ නිසා මම කඩල තම්බලා තෙම්පරාදුවක් දැම්මා. ඒකට ගැළපෙන්න රසම රස කිරි කෝපි එකකුත් හදාගෙන මම දන්සල් feeling එක ගෙදරදීම ගත්තා.
සුභ රාත්‍රියක් වේවා!
29/06/2026
මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් ලක්වැසි අපට දායාද වූ ඒ උතුම් නිර්මල බුදුදහම, අපේ ජීවිත ආලෝකවත් කළා.
උතුම් පොසොන් පුර පසළොස්වක පෝය දිනයේ ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජයාණන් වහන්සේගේ මෙවන් පින්බර දසුනකින් ඔබ සැමගේ සිත් සතන් නිවී සැනසේවා! 🙏✨
— Simple With Dil —
27/06/2026
Good Evening 🌅
හවසට තේ බොන්න කලින් නි
කම් ඉන්න ගමන් හපන්න මරුම කෑමක් තමයි ඉතින්. ☕️ Sneakers
මට නම් මේක කන්න පුදුම ආසාවක් තියෙන්නේ. හැබැයි ඉතින් මේවායේ ලොකු පැකට් නැද්ද කොහෙද?එහෙම ලොකු පැකට් එකක් තිබ්බා නම් මරු, අනේ😜 එහෙම තියෙනවා නම් කොච්චර හොඳද! 🤩ඉස්සර නම් මේ පැකට් එකේ හෙන ගොඩක් තිබුණා වගේ මතකයි. හැබැයි අදටත් කඩේක පේන්න එල්ලලා තිබුණොත් අනිවාර්යයෙන්ම අරගෙනමයි එන්නේ. ❤️✨..
-Simple With Dil
27/06/2026
🌞 Good Morning !
අද උදෙන්ම ටවුන් එකේ වැඩ කිහිපයක් දාගෙන තියෙන නිසා, උදේ කෑමට ඉක්මනින්ම ගන්න පුළුවන් සැහැල්ලු යෝගට් එකක් තෝරගත්තා. 🥣✨ ටිකක් කාර්යබහුල උදෑසනකට මේ වගේ සැහැල්ලු ආහාරයක් ගත්තම දවස පුරාම ඇඟට මහන්සියක් නැතුව පහසුවෙන් ඉන්න පුළුවන්.
හැමෝටම සුබම සුබ දවසක් වේවා!
🌸Simple with Dil ✨
26/06/2026
☕ හවස් වරුවට රසම රස ඉඟුරු බිස්කට් එක්ක කහට කෝප්පයක්!
😋🌱
ඇත්තටම අද උදේ පෝස්ට් එකක් දාන්න බැරි තරමටම ටවුන් එකේ වැඩකට හිර වුණා. හැබැයි ඉතින් හවස් වරුවේ මහන්සිය නිවාගන්න මම ගොඩක්ම ආස කරන ඉඟුරු බිස්කට් ටිකක් එක්ක උණු උණු කහට කෝප්පයක් ලෑස්ති කරගත්තා.මේ දෙකේ එකතුව නම් ඇත්තටම මරු!
ඔයාලත් හවසට තේ බොන්න ආසම මොනවා එක්කද? 👇❤️
සුබ සැන්දෑවක් වේවා! ✨Simple with Dil ✨
"ඊයේ උදේටයි දවල්ටයි මහා සංඝරත්නය සදහා පන්සලට දානය තිබ්බේ අපේ ගෙදරට.උදේ කලබල වැඩි නිසා මට උදේට හදපු කෑමවල videos ගන්න බැරි වුණා. හැබැයි මට පුලුවන් වුනා දවල් දානෙට හදපු කෑමවල පොඩි පොඩි clip ටිකක් ගන්න.අහල පහල අයටත් අපි බත් පාර්සල් කිහිපයක් දුන්නා.හිතට මාරම සතුටක් ,, සැනසිල්ලක් දැනුන දවසක්.
🙏
-Simple With Dil
Click here to claim your Sponsored Listing.
Address
Ruwanwella