We Go Deep

We Go Deep

Share

Dive with the "We Go Deep"

We bring the world to your fingertips, where you can't reach...!!

�Diving
�Surfing
�Snorkelling
�Hiking
�Trekking
�Camping

06/07/2024
14/05/2024

🐳🐋Whale and Dolphin watching in Trincomalee

🐳Got to witness these gentle giants up close. Feeling humbled!

☎️Contact us for booking at Trincomalee

🇱🇰

28/03/2024

Parrot Fish - ගිරා මසුන්

ගිරා මසුන් යනු ශ්‍රී ලංකා මුහුද වැනි සාපේක්ෂ නොගැඹුරු නිවර්තන සාගර කාලාප වලට අයත් කොරල්පරවල, ගල්පර සහිත මුහුදු තීරයන්ගේ සහ මුහුදු තෘණ බිම්වල දක්නට ලැබෙන දීප්තිමත් වර්ණ සහිත මත්ස්‍ය විශේෂයකි. ඔවුන් Scaridae පවුලට අයත් වන අතර, විශේෂ 95 ක් පමණ ලොව පුරා කොරල්පර වල ජීවත් වෙයි. ගිරා මසුන් රතු, කොළ, නිල්, කහ, අළු, දුඹුරු හෝ කළු යන විවිධ වර්ණයන්ගෙන් දැකිය හැකිය.

එකම විශේෂයේ පිරිමි සහ ගැහැණු සතුන් සාමාන්‍යයෙන් තරමක් වෙනස් පෙනුමකින් යුක්ත වේ. මොවුන්ට විශාල ඝන කොරපොතු ඇත. ගිරා මසුන් සාමාන්‍යයෙන් අඟල් 12 - 20 ක් දක්වා වර්ධනය වන අතර සමහර විශේෂ මිනිසෙකුගේ උස ඉක්මවයි.
මොවුන් ඉතාමත් ක්‍රියාශීලී මසුන් විශේෂයකි. රාත්‍රී කාලයේ දී මෙම මසුන් ආවරණයක් තුළට රිංගා තම සම තුලින් ශ්ලේෂ්මල තරලය ඝනව නිපදවා කෝෂයක් මෙන් ඝන ආවරණයක් සාදාගෙන රාත්‍රී කාලය පුරාම ආරක්ෂා වී සිටී. ඊලග උදය ආරම්භ වීමත් සමග එම කෝෂය බිඳගෙන එලියට පැමිණේ.

ශ්‍රී ලංකාවේ බහුලව පරිභෝජනය නොකලත් ඇතැම් රටවල ආහරමය මත්ස්‍යයන් ලෙස බහුලව භාවිතා වේ. ශ්‍රී ලාංකික ධීවරයින් මොවුන් හඳුන්වන්නේ "ගිරව්" යනුවෙනි. මොවුන්ට ගිරවුන් වැනි පෙනුමක් ලබා දීමට හොටක් වැනි දත් එකිනෙක සම්බන්ධ වී සෑදී ඇති මුඛයක් ඇත. මෙම ශාක භක්ෂක මත්ස්‍යයන් ගල්පරය පුරා පාෂාණ මතුපිට වැඩෙන කොරල්පර සහ ඇල්ගී මත ජීවත් වෙමින් පෝෂණය වේ. ශක්තිමත් හොටක් වැනි එකිනෙක සම්බන්ධ වූ දත් සහිත මුඛය, මෙම මසුන් ගල් කොරල් කැබලි සපා කෑමට යොදා ගනී. මොවුන් සැලකිය යුතු ජෛව ඛාදනයක් ඇති කරන පරිසර හිතකාමී මත්ස්‍යයෙකු ලෙස සැලකේ. ඒ වගේම මේ මත්ස්‍යයන්ගේ ආහාර ක්‍රියාවලිය නිසා වසරකට එක් මත්ස්‍යයකු පිරිසිදු වැලි කිලෝ 320 ක් පමණ මුදාහැරීම සිදුකරනු ලැබේ. මේ වැලි ද සාගරයේ පැවැත්මට බොහෝ සේ උපකාරි වෙ.

මෙම මසුන් නැරඹීමට බොහෝ විදේශීය සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙන බැවින්, ඔවුන් ශ්‍රී ලංකාවේ සැලකිය යුතු සංචාරක ආකර්ෂණයකටද හේතුවෙයි. ගිරා මත්ස්‍යයින් මඟින් ලංකාවේ කොරල්පර රැකගැනීමට ලැබෙන දායකත්වය අතිමහත්ය.

නිවර්තන කලාපයේ කොරල්පර බොහොමයක් අහිතකර ඇල්ගී මගින් පීඩාවට ලක් වී ඇත. මෙයට ප්‍රධාන හේතුව ප්‍රමාණවත් ගිරා මත්ස්‍ය ගහනයක් එම කොරල්පර ආශ්‍රිතව දක්නට නොලැබීමයි. අනෙකුත් ශාක භක්ෂක මසුන්ගෙන් ගිරා මත්ස්‍යයන්ගෙන් සිදුවන සේවය සිදු නොවේ. වාර්තාවලින් ප්‍රබල ලෙස තහවුරු වී ඇති කරුණක් වන්නේ 1980 දශකයේ ගිරා මසුන්ට අභයදානය ලබාදුන් ස්ථාන වලට ආශ්‍රිත කොරල් පර මේ වන විට සුවපත් වෙමින් පවතින බවයි.

මසුන් ඇල්ලීම හේතුවෙන් මෙම විශේෂය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර, ශ්‍රී ලංකාව තුළ ගිරා මසුන් ඇල්ලීම තහනම් කරන ලෙසට ඉල්ලීම් කලද තවමත් මෙම මත්ස්‍ය විශේෂය මත්ස්‍ය වෙළඳපොළ තුළ තරමක ආකර්ෂණයකින් පරිභෝජනය වෙයි.

ධීවර මිතුරනි, ඔබේ දැලට බිලී කොක්කට හසුවන ගිරා මත්ස්‍යයාට අභයදානය දෙන්න. එය අනාගතයේ ගොඩනැගෙන නිරෝගිමත් කොරල් පරයක් ආශ්‍රයෙන් වඩාත් සරු මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට හේතුවනවා නොඅනුමානයි.

Copied.

Want your business to be the top-listed Gym/sports Facility in Trincomalee?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Trincomalee