Ceylon Trend Hub
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Trend Hub, Digital creator, Amunugoda,, .
18/12/2025
ප්‍රශ්නගත ඉන්දියානු සමාගමක් මගින් ආනයනය කරන ලද ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ වර්ග දහයක් වහාම භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන ඇත.
ආරක්ෂාව සහ අවදානම් ඇඟවීමේ උපකමිටු තීරණවලට අදාළව ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලැබුණු අඛණ්ඩ, අහිතකර ඖෂධ ප්‍රතික්‍රියා වාර්තා සහ මහනුවර ජාතික රෝහලේ උපදේශක ක්ෂුද්‍රජීව විද්‍යාඥයාගේ මූලික විමර්ශන වාර්තා ද පදනම් කරගෙන එම අධිකාරිය මෙම තීරණය ගෙන තිබේ.
ඉතිහාසයේ පළමුවරට රෝහල්වල භාවිත වෙමින් පැවති ඖෂධ වර්ග දහයක් තත්ත්වයෙන් බාලවීම හා ආසාත්මික ප්‍රතික්‍රියා ඇතිවීමේ සැකය මත මෙසේ ඉවත් කිරීමට පියවරගෙන තිබේ.
2024 – 2025 සමයේ මෙරටට ගෙන්වන ලද වමනය සඳහා ලබාදෙන ondesterone injection (ඔන්ඩෙස්ට්‍රෝන් එන්නත්), ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ වන Cefotaxime, Co – Amoxyclave, Imipenum, Merapenum, Piparacillin, Tozabactu යන එන්නත් වර්ග උණ, වලිප්පුව හා මානසික රෝග සඳහා ලබාදෙන Haloperidol, යකඩ ඌනතාවයන්ට ලබාදෙන Iron Sucrose සහ තවත් ප්‍රබල ප්‍රතිජීවක ඖෂධයක් වන Sulbacturn Cefoperazone Injection යන ඖෂධ මෙලෙස භාවිතයෙන් ඉවත් කර තිබේ.
මෙම ප්‍රශ්නගත සමාගමෙන්ම ගෙන්වන ලද ඖෂධ කාණ්ඩ සියයකට වැඩි ප්‍රමාණයක් පසුගිය වසර දෙකක් පුරා කීප අවස්ථාවකදී ගුණාත්මකභාවය බිඳවැටීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගත් බවට වාර්තා වී ඇතැයි වෛi හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛiවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
මෙරට ඖෂධ සැපයුම, නියාමනය සහ බිඳවැටීම පසුගිය කාලසීමාව මුළුල්ලේම නිසිපරිදි පරිපාලනය සහ කළමනාකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය, ඖෂධ නියාමන අධිකාරිය හා රාජ්‍ය ඖෂධ සංස්ථාව අසමත් වූ බැවින්, එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට පාලනයකර ගත නොහැකි අන්දමින් ඖෂධ නියාමනය බිඳවැටී ඇතැයි ද එම සන්ධානය කියයි.
ප්‍රශ්නගත අදාළ ඖෂධ සමාගම මගින් මෙරටට ගෙන්වන ලද සියලුම ඖෂධ නිෂ්පාදන අත්හිටුවීමට ද ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබේ.
පෙරේදා (16දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක, ඇමැති වෛi නලින් ද ජයතිස්ස මහතා මෙසේ සඳහන් කළේය.
‘ඔන්ඩෙස්ට්‍රෝන් එන්නත’ භාවිත කළැයි පැවසෙන මරණ දෙකක් පිළිබඳව වාර්තා වෙනවා. අයි. ඩී. එච්. රෝහලින් වාර්තා වන මෙම මරණ දෙක අවුරුදු 37ක් වයසැති හබරකඩ ප්‍රදේශයේ කාන්තාවක් සහ අවුරුදු 23 ක් වන මතුගම ප්‍රදේශයේ තරුණියක්.
මේ ඖෂධය භාවිතයෙන් පසු සංකූලතා ඇතිවූ බවට වාර්තාවීමත් සමග එය භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තා. මෙම ඖෂධය ලංකාවට සැපයීම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් 11 ක් සිටියා.
ඔවුන් ඉන්දියාවේ හෝ බංග්ලාදේශයේ නිෂ්පාදිත ඖෂධ තමයි සපයන්නේ. නමුත් මේ ඖෂධ ඔවුන් සපයන්නේ ඹීඡ ෆාමකෝසියා යටතේ. මෙම කරුණු විකෘති කර ඇතැමුන් අදහස් දක්වා තිබුණා. මේ එන්නත 2021 ජූලි මාසයේ 01 – 13 ප්‍රසම්පාදන කටයුතු කර අඩුම මිල ගණන් ඉදිරිපත් කළ ඉන්දීය සමාගමට නියමිත ප්‍රමිතිය නොතිබූ නිසා දෙවැනි සැපයුම්කරුට ටෙන්ඩරය ලබාදී තිබෙනවා. පසුව කොටස් දෙකකට යුනිට් එකළොස් ලක්ෂ අනූනවදහස් හයසියයක් 2025 මාර්තු සහ ජූලි මාසවල ලබාදෙන්නේ 2021 ටෙන්ඩරයට අදාළව. ඊටම අදාළව 2024 අගෝස්තු මාසයේ නිෂ්පාදිත කාණ්ඩයේ සාම්පල දෙකකට සහ 2025 මාර්තු මාසයේ නිෂ්පාදිත සාම්පල දෙකකටත් මෙම තත්ත්වය බලපා තිබෙනවා.
මේ පිළිබඳව දැන් රසායනාගාර පරීක්ෂණ සිදුවෙනවා. මරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ පවත්වනවා.
මෙම ප්‍රශ්නගත ඖෂධ භාණ්ඩ ගෙන්වනු ලැබ ඇත්තේ Maan Pharmaceuticals Ltd නමැති ඉන්දියානු ඖෂධ සමාගමකින් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.{දිවයින}
18/12/2025
ඉකුත් දෙසැම්බර් 7 දා සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ උරග උයන තුළ නිරෝධායනය සඳහා යොමුකර සිටි ලංකාව සතු එකම කහ ඇනකොන්ඩා පැටවා පෙරේදා (16 දා) උරග උයනේ යකඩ පෙට්ටියක සිටියදී හමුවූ බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ පවසයි.
මේ පිළිබඳව උරගයින් භාරව සිටි සත්ව භාරකරු අතපසුවීමකින් කහ ඇනකොන්ඩා පැටවා රඳවා සිටි පෙට්ටියේ දොර වසා නොතිබීම නිසා පැටවා එළියට ගොස් ඇති බව පැවසේ.
පසුගිය දින කිහිපය පුරාම සේවකයන් යොදවා කහ ඇනකොන්ඩා පැටවා සොයාබැලුව ද සොයාගැනීමට නොහැකි විය.
මේ අතරතුර කහ ඇනකොන්ඩා පැටවා අතුරුදන්වීම සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ ආරම්භ කෙරුණු අතර එහි වාර්තාව ප්‍රමාද කර දින 9 කට පසුව අදාළ ඉහළ නිලධාරිනිය විසින් ඉකුත් 16 දා අධ්‍යක්ෂ ජනරාල්වරයාට භාර දී තිබිණි.
එම වාර්තාවට අනුව උරග උයනේ කහ ඇනකොන්ඩා පැටවා භාරව සිටි සත්ව භාරකරුගේ වැඩ තහනම් කෙරිණි.
මෙලෙස වැඩ තහනමට ලක්කර පැය 24 ක් ගතවීමට මත්තෙන් උරග උයනේ යකඩ පෙට්ටියක් තුළ සිටි කහ ඇනකොන්ඩා පැටවා සත්වෝද්‍යානයේ වෙනත් අංශයක සේවකයකු විසින් සොයාගත් බව සත්වෝද්‍යාන බලධාරීහු ප්‍රකාශ කරති.
කාන්තාවක විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කහ ඇනකොණ්ඩා (Yellow Anaconda) ඇතුළු සර්ප විශේෂ හතරකට අයත් සර්පයින් 6 දෙනකු කටුනායක ගුවන් තොටුපළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රැකබලා ගැනීම සඳහා පසුගිය සැප්තැම්බර් 15 වැනිදා දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත භාරදීමෙන් අනතුරුව උරග උයන තුළ නිරෝධායනයට යොමුකර තිබිණි.
එසේ සිටියදී අවුරුද්දක් වයසැති අඩි 1 1/2 – 2 දිග සත්වෝද්‍යානය සතුව සිටි ලංකාවේ එකම කහ ඇනකොන්ඩා පැටවා නැති වූ බවට දෙහිවල පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
කෙසේවුවද දෙහිවල සත්වෝද්‍යානය තුළ 2015 වර්ෂයේ දී ‘සුදු නයා’ සොරකම ප්‍රසිද්ධ රහසක් විය.
ඒ ආකාරයටම 2025 වර්ෂයේ ‘කහ ඇනකොන්ඩා’ සොරකම සමාන බවත් මේ ආකාරයට සතුන් අතුරුදන් වීමේ සිද්ධිවල පරීක්ෂණ සිදුවෙද්දී සොරකම් කළ සතුන් යළි හමුවීම පිටුපස අභ්‍යන්තර සේවකයන්ගේ සම්බන්ධතාවක් ඇති ද යන්න සැක සහිත බව ද සත්වෝද්‍යාන සේවකයෝ පවසති.