OceanHub Ruhuna
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OceanHub Ruhuna, .
03/12/2022
SOFS
The first symposium of Faculty of Fisheries and Marine Sciences & Technology
25/09/2021
23/09/2021
❤️
Save the Dolphins, Ride a Mermaid😂
📷 Tony Myshlyaev
https://www.instagram.com/tones.of.blue/
02/08/2021
Bioluminescent - ජෛව දීප්තීය
ගොඩබිම නම් බොහො විට ඔබ දැක ඇති සුලබ දසුනක් තමයි කණාමැදිරියගෙ දීප්තිය. ඉතින් කණාමැදිරියන් වගේම සමහර සාගර වාසී සතුනුත් මේ වගේ අලෝක නිකුත් කිරීමට හැකියාව දරනවා.
ලෝකයේ බොහෝ සාගරය ආශ්‍රිතව පවතින ඉතා දැකුම්කලු සංසිද්ධියක් තමයි ජෛව දීපතිය.
සරලව ගත්තොත් ජීවී දේහ වලින් ආලොකය නිකුත් වීම තමයි ජෛව දීප්තිය කියන්නෙ. සමහර ජීවීන් සතුව පවතින ලුසිෆරීන් කියන රසායනික සංගටකය ඔක්සිකරණය වීමේදී ශක්තිය ආලෝකය ලෙස පිටවීමයි මීට හේතුව. සාමාන්‍යයෙන් 470nm පමණ සංඛ්‍යාතයක් සහිත නිසා නිල් කොළ වරණ වලින් දිස් වෙනවා.
සාගරයේ නම් විශාල ජීවී සංඛ්‍යාවක් ජෛව දීප්තිය පෙන්වනවා.(Bacteria, Dianoflagellates, Ctenophores, Cnidarians, Annelids, Molluscs, Crustaceans, Echinerdomates, Fish)
සමහර ජීවීන් සතුන් ස්වයං ජෛව දීප්තියට අමතරව වෙනත් ජීවීන් සමග සහයෝගයෙනුත් ආලෝක නිකුත් කරනවා. ( Angler fish ජෛව දීපතිය නිකුත් කරන බැක්ටීරියාවන් හිස මත ඇති මල්ලෙ බහාගෙන පිහිනනවා.)
ජෛව දීප්තිය අඳුරු ගැඹුරු සාගරයේ වගේම මතුපිට ස්තර වලත් දකින්න පුලුවන්. මෙය සිත්ගන්නා සුලු දර්ශනයක්.
ගොදුරු අල්ලා ගන්නත්, විලෝපිකයන් බිය වැද්දීමටත්, එකිනෙකා අතර සන්නිවේදනයටත් මේ සතුන් ජෛව දීප්තිය යොදා ගන්න බවයි සැලකෙන්නෙ.
✒️Sachith A. Karunarathne