Sandriesoft
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sandriesoft, Software Company, No 525 A, Hospital Road, .
18/09/2025
රාජ්‍ය සාහිත්‍ය සම්මාන - 2025
හොඳම ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධය ලෙස සැන්ඩ්‍රිසොෆ්ට් ප්‍රකාශනයක් වූ 'ෆෙයාර්බෑන්ක් බහු ලෝ පාසල' හිමි කරගත් අතර එහි කතුවරයා වන ජයරත්න ඉහළ කොඩිප්පිලි මහතාට අපගේ උණුසුම් සුබ පැතුම්!
22/08/2025
ප්‍රහාරයන්ට ලක් වූ යුක්රේන වැසියන්ගේ ශෝචනීය ඉරණම බෙහෙවින් ඛේදජනක ය. කේසෝන් ප්‍රහාරයෙන් දිවි රැකගැනීමට සමත් වූ දැරියක් අතුරුදහන් වූ තම සොහොයුරිය සොයා යන දුෂ්කර ගමනක් පිළිබඳ කථා පුවතක් මෙම නවකථාවට පාදක වෙයි. ඇය විවිධ අභියෝගවලට මුහුණ දෙමින් තම අරමුණ කරා යයි. මෙය කේසෝන් නගරයට පමණක් සීමා වූ කථා පුවතක් නොවේ. ඇය ඔබ යුක්රේන හිම වැටියෙන් ඔබ්බට ද රැගෙන යයි. යුද බිමේ අත්දැකීම් මෙන්ම සරණාගතයින්ට මුහුණ දීමට සිදු වන බරපතළ අවස්ථා පිළිබඳව ද ඔබ දැනුම්වත් කරයි.
යුක්රේන හිම වැටියෙන් එහා
ЗА СНІГОВИМИ ЗАМЕТАМИ УКРАЇНИ
✒️ ජයරත්න ඉහළ කොඩිප්පිලි
✅ එළඹෙන සැප්තැම්බර් මස 8 වැනිදා ඔබේ සුරතට...
20/08/2025
නෙවිල් කුලරත්නයන්ගේ "හදවතක සටහන්" කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම පසුගියදා හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය රංගශාලාවේදී පැවැත්වුණි.