Chrishantha Abeysena

Chrishantha Abeysena

Share

Minister of Science and Technology in Sri Lanka

Photos from Chrishantha Abeysena's post 16/06/2026

විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය විසින් 2024 සහ 2025 යන වර්ෂවල පවත්වන ලද තාරකා විද්‍යා පාඨමාලාවන් සාර්ථකව හැදෑරු සිසුන් අගයමින් පසුගියදා ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර පරිශ්‍රයේදී පැවති සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සහ විශේෂ රාත්‍රි අහස නිරීක්ෂණ කදවුර සදහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යවරයා ලෙස, අමාත්‍යාංශ ලේකම් වයි.එල්.මොහමඩි නවවි මහතා සමග සහභාගි වීමි.

පාසල් අවධියේ සිටම සිසුන් තුළ අභ්‍යාවකාශ සහ තාරකා විද්‍යාව පිළිබඳව උද්දීපනයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් එම විෂයන් පිළිබඳ දැනුම හා අවබෝධය ලබා දීම මෙම තාරකා විද්‍යා පාඨමාලාවන් තුළින් සිදු කෙරේ.

මෙම අවස්ථාවට විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂ (වැ.බ.) කලානි. එම්. ධනසේකර මහත්මිය, සහතිකපත්ලාභී පාසල් සිසුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

Participated, as the Minister of Science and Technology, along with Ministry Secretary Mr. Y.L. Mohamed Navavi, in the certificate awarding ceremony and special night sky observation camp held recently at the Sri Lanka Planetarium premises. The event honored students who successfully completed the astronomy courses conducted by the Sri Lanka Planetarium, which operates under the Ministry of Science and Technology, during the years 2024 and 2025.

The primary objective of these astronomy courses is to ignite a passion for space science and astronomy in students from their school days, providing them with essential knowledge and understanding of these subjects.

The event was attended by Ministry of Science and Technology Additional Secretary Mr. Mahesh Gammanpila, other Ministry officials, Acting Director of the Sri Lanka Planetarium Ms. Kalani M. Dhanasekara, as well as parents, the graduating students, and many others.

Photos from Chrishantha Abeysena's post 15/06/2026

ලෝක රුධිර දායකයන්ගේ දිනය - 2026

" මනුෂ්‍යත්වයේ බිඳුවකින් ජීවිත සුරකිමු - රුධිර සහ ප්ලාස්මාව පරිත්‍යාග කරමු " තේමා කර ගනිමින් ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරීම වෙනුවෙන් ප්‍රධාන උපහාර උත්සවයක් ඊයේ දින (ජුනි 14 ) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී රුධිර පරිත්‍යාගශිලීන් දහසකගේ සහභාගීත්වයෙන් පැවැති අතර එම උත්සවයට සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීමි.

ABO රුධිර ගණ පද්ධතිය සොයා ගැනීම වෙනුවෙන් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ ඔස්ට්‍රියානු විද්‍යාඥ කාල් ලෑන්ඩ්ස්ටයිනර්ගේ උපන් දිනය වන ජුනි 14 වන දින, ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය ලෙස වාර්ෂිකව සමරනු ලබයි. වර්ෂ 2005 දී පැවති, 58 වන ලෝක සෞඛ්‍ය සංවිධාන සම්මේලනයේදී ලෝක රුධිර පරිත්‍යාගශිලින්ගේ දිනය මුල් වරට ප්‍රකාශයට පත් කරන ලදි.

රුධිරයේ සහ රුධිර සංඝටක වල අවශ්‍යතාව හඳුනා ගනිමින්, සියයට සියයක් ස්වේච්ඡා රුධිර පරිත්‍යාග හරහා ආරක්ෂිත රුධිර පාරවිලයන සේවාවක් ලොව පුරා ස්ථාපිත කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරයි. නමුත් අද වන විටත් මෙම ඉලක්කය සපුරා ගැනීමට සමත් වී ඇත්තේ රටවල් 70 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් වන නමුත් ශ්‍රී ලංකාව 2014 වසරේදීම සියයට සියයක්ම ස්වේච්ඡා රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය ලබා ගන්නා රටක් බවට පත් වීම විශේෂත්වයකි.

ලෝක රුධිර පරිත්‍යාගශිලින්ගේ දිනයේදී, ජාතික රුධිර පාරවිලයන සේවය විසින් අපගේ රුධිර පරිත්‍යාගශිලින්, රුධිර පට්ටිකා දායකයන්, ප්‍රතික්‍රියක නිෂ්පාදනය වෙනුවෙන් රුධිරය පරිත්‍යාගශිලීන් සහ දුර්ලභ රුධිර පරිත්‍යාගශීලීන් ද විශේෂ ඇගයීමට ලක් කරනු ලැබීය.

රුධිරය හා රුධිර සංඝටක පාරවිලයනය කිරීම මගින් නුපන් දරුවාගේ පටන්, අලුත උපන් බිළිඳුන්, දරුවන්, තරුණයින්, ගැබිනි මව්වරුන් සහ වැඩිහිටියන් ඇතුළුව ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත බේරා ගැනීමට ඉවහල් වන ආකාරය පෙන්වා දෙමින් ස්වේච්ඡා රුධිර පරිත්‍යාගයේ වැදගත්කම සහ රුධිර පරිත්‍යාගයට දායක වන පුද්ගලයින් විසින් ඉටු කරන අමිල සේවාව පිළිබඳව ගෞරව පූර්වකව කෘතඥතාව පුද කළෙමි.

World Blood Donor Day - 2026

Participated as the Chief Guest at the main tribute ceremony held yesterday (June 14) at the BMICH to mark World Blood Donor Day, which was celebrated under the theme "Saving lives with a drop of humanity – Donate blood and plasma," with the participation of a thousand blood donors.

June 14, the birthday of the Austrian scientist Karl Landsteiner, who was awarded the Nobel Prize for discovering the ABO blood group system, is celebrated annually as World Blood Donor Day. This day was first declared during the 58th World Health Assembly held in 2005.

The World Health Organization (WHO) works to establish a safe blood transfusion service worldwide through 100% voluntary blood donations, recognizing the need for blood and blood components. Although only about 70 countries have successfully achieved this goal to date, it is a significant achievement that Sri Lanka became a country that obtains 100% of its blood from voluntary donors as early as 2014.

On World Blood Donor Day, the National Blood Transfusion Service specially recognized our blood donors, platelet donors, blood donors for reagent production, and rare blood donors.

Pointing out how the transfusion of blood and blood components helps save the lives of millions worldwide, from the unborn child to newborns, children, youth, pregnant mothers, and the elderly, I respectfully expressed my gratitude for the invaluable service rendered by the individuals who contribute to voluntary blood donation and emphasized its importance.

12/06/2026

දේශීය තාක්ෂණය කෘෂිකර්මාන්තය නවීකරණයට කුරුකුලාව ඩ්‍රෝන තාක්ෂණ නියමු ව්‍යාපෘතිය

11/06/2026

රාගම පුනරුත්ථාපන රෝහලේ භාවිතයෙන් ඉවත් කර තිබූ ලක්ෂ 30 ක උපකරණ ආතර් සී. ක්ලාක් ආයතනයෙන් රු.5000ට අඩු මුදලකින් අලුත්වැඩියා කරයි.

Photos from Chrishantha Abeysena's post 11/06/2026

පුනරුත්ථාපන රෝහලේ භාවිතයෙන් ඉවත් කර තිබූ ලක්ෂ 30 ක උපකරණ ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන් පන්දහසකටත් අඩු මුදලකින් අලුත්වැඩියා කරයි....

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය කමිටුවේ සභාපති සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ලෙස මැදිහත්වීමෙන් හා මග පෙන්වීමෙන්, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ (ACCIMT) තාක්ෂණික සහයෝගයෙන් රාගම රක්තවාතවේද හා පුනරුත්ථාපන රෝහලේ අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ හා යන්ත්‍ර සුත්‍ර ඇතුළු තාක්ෂණික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුවෙමි. එම වැඩසටහන යටතේ අලුත්වැඩියා කරන ලද, නවීකරණය කරන ලද සහ ප්‍රතිනිර්මාණය කරන ලද උපකරණවල පළමු උපකරණ තොගය රෝහල වෙත නිල වශයෙන් බාරදීම පසුගියදා එම රෝහලේ දී සිදු කෙරිණි.

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය කමිටුවේ සභාපතිවරයා ලෙස මෙම රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ මේ පිළිබඳව අවධානය යොමු වූ අතර මගේ ඉල්ලීම පරිදි ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන් මෙම කාර්යය සඳහා ඉදිරිපත් වූහ.
මෙම උපකරණ අතරට IR Timers with Power Supply, Industrial Ovens, Patient Standing Aid Units, Multimonitor, Grinder Machine Control Panels, Power unit of a Tilting Bed, Tilting Bed Controller, Heat Gun, Rotary Tool ආදිය ඇතුළත් වේ. මෙම උපකරණ සියල්ල අලුත්වැඩියා කටයුතු සඳහා නියමිතව තිබූ අතර ඒ සඳහා සමහර උපකරණ සඳහා ඉතා ඉහල ඇස්තමේන්තු ඉදිරිපත් වී තිබීමත්, තවත් සමහර උපකරණවල නිෂ්පාදන සමාගම් මේ වන විට ක්‍රියාත්මක නොවීම මෙන්ම ඒ සඳහා සක්‍යතාවක් ඇති දේශීය ආයතන නොමැතිවීමත් හේතුවෙන් අලුත්වැඩියාවන් පමා වී දීර්ඝ කාලයක පටන් ඒවා භාවිතයෙන් ඉවත් කර තිබුණි.

මෙහි විශේෂත්වය වන්නේ ආසන්න වශයෙන් රුපියල් මිලියන 3 ක (3,000,000.00) පමණ වටිනාකමකින් යුත් භාවිතයෙන් ඉවත් කර තිබූ මෙම තාක්ෂණික උපකරණ ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන්ගේ විශේෂඥ දැනුම මත රුපියල් පන්දහසකටත් (රු.5000.00) අඩු මුදලකින් සාර්ථකව අලුත්වැඩියා කර තිබීමයි. මේ සඳහා අදාළ ඉංජිනේරුවන් ඉදිරිපත් නොවූයේ නම් මෙම උපකරණ ස්ථිරවම භාවිතයෙන් ඉවත් වීමට ඉඩ තිබිණි.

තවත් තාක්ෂණික උපකරණ තොගයක් නවීකරණය කෙරෙමින් පවතී. ඊට අමතරව රෝහල් බලධාරීන්ගේ ඉල්ලීම පරිදි ශාරීරිකව ආබාධ සහිත රෝගීන්ට විශේෂිතව අවශ්‍ය රෝගී සත්කාර තාක්ෂණික උපකරණ තවත් පහසුකම් සහිතව නවීකරණය සහ ප්‍රතිනිර්මාණය වෙනුවෙන් ද මෙම ඉංජිනේරුවන් එකඟතාව පළ කළ අතර එම කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයත් අතර අවබෝධතා ගිවිසුමක් මත ඉදිරියේ දී විධිමත්ව සිදුකිරීමට නියමිතය.

මෙම අවස්ථාවට ආතර් සී. ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න, අධ්‍යක්ෂ ජනරාල් කුමාරි මීගහකොටුව යන මහත්ම මහත්මීන් ඇතුළු ඉංජිනේරුවන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සැලසුම්) ආචාර්ය ප්‍රභාත් අබේසිරිවර්ධන
ඇතුළු පිරිසක් එක් වූහ.

Medical equipment worth Rs. 3 million, which had been decommissioned at the Rehabilitation Hospital, repaired by Arthur C. Clarke Institute engineers for less than Rs. 5,000...

Initiated and guided a program to improve the technical infrastructure, including essential medical equipment and machinery, at the Ragama Rheumatology and Rehabilitation Hospital, through my intervention as the Chairman of the Gampaha District Health Committee and the Minister of Science and Technology, and with the technical support of the Arthur C. Clarke Institute for Modern Technologies (ACCIMT). The official handover of the first batch of repaired, modernized, and reconstructed equipment to the hospital took place recently.

During a field visit to the hospital in my capacity as the Chairman of the Gampaha District Health Committee, this issue drew my attention. Upon my request, the engineers from the Arthur C. Clarke Institute stepped forward to undertake this task.

The equipment included IR Timers with Power Supply, Industrial Ovens, Patient Standing Aid Units, a Multimonitor, Grinder Machine Control Panels, a Power unit of a Tilting Bed, a Tilting Bed Controller, a Heat Gun, and a Rotary Tool. All these devices had been scheduled for repair, but due to extremely high cost estimates for some, the cessation of operations by the original manufacturing companies for others, and the lack of local institutions capable of such repairs, they had been decommissioned and left unused for a long time.

The significance of this achievement lies in the fact that this technical equipment, valued at approximately Rs. 3 million (3,000,000.00), was successfully repaired by the expert knowledge of the Arthur C. Clarke Institute engineers for less than Rs. 5,000. Had these engineers not intervened, this equipment would likely have been permanently discarded.

Another batch of technical equipment is currently being modernized. Furthermore, upon the request of the hospital authorities, these engineers have agreed to modernize and redesign specialized patient-care technical equipment for patients with physical disabilities, incorporating additional features. These activities are scheduled to be formalized in the future through a Memorandum of Understanding (MoU) between the Ministry of Health and Mass Media and the Ministry of Science and Technology.

The event was attended by the Chairman of the Arthur C. Clarke Institute, Prof. Chandana Jayaratne, Director General Ms. Kumari Meegahakotuwa, accompanying engineers, and the Ministry of Science and Technology’s Director (Planning), Dr. Prabath Abesiriwardena, among others.

11/06/2026

පුනරුත්ථාපන රෝහලේ භාවිතයෙන් ඉවත් කර තිබූ ලක්ෂ 30 ක උපකරණ ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන් 5000ටත් අඩු මුදලකින් අලුත්වැඩියා කරයි...

Photos from Chrishantha Abeysena's post 09/06/2026

නර්ඩ් (NERDC) ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ අනාගත තාක්ෂණික ඉලක්ක ජය ගැනීම: විශේෂ කළමනාකරණ කමිටු රැස්වීම...

ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (NERDC) වර්තමාන ප්‍රගතිය, අනාගත සැලසුම් සහ ඉදිරි අභියෝග පිළිබඳව පුළුල් ලෙස විමසා බැලීමට පැවැත්වූ විශේෂ කළමනාකරණ කමිටු රැස්වීම සඳහා සහභාගී වීමි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයන්හි ක්‍රියාකාරීත්වය විධිමත් කිරීමේ අපගේ වැඩපිළිවෙලෙහි තවත් එක් පියවරක් මෙයයි.

මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණේ, ආයතනයේ නවීන උපකරණ කාර්යක්ෂමව යොදා ගැනීම, පර්යේෂණයන්හි ගුණාත්මක බව ඉහළ නැංවීම, සහ බාහිර කර්මාන්තකරුවන් හා විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීමයි. එසේම, වෘත්තිකයන්ගේ සුභසාධනය ඉහළ නැංවීම, මානව සම්පත් කළමනාකරණය සහ තාක්ෂණික පහසුකම් සංවර්ධනය හරහා ආයතනයේ පර්යේෂණ ධාරිතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද අප දීර්ඝව සාකච්ඡා කළෙමු.

මගේ දැක්ම වන්නේ, අපගේ ඉලක්ක ජය ගැනීම සඳහා ප්‍රධාන කාර්ය සාධන දර්ශක (KPIs) ඔස්සේ ක්‍රියාත්මක වන පැහැදිලි කාලරාමුවක් සකසා ගැනීමයි. මෙම සියලු ක්‍රියාවලීන් උපරිම විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමතාවයකින් යුතුව සිදු කරන ලෙස මා සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දුනිමි. අපගේ විද්‍යාත්මක පර්යේෂණ දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය සමඟ බද්ධ කරමින් රටේ ආර්ථික සංවර්ධනයට සෘජුව දායක කර ගැනීම අපගේ අපේක්ෂාවයි.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල, උපදේශක, ආචාර්ය ගාමිණී පියදාස, යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, නර්ඩ් ආයතනයේ සභාපති ආචාර්ය චිත්‍රාල් අඹවත්ත, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයතු සමරවික්‍රම යන මහත්වරුන් ඇතුළු පාලක මණ්ඩල සාමාජිකයන්, ආතර් සී. ක්ලාක් ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම යන ආයතනයන්හි නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Driving Efficiency and Innovation at NERDC: A strategic management review for future technological excellence...

Participated in a special management committee meeting held to conduct a comprehensive review of the current progress, future plans, and upcoming challenges of the National Engineering Research and Development Centre (NERDC). This meeting marks another significant step in our ongoing initiative to streamline the operations of the institutions affiliated with the Ministry of Science and Technology.

Our deliberations primarily focused on optimizing the utilization of the institution's modern equipment, enhancing the quality of research, and strengthening collaborations with external industrial partners and universities. We also held in-depth discussions regarding the necessity of boosting the institution’s research capacity by improving technical facilities, enhancing human resource management, and elevating professional benefits to ensure the well-being and satisfaction of our experts.

My vision is to establish a clear, time-bound roadmap defined by Key Performance Indicators (KPIs) to ensure we achieve our objectives. I instructed all officials to ensure that every process is executed with maximum transparency and efficiency. Our ultimate aspiration is to integrate our scientific research directly with the local industrial sector, thereby making a direct contribution to the country’s economic development.

The event was attended by Ministry of Science and Technology officials including Additional Secretary Mr. Mahesh Gammanpila and Consultant Dr. Gamini Piyadasa; NERDC Chairman Dr. Chitral Ambawatta, Director General Dr. Jayathu Samarawickrama, and other board members; as well as representatives from the Arthur C. Clarke Institute, the Industrial Technology Institute (ITI), the Sri Lanka Standards Institution (SLSI), and the Sri Lanka Inventors Commission.

08/06/2026

V-Incubator තෙවන සේවා හා ආධාරක මධ්‍යස්ථානය නැගෙනහිර විශ්ව විද්‍යාලයේදී...

Photos from Chrishantha Abeysena's post 08/06/2026

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ජාතික විද්‍යා පදනම සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහය ඇතිව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි රජයේ පාසල්වල යොවුන් නව නිපැයුම් සමාජ සහ පාසල් විද්‍යා සංගම් පිහිටුවීමේ වැඩසටහන යටතේ නැගෙනහිර පළාතේ තෝරා ගත් පාසල් 100 ක යොවුන් නව නිපැයුම් සමාජ සහ පාසල් විද්‍යා සංගම් 100 ක් නිල වශයෙන් ලියාපදිංචි කර පිහිටුවීම සදහා පසුගියදා නැගෙනහිර විශ්ව විද්‍යාලයට අනුබද්ධ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතන ශ්‍රවණාගාරයයේදි පැවති උත්සවයට සහභාගි වූවෙමි.

STEM අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සහ නව නිපැයුම් සංස්කෘතියක් ගොඩනැගීම අපගේ මූලික අරමුණයි. සිසුන්ගේ හුදු පරිකල්පනය, ප්‍රායෝගික නව නිර්මාණ දක්වා ඔසවා තැබීමට අවශ්‍ය තාක්ෂණික මගපෙන්වීම, විශේෂඥ දැනුම සහ අවශ්‍ය සම්පත් ලබාදීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය කැපවී සිටී. ඒ හරහා, ඔවුන්ගේ නිර්මාණ වාණිජමය වටිනාකමක් සහිත සාර්ථක නිෂ්පාදන බවට පත් කිරීමට අපි මග පාදන්නෙමු.

ලෝකය තාක්ෂණය ඔස්සේ වේගයෙන් ඉදිරියට යද්දී, අපගේ දරු පරපුර ද ඒ හා සමානව බලගැන්වීම රජයේ ප්‍රමුඛතාවයයි. ඉදිරියේදී මෙරට සියලු පාසල් සදහා මෙම වැඩසටහන පුළුල් කරන බවද ප්‍රකාශ කළෙමි.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් මොහොමඩ් නවවි මහතා, ස්වාමි විපුලානන්ද ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය භාරතී කෙනඩි මහත්මිය, නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ අධ්‍යක්ෂ නලින් දොලවත්ත මහතා සහ ජාතික විද්‍යා පදනමේ විද්‍යා සන්නිවේදන සහ ප්‍රචාරණ අංශයේ ප්‍රධානී ආචාර්ය දිල්රුක්ෂි රණතුංග මහත්මිය ඇතුළු විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසු දරුවන් විශාල පිරිසක් එක් වූහ.

Attended the official inauguration ceremony held at the auditorium of the Swami Vipulananda Institute of Aesthetic Studies, affiliated with the Eastern University, to formally register and establish 100 Young Inventors' Clubs and School Science Societies in selected schools across the Eastern Province. This initiative is part of a comprehensive national program implemented by the Ministry of Science and Technology, in collaboration with the Sri Lanka Inventors Commission, the National Science Foundation, and the Ministry of Education, to cover all government schools across the island.

Our primary goal is to promote STEM education and build a robust culture of innovation. The Ministry of Science and Technology is fully committed to providing the necessary technical guidance, expert mentorship, and resources to bridge the gap between student imagination and practical, real-world innovation. Through this, we are paving the way for these creations to be developed into commercially viable products.

As the world advances rapidly through technology, empowering our youth remains the government’s top priority. I announced our commitment to expanding this program in the coming year to cover all schools in our country .

The event was graced by Ministry Secretary Mr. Mohamed Navavi, Director of the Swami Vipulananda Institute Prof. Bharati Kennedy, Director of the Sri Lanka Inventors Commission Mr. Nalin Dolawatta, Head of Science Communication and Outreach Division of the National Science Foundation Dr. Dilrukshi Ranatunga, alongside a large gathering of principals, teachers, and students.

07/06/2026

කර්මාන්ත, විද්‍යා තාක්ෂණ එකට වැඩ...!

Want your public figure to be the top-listed Public Figure in Wattala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Wattala