Srilicious
Srilicious cooking channel
Inspire your inner chef !
ඕනෙද? එපාද? ඕනෙමද? .... TopFans
08/07/2026
ජොබ් එකත් එක්ක ඉතිං මට උදේට දවල්ට කිසිම වෙලාවක විවේකයක් කියලා එකක් නෑ. උදේ 6 පටන් ගත්තම ඇදට යන්නේ 8ටද 9ටද 10ටද එක දිගට වැඩ. ගෙදර වැඩ. කෙල්ලන්ගේ වැඩ. ඔෆිස් වැඩ. මෙකී නොකී වැඩ කෝටි 10 විතර වත් ඇති මගේ හිතේ. ඒ කොච්චර උනත් ඉස්ඉසෙල්ලම මාව අම්ම කෙනෙක් කල අපේ ලොකු කෙලි බට්ටිගේ උපන්දිනේ අමතක කරන්න බෑනේ. කේක් කැපිලි පසුවට කල් දැම්මත් කිරිබත් කෑල්ලක් ඉදෙන්නේ නැති පවුලේ උපන්දිනයක් නැහැ මම හිතන්නේ අපි හැමෝටම. ඉතිං දඩි බිඩියේ මම හදපු පුදුම රස කිරිබත් එක ගෙනාව ඔයාලටත්. සමහර වෙලාවට අපේ ලොකු දුව හදන රස කෑම මම ගෙනත් තියනවනේ. ඒ සුකුරුත්තම් හදන්නේ එයා තමයි. ඉතිං එයාගේ උපන්දිනේ දවසේ අවුරුදු 19 ඈත අතීතෙට මාව ගෙනියනවා. එයා ලැබුන දවසේ සිදුවීම මගේ ඔලුවේ අද වගේ පෙල ගැහෙනවා. ලමයි ලොකු වෙනකොට ජීවිතේ දිනනකොට පොඩ්ඩ පොඩ්ඩ අත් තටු ගහන්න පුරුදු වෙනකොට දෙමව්පියන්ට ගොඩක් සතුටුයි තමයි. ඒත් මේ එක එක ගෙවෙන්නේ එයාලා පේ කූඩු වලින් පියාඹලා ගිහින් එයාලගේම කූඩුවක් හදාගන්න දවස ලංවෙලා අපිත් එක්ක අපේ සෙවනේ ඉන්න කාලේ නේද කියලා හිතෙනකොට දුකයි. හැම එකටම කිරිල්ලියෙක් වගෙ what Ammi What Ammi කියලා අහපු, කෑම කටක් කවාගන්න වටේම තියන දේවල් මහා පුදුම දේවල් වගේ See See ගගා පෙන්නපු ඒ කාලේ, බන්ඩිය පිරෙන්න කුක්කු බීලා සනීපෙට නිදාගත්ත ඒ කාලේ තිබ්බ සැනසීමත් දැන් නෑ. එයා ගෙදරින් එලියට ක්ලාස් එකකට යුනි එකට යනකොට හිතේ තියෙන්නේ බරක්. ඔෆිස් එකේ වැඩ කෝටියක් මැද හිටියත් එයා ටැක්සි එක දැම්මම බලනවා මගේ නොටිෆිකේශන් එක. බැස්සද බලනවා. අනේ දෙයියනේ මට තේරෙන්නේ නෑ...මම විතරද මෙහෙම වොරි වෙන්නේ. මගේ සමහර යාලුවෝ කියනවා leave her alone. Let her enjoy the freedom. She will be okay. කියලා. අපිනේ දන්නේ අපේ හිතේ තියන ගින්දර. ☺️
ඉතිං එන්න කිරිබත් කෑල්ලක් කාලා අත් තටු ගහන්න පුරුදු වෙන මගෙ කිරිල්ලිට සුභ පතන්න එකතු වෙන්න. Happy bday mini-me! We love you more than the words can express, and we are always with you no matter what. 💐🎂TopFans
කමුද චිකන් කරියක්? TopFans
゚viralシ
Click here to claim your Sponsored Listing.