Tide bound
Words from the waves 🌊
01/26/2026
ප්‍රදීපාගාරයේ ආලෝකය
මම වෙළඳ නාවික නිලධාරියෙක්.
නැව ලාස් පල්මාස් කැනරි දූපත් අසල නාවික මාර්ගයක නංගුරම් දැම්මේ ඒ රාත්‍රියේ. වැඩ නැති වෙලාවක මම ඩෙක් එකට ගිහින් මුහුද දිහා බලාගෙන හිටියා. අහස තරු වලින් පිරීලා, මුහුද නිශ්ශබ්දව හුස්ම ගන්නවා වගේ.
ඒ වෙලාවේම මට දැක්කා — දුරින්, අඳුරු මුහුද මැද්දේ, එකම එක ආලෝකයක්.
ප්‍රදීපාගාරයක්.
එක හෙමිහිට හෙමිහිට දිලිසි දිලිසි, අඳුරට සටන් කරන ආලෝකයක් වගේ. මට හිතුනා,
“මේ ආලෝකය කොච්චර නාවිකයන්ට ජීවිතයක් දීලා ඇතිද?”
මගේ මනස අතීතයට ගියා. කුණාටු, වැසි, බිය, තනිවීම… ඒ හැම දෙයක් අතරත් මේ ප්‍රදීපාගාරය කවදාවත් නිදාගෙන නැහැ. කවුරුත් ඒක බලන්න නැති වෙලාවලත්, ඒක තමන්ගේ වැඩ කරගෙන හිටියා — මාර්ගය පෙන්වලා.
එක පාර මට තේරුණා, මගේ ජීවිතයත් ඒ වගේ කියලා.
මුහුද මට ගොඩක් දේවල් ඉගැන්නුවා — ඉවසීම, නිහතමානී බව, තනිව ඉන්න ශක්තිය.
ඒත් ඒ ප්‍රදීපාගාරය මට ඉගැන්නුවේ එකම දෙයක්:
අඳුරු වෙලාවලත්, කෙනෙක්ට මාර්ගයක් පෙන්වන්න පුළුවන් නම්, ඒක තමයි සැබෑ වටිනාකම.
ඒ රාත්‍රියේ, මුහුද දිහා බලාගෙන ඉඳගෙන, මගේ හිත ඇතුළේ කතාවක් උපන්නා.
“මමත් දවසක මේ ආලෝකය වගේ, කතාවකින් හරි, වචන වලින් හරි, කෙනෙකුගේ ජීවිතයට දිලිසෙන්න ඕන.”
ලාස් පල්මාස් අසල තිබුණු ඒ ප්‍රදීපාගාරය,
මට මාර්ගයක් පෙන්වුවේ නැවකට විතරක් නෙවෙයි —
මගේ සිහිනටත්.🌊⚓️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Garden Grove, CA
92840