Dimuthu'S Diary
Journalist
12/08/2024
අද ලෝක වනඅලි දිනය
ලෝකයේ වන අලින් සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව සෑම වසරකම අගෝස්තු 12 දින ලෝක වන අලි දිනය ලෙස නම් කර ඇත. පළමු වරට ලෝක වනඅලි දිනය ලෙස නම් කරන ලද්දේ 2012 වර්ෂයේ අගෝස්තු 12 දිනයිදීය. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන William Shatner, මහතා තායිලන්තයේ දී වනඅලින් සම්බන්ධව නිර්මාණය කරන ලද වෘත්තාන්ත චිත්‍රපට දෙකකින් පසුව එහි ආසියානු අලින් සම්බන්ධව දැක්වෙන කරුණු පිළිබඳව අවධානය යොමුකරමින් ලෝක වන අලි දිනය ප්‍රකාශයට පත් කර තිබේ.
2011 වසරේ සිදුකරන ලද අවසන් සංගණනයට අනුව මෙරට අලි ගහනය දැක්වෙන්නේ 6,000කට ආසන්න සංඛ්‍යාවකි. එම වනඅලි ගහනයෙන් 55.9%ක් වැඩිහිටි අලින් ලෙස ද 25.3%ක් තරුණ වැඩිහිටි අලින් ලෙස ද 12.4%ක් පැටවුන් ලෙස ද 6.4%ක් ළදරු අලි පැටවුන් ලෙස ද ගණන් බලා තිබේ.
මෙරට භූමි සීමාවෙන් වැඩිම වන අලින් ප්‍රමාණයක් ගැවසෙන භූමිය මහවැලි වනජීවි කලාපය වන අතර, එහි ජීවත් වන අලින් සංඛ්‍යාව 2,000කට ආසන්නය. නමුත් අවාසනාවන්ත තත්ත්වය නම්, සෑම වසරකම පාහේ තවමත් විසඳුමක් නොමැති අලි මිනිස් ගැටුම හේතුවෙන් අලින්ගේ ජීවිත මෙන්ම මිනිස් ජීවිත ද විශාල ප්‍රමාණයක් අහිමි වේ.
උපුටා ගැනීම - හිරු පුවත් වෙබ් අඩවියෙන්
08/07/2024
විදුලියෙන් දුවන රේසිං කාර් එකක් හැදූ මොරටු සරසවියේ හපන්නු
විදුලියෙන් ආරෝපණය කොට ධාවනය කළ හැකි ලංකාවේ ප්‍රථම ඉලෙක්ට්‍රික් රේස් පදින රථයක් නිර්මාණය කිරිමට මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමත්ම තිබේ.
රථය නම් කොට ඇත්තේ ෆැල්කන් ඊ1 යනුවෙනි. (Falcon – e1)
මෙම රථයේ බඳ මුළුමනින්ම නිපදවා ඇත්තේ ෆයිබර්වලිනි. මෙය මුළුමනින්ම මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂාවෙන් අධ්‍යාපන කටයුතුවල නියැලුණ සිසු සිසුවියන්ගේ නිර්මාණයක් වීම එම ප්‍රදර්ශනය නරඹන්නට ආ දෙස් විදෙස්වල නරඹන්නනට අදහාගත නොහැකි තත්වයක් විය.
මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් මේ වසරේ තම රථය ඉන්දියාවට රැගෙන ගියේ කණ්ඩායම් 39ක් ලොවපුරා විශ්වවිද්‍යාලයීය කණ්ඩායම් සමඟ තරග වැදීමටය. එය අයත් වූයේ ෆෝමියුලා ස්ටුඩන්ට් කැටගරියටය. මොරටුව සිසුන්ගේ මෙම නිර්මාණය තෝරා ගත් මුල් නිර්මාණ 10 අතරට තෝරාගත් අතර තරගාවලියේදී Best looking Car සම්මානයෙන් පිදනු ලැබුවේ මෙම නිර්මාණයන්ය.
මොරටුව විශ්වවිද්‍යාල සිසුන් මෙම රථයේ බොඩිය සැකසීම සඳහා ෆයිබර් දැමීමට අච්චු සාදාගෙන ඇත්තේ MDF හා ඍජුෆෝම් යොදාගෙනය. මොරටු සරසවි සිසුන් මීට පෙරද මෙවැනිම රථයක් නිෂ්පාදනය කළත් එය ධාවනය කරන ලද්දේ පෙට්‍රල්වලින්ය. මුළු ලෝකම ev හෙවත් ඉලෙක්ට්‍රික් වෙහිකල් සංකල්පය කරා ඇදී යද්දි මොරටුව සරසවි සිසුන් මෙම අත්හදා බැලීම කරන ලද්දේ නවීන ලෝකයත් සමඟ යාවත්කාලීන වීම වඩාත් උපයෝගිතාවයෙන් යුතු කාර්යයක් වීම නිසා විය යුතුය. මෙම රථය ගැන ඔබ වරදවා වටහා නොගත යුතු කාරණයක් ද ඇත. එනම් එය 2024 සිසුන් තම අධ්‍යාපන කටයුතු ඇරඹූ පසු කළ තනි නිර්මාණයක් ලෙස ඔබ වරදවා වටහාගත යුතු නැත. මේ නිර්මාණය 2014 සිට 2019, 2020 දක්වා සිසුන් දීර්ඝ කාලයක් තිස්සේ මෙම නිර්මාණය අවසන් නිමාව තෙක් ගෙන ඒමට කළ කැපවීම සටහන් නොකළොත් බලවත් අඩුපාඩුවක් වනු නියතය.
මොරටුව විශ්වවිද්‍යාලයේ මෙම නිර්මාණය සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 14කි. මේ සඳහා අනුග්‍රහය දක්වා ඇති ආයතන ගණන 14කි. බ්‍රැන්ඩික්ස්, ඩයලොග්, මයිකො, ඇලුමෙක්ස්, නිපොන් පේන්ට් ඉන් කිහිපයකි.
මේ වසරේ ඉන්දියාවේ පැවති භාරත් කම්පටිෂන් ෆෝමියුලා ස්ටුඩන්ට්ස් තරගයට තරග වැදුන ලොවපුරා විශ්වවිද්‍යාල ගණන 39කි.
එම තරගාවලියේදී මොරටු සිසුන්ගේ නිර්මාණය හොඳම ව්‍යාපාරික සැලසුම් තරගයේදී පත්වූයේ හතරවැනි තැනටය. එමෙන්ම ඉංජිනේරුමය නිර්මාණාත්මක තරගයෙන් අටවැනි තැනටත්, පිරිවැය හා නිෂ්පාදනය ඇගයීමේදී විශ්වවිද්‍යාල 39ක් අතරින් 15 වැනි තැනටත් පත්විය. මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ මෙම නිෂ්පාදනය කළ පසු ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ මෙම අධිවේගී රථය පදවා බලන්නට කොළඹ මාර්ග නොමැති වීමය. ඉන්පසු මෙම රථය නිපදවූ සිසුන්ගේ පිහිටට ආවේ රත්මලාන ගුවන් තොටුපළ භූමියයි. අවසානයේ රථ ධාවන තරගවලදී සැලකිල්ලට ගන්න සියලු වේගමය සීමාවන් ගැන අත්හදා බලන ලද්දේ රත්මලාන ගුවන් තොටුපළේ ගුවන් පථයේදී සියලු දෙනා විමතියෙන් බලා සිටිත්දීය. බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වූයේ බොහෝ පෙට්‍රල් කාර් ධාවනය වන තරගවලදී වාහනයෙන් නැගෙන කන් කඩාගෙන යන ග් – ග් – ග් ශබ්දය සයිලන්සරයෙන් ඝෝෂාකාරී ලෙස නිකුත් නොවීමය. ඉලෙක්ට්‍රික් රථයක් නිසා මෙම රථයට සයිලන්සරයක් අවශ්‍ය නොවේ.
මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ මෙම රථය මීළඟට සැලසුම් කොට ඇත්තේ එංගලන්තයේ 2025දී පැවැත්වෙන ෆෝමියුලා ස්ටුඩන්ට් යූකේ 2025 තරගයට තරග වැදීමටය. Formula Students UK 2025 තරගයට අලුතින්ම රථයක් නිපදවන්නට මොරටු සරසවි සිසු සිසුවියන් දැන් කටයුතු මෙහෙයවමින් සිටී.
මිලියන 13කට අධිකව වැයවන එම නවතම රේසින් කාරය නම් කොට ඇත්තේ ෆැල්කන් e2 ලෙසය. එය දැනට භාවිත කරන මේ රථය තවත් තාක්ෂණික වශයෙන් දැනට නිපදවා ඇති ෆැල්කන් – e1 රථයටත් වඩා යාවත්කාලීන වූ රථයකි. මෙම නව රථයට නම තබා ඇත්තේ ෆැල්කන් – e2 ලෙසය.
ෆැල්කන් e1 රථය සමඟ ඉන්දීය තරගයට සහභාගි වූ මොරටුව සරසවියේ සිසු සිසුවියන් පිරිස 25 දෙනෙකි.
(උපුටා ගැනීම - සිළුමිණ පුවත් පත) 2024.07.08
Click here to claim your Sponsored Listing.