Sky Inside

Sky Inside

Share

Stay Tuned

02/07/2026

📛 GTA VI Internal War: Rockstar Workers Push for Union Ahead of Historic Launch This November 🚨🎮

​⭕ ලොවක් මඟබලා සිටින GTA VI
ක්‍රීඩාව නිකුත් වීමට මාස කිහිපයක් තිබියදී, එහි නිෂ්පාදක Rockstar Games සමාගම තුළ යම් මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙමින් පවතී. එම තොරතුරු වලට අනුව IWGB Video Game Workers Union නම් වෘත්තීය සමිතිය හරහා Edinburgh, Dundee, Lincoln, Leeds සහ London යන බ්‍රිතාන්‍යයේ පිහිටි සියලුම Rockstar Studio හි සේවකයින් එකතු වී, තමන්ව නිල වශයෙන් පිළිගන්නා ලෙස පාලනාධිකාරියෙන් ඉල්ලා තිබේ.

​⭕ සේවකයින් මෙම තීරණයට එළඹ ඇත්තේ වැටුප් විනිවිදභාවය ඇති කිරීම, නම්‍යශීලීව වැඩ කිරීමේ පහසුකම් (Flexible working) ශක්තිමත් කිරීම සහ Game එකක් අවසන් කිරීමේදී සිදුවන අධික Overtime තත්ත්වය (Crunch සංස්කෘතිය) පාලනය කරගැනීම වෙනුවෙනි. වාර්තාවන පරිදි මෙම අර්බුදය තවත් දරුණු වී ඇත්තේ පසුගිය වසරේදී වෘත්තීය සමිතිය පිහිටුවීමට මූලිකත්වය ගත් සේවකයින් 31 දෙනෙකු Rockstar සමාගම විසින් රැකියාවලින් ඉවත් කිරීම හේතුවෙනි.

​⭕ කෙසේනමුත් Rockstar සමාගම මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන් පවසා ඇත්තේ මෙම සේවකයින් 31 දෙනා ඉවත් කළේ Union සම්බන්ධ ගැටලුවක් නිසා නොව, Discord හරහා සමාගමේ රහසිගත තොරතුරු ප්‍රසිද්ධ සමාගමකට Leak කර, බරපතල විනය කඩකිරීමක් සිදුකළ නිසා බවයි. මෙහි නීතිමය කටයුතු ලබන සැප්තැම්බර් මසදි අධිකරණයේදී විභාග වීමට නියමිත බවට වැඩිදුර තොරතුරු වාර්තා වේ.

​⭕ Rockstar හි මව් සමාගම වන Take Two Interactive ප්‍රකාශ කර ඇත්තේ තමන් සේවකයින් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

​⭕ Ahead of the historic November 19th launch of Grand Theft Auto VI, a massive internal battle has erupted at Rockstar Games. The IWGB Video Game Workers Union, representing a major portion of the UK workforce across Edinburgh, Dundee, Lincoln, Leeds, and London, has officially requested voluntary recognition to fight for pay transparency, flexible working, and to curb intense "crunch" overtime practices.

​⭕ While Rockstar opened pre-orders for GTA VI at a $79.99 (£70) starting price as a download-only release, the company is facing an upcoming employment tribunal in September. The union claims 31 workers were illegally sacked for organizing, describing the legal battle as "David vs Goliath." However, Rockstar strenuously denies this, stating the staff were dismissed for gross misconduct after leaking confidential information on Discord. Although Rockstar's parent company, Take-Two, has agreed to meet, the high-stakes drama threatens to overshadow the biggest gaming release in history.

​For More Updates, Follow Us Sky Inside

Want your business to be the top-listed Media Company in Fujairah?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Shk. Khalifa Bin Zayed Road
Fujairah
00000