Kingsly Rathnayaka

Kingsly Rathnayaka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kingsly Rathnayaka, Public Figure, Melbourne.

02/07/2026

බොරු නං නොක්ස්ලෑ සීයගෙන් අහන්ඩ....
------කොත්මලේ කියන්නේ ජනකතා සාහිත්‍යය හොයන්නෙකුට නිධන් ගමක්....යතුරු ගැහු ලියැද්දේ පටන් අපූරු ජනකථා අටෝරාසියක් උපන් තිඹිරිගෙයක් . වෙනකක් තියා ගැටවර ගැමුණු කුමාරයා පවා පැනල ගිහිං හිතුවක්කාර කොල්ලෙක් විදිහට හැංගිලා ජීවත් වුනේ ඒ පලාතෙ නෙව. ඉපදෙන්න ඉන්නකොට දේවි බිසව දැනුනු අප්පටසිරි වෙන දොලදුකේ පටන්, මහ සෑයට වැඩ බලන්න යන වෙලාවෙ තොරණෙ යටි පැත්තෙන් ඇවිත් හිස්මුදුනට මරු නිලයටම දීපු නාගදල පහර කාගෙන වැටෙනකල්ම විතරක් නෙමෙයි අදටත් මිරිසවැටියට ඉහලින් පෙද වලාකුල් කැටි වෙලා රෑප මවද්දි නම මැතිරෙන ජේශ්ට ගාමිණි රජ්ජුරුවෝ ආත්ම ගානක් රටපුරාම සරාවි.
ඕන්න ඔය ගැමුණු ගැටයා දවසක් කළු මැණිකෙ ගෙනාපු ඇඹුලට වගකියලා ඇගේ උකුලෙම හිස තියාන ඉංග්‍රීසියෙන් කියන පවර් නැප් එකක් දාගෙන ඉන්න වෙලාවෙලුනෙ අර සරසෝගෙන රටේ වටේ යවපු මගුල් ඇතා ඇවිත් දණ ගැහුවලුනෙ මඩේම.. දණහිස්සෙ මඩ නෑවුනාට ඒ ගැන මොකට කියනවද ? නේද?
වැඩේ තේරුණු ගමන් පොඩ්ඩක් හෝව් වතුර දෙකක් නාලා සුවද සබන් ගාලා චන්දිමාල් උපන්දිනේට ඇන්ද වගේ දෙපැත්තටම නැති ගලිසමක් දාගෙන එන්නං කියන්නෑ ඉතිං?
කලිසම් කෝට් ඇදල කැමරාවට තණකොල කපන වාහෙලෙ වගේ නෙමෙයි නෙ , එතුමංල කැලේ හිටපු කුළු හරකුත් මෙල්ල කරල හාපු පුතයොනේ ඉතිං.
ඇගේ ගෑවිලා තියෙන වෙලේ මඩ ඇලේ හෝදලා ,එහෙම්ම මංගල හස්තියාරූඪව රජ වාසල බලා ගියාලුනේ...
කූබුරෙන් කෙලිංම සිංහාසනේට ගියාට කැතක් කිලුටක් නැතුව අගේට රජේ කෙරූ හිංදමනෙ ඔය මඩ සෝදාගත් කල ගොයියා රජකමටත් සුදුසුයි කියා බැවැහැරෙන්න ගත්තයි කියන්නෙ.
දුටුගැමුණු රජතුමාගෙ පැටිකාලේ හැදිච්චි කතාව , කන්ද උඩ රටේ ටෙම්පරි වීසාවක් දාගෙන හිටපු රොබොට් නොක්ස් උන්නැහැලා අහන්නෙ "ඌ මහත්තයව" දන්නැති දෙදහෙන් පස්සෙ අරගල පුංචෙක් ගානට නොවැ. ඒකනෙ අරහෙම ලග නවපු ඉතිහාසෙ බුරිය නැති උන් වගේ දෙසා බාන්නෙ..
ඒ විතරක් නෙවෙයි රජෝ, ඊලගට අර කොලපාට යුනිෆෝම් ඇදපු ,අටපාස් කියා , නව නිග්‍රහයං අහන ,ගංවතුරට ,නියගෙට ,සුලි සුලගෙට සනික දේවතාවුන් වෙන , අතපය ඇස් ඉස් මස් ලේ ජීවිතේම දුන්න හේවා ඇනිවල ,අර නිකංම නිකං තහඩු කෑලි ඇගේ එල්ලගෙන ඉන්නවා කියල කිව්වයි කියන පං ගොයියල , "ගැමුණු හේවා බලකායටත්"ඒ නම වෙනස් කරලා "පචේගුරා "වගේ නම් දාන්ඩ කියාවිද ?කියලයි මට බය..

-------------

Want your public figure to be the top-listed Public Figure in Melbourne?
Click here to claim your Sponsored Listing.

Category

Address


Melbourne, VIC