Walk With RAMA

Walk With RAMA

Partager

Official Web - https://www.rameshsilva.com/

YouTube - https://www.youtube.com/c/WalkWithRAMA/featured Walk With RAMA
( Ramesh Rushantha Silva )

10/04/2026

ඔබ කවදාහරි දවසක ගුවන්යානයක ගමනක් ගිහින් තියනවද? එහෙම ගිහින් නැතත් මේ මගී ගුවන් යානය​ක ඉන්ධන ටැංකිය කොතනද ඇත්තෙ කියලා හිතිලා නැද්ද? ✈️⛽

ගුවන් යානයක ගිහින් තියන කෙනෙක් නම් ඔබ ගුවන් යාන​යේ ජනේලයෙන් එළිය බලාගෙන යද්දී, ඒ ලොකු තටු (Wing) දිහා බලලා තියෙනවද? බැලූ බැල්මට මේ​ක නිකන්ම නිකන් යකඩ තහඩු ගොඩක් වගේ පෙනුණත්, මේ​ක ඇතුළේ හැංගිලා තියෙන්නේ ගුවන් සේවා ඉතිහාසයේ තියෙන පුදුම සහගතම ඉංජිනේරු රහසක්!

Boeing 747 වගේ අතිදැවැන්ත ගුවන් යානයකට තෙල් ගැහුවාම, ඒ තෙල් වල බර විතරක් කිලෝග්‍රෑම් 180,000ක් විතර වෙනවා. (ඒ කියන්නේ වැඩුණු අලි 40කගේ විත​ර බරක්!) මේ මහා බර තියෙන තෙල් තොගය පුරවන්නේ යානයේ යට තියෙන ලොකු ටැංකියකට නෙවෙයි, අර සිහින් දිග තටු ඇතුළට!

බැලූ බැල්මට මේක මහ මෝඩ වැඩක් වගේ පේන්න පුළුවන්. මොක​ද යානයේ මැද කොච්චර ඉඩ තියෙනවද? ඇයි එහෙම ආරක්ෂිත තැනක තියන්නේ නැතුව තටු ඇතුළටම මේ තෙල් පුරවන්නේ? අපි කතා කරමු ඒ පිටිපස්සෙ තියන ඉංජිනේරු විද්‍යා​ව ගැන. 🌍🔧

ගොඩක් අය හිතන්නේ යානයේ මැද මගීන්, බඩු බාහිරාදිය සහ අනිත් පද්ධති වලින් පිරිලා තියෙන නිසා, ඉඩ ඉතුරු කරගන්න තෙල් ටික තටු ඇතුළට දැම්මා කියලා. මේ කතාවේ පොඩි ඇත්තක් තියෙනවා. යානයේ මැද තියෙන හැම ඝන මීටරයක්ම කියන්​නේ සල්ලි. ඒ ඉඩ තෙල් වලට දුන්නොත් මගීන් ගෙනියන්න තියෙන ඉඩ අඩුවෙනවා. ඒ වගේම තටු ඇතුළේ වෙනම ටැංකි හදන්නේ නැතුව තටුවම ටැංකියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. 🤔

හැබැයි මේවා එහෙම කරන්​න ප්‍රධානම හේතු නෙවෙයි! ඉඩ ප්‍රශ්නයක් විතරක් තිබුණා නම් ඉංජිනේරුවන්ට තිබුණා තෙල් ටැංකිය යානයේ පිටිපස්සට හරි වෙන තැනකට හරි දාන්න. හැබැයි මේක ඉඩ ගැන ප්‍රශ්නයක් නෙවෙයි, මේක ටොන් ගාණක් බර දියරයක් අහසේ පියාසර කරන යානයක් ඇතුළේ බැලන්ස් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයක්!

ඕනම ගුවන් යානයක වැදගත්ම දේ තමයි "Center of Gravity" (CG) හෙවත් ගුරුත්ව කේන්ද්‍රය. මේක ඉස්සරහට ගියොත් යානයේ ඉදිරිපස කොට​ස ඉහළ​ට උස්සන්න ගොඩක් අමාරු වෙනවා. පස්සට ගියොත් යානය අස්ථායී වෙලා පාලනය කරන්න බැරි වෙනවා. ⚖️

මගීන්ගේ බර වගේ නෙවෙයි, තෙල් කියන්නේ දිගටම ටික ටි​ක පිච්චිලා යන දෙයක්. පැය 12ක ව​ගේ ගමනක් යද්දී ටොන් 100කට වඩා තෙල් පිච්චිලා යනවා. ඉතින් මේ තෙල් ටැංකිය යානයේ ඉස්සරහ හරි පිටිපස්සේ හරි තිබුණා නම්, තෙල් අඩුවෙන්න අඩුවෙන්න යානයේ එක පැත්ත​ක බර වෙනස් වෙලා, බැලන්ස් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. පයිලට්ලට හැමතිස්සෙම යානය කන්ට්‍රෝල් කරන්න වෙනවා.

හැබැයි ගුවන් යානය​ක තටු පිහිටලා තියෙන්නේ යානයේ ගුරුත්ව කේන්ද්‍රය සහ උඩුකුරු තෙරපුම හැදෙන තැනට කිට්ටුවෙන්මයි. ඒ නිසා තටු වලින් තෙල් කොච්චර අඩු වුණත් යානයේ බැලන්ස් එකට ඒක ලොකුවට බලපාන්නේ නෑ. ඒ වුනාට මේකත් එක හේතුවක් විතරයි.

ඔබ කවදාහරි Boeing 787 Dreamliner එකක් ව​ගේ අහසට යද්දී ජනේලෙන් මේ​කේ තටු දිහා බලලා තියෙනවද? ගොඩක් අය නැතුව ඇති. හැබැයි වෙන දේ මම කියන්නම්. බිම තියෙද්දී කෙලින් තිබුණ මේ ගුවන් යාන​යේ තටුව, අහසේ ඉහළ​ට යද්දී මීටර් 3ක් 4ක් විතර උඩට නැවෙනවා! 🏗️🛫

මේක වෙන්නේ මෙහෙමයි: යානය අහසට යද්දී, මුළු යානයේම බර (ටොන් 500ක් විතර) උස්සගෙන ඉන්නේ මේ තටු දෙකෙන්. මේ තටු මත වාතයෙන් ඇතිවෙන උඩුකුරු තෙරපුමෙන් තටු දෙක උඩට අදිනවා, හැබැයි යානයේ මැද තියෙන මහා බරෙන් (මගීන්, බඩු) යානය පල්ලෙහාට අදිනවා. මේක හරියට යකඩ කූරක් මැදින් අල්ලගෙන දෙපැත්තෙන් ලොකු බරවල් දෙකක් එල්ලුවා වගේ වැඩක්. මේ තෙරපුම වැඩි උනොත් තටු සහ යානය සම්බන්ධ වෙන තැන පුපුරලා යන්න පුළුවන්!

මෙන්න මෙතනදී තමයි තෙල් වල නියම වැඩේ පටන් ගන්නේ. තටු ඇතුළේ තියෙන ටොන් ගාණක් බර තෙල්, නිකන්ම නිකන් ඉන්ධන නෙවෙයි, ඒක "Counterweight" (ප්‍රති-බරක්) විදිහට වැඩ කරනවා! තටුව උඩට නැවෙන්න හදද්දී, තටුව ඇතුළේ තියෙන තෙල් වල බරෙන් ඒක පල්ලෙහාට ඇදෙනවා. මේකට ඉංජිනේරුවෝ ඉංග්‍රීසියෙන් කියන්නේ "Wing Bending Relief" කියලා.

මේ තෙල් බර නැත්නම්, ඉංජිනේරුවන්ට සිද්ධ වෙනවා තටු ත​ව ගොඩක් ඝනකමට, යකඩ ගොඩක් දාලා කැඩෙන්නෙ නැතිවෙන්​න හදන්න. එතකොට යානය බර වැඩිවෙනවා, තෙල් වැඩියෙන් පිච්චෙනවා. ඒ නිසා තෙල් තටු ඇතුළේ තියෙන එක, අහසේදී තටුව කඩාගෙන නොවැටී තියාගන්න සහ යානයේ අමත​ර බර අඩු කරන ලොකුම ඉංජිනේරු ආශ්චර්යයක්!

Boeing 737 වගේ යානයක ප්‍රධාන තෙල් ටැංකි 3ක් තියෙනවා (තටු දෙකේ දෙකයි, යානය මැද Center tank එකයි). මේ තෙල් ටික නිකන්ම ජෙට් එන්ජින් එකට යන්නේ නෑ. 💻🔄

ගුවන් යාන​ය ගමන පටන් ගත්තාම මුලින්ම පිච්චෙන්නේ Center tank එකේ තෙල්. ඇයි ඒ? යානය මැද තියෙන බර ටික ටි​ක අඩු කරලා, තටු වල තියෙන තෙල් බර ඒ විදිහටම තියාගන්නවා අර කලින් කිව්ව Wing Bending Relief එක දිගටම තියාගන්න.

ඒ විතරක් නෙවෙයි, Airbus A380 වගේ අතිදැවැන්ත යානාවල, පියාසර කරද්දී තෙල් ටික ඉස්සරහ ටැංකි වල ඉඳන් පිටිපස්සේ ටැංකියට පොම්ප කරනවා! මේක කරන්නේ යානයේ ගුරුත්ව කේන්ද්‍රය ටිකක් පස්සට අරන් ගිහින්, යානයට එන වායු ප්‍රතිරෝධය (Drag) අඩු කරලා තෙල් ඉතුරු කරගන්න. ඒ කියන්නේ තෙල් කියන්නේ නිකන්ම නිකන් ඉන්ධනයක් නෙවෙයි, පියාසර කරද්දී යානයේ හැඩය සහ බැලන්ස් එක වෙනස් කරන Dynamic Tool එකක්!

සමහර වෙලාවට යානයක් ගුවන්ගත වෙලා ටික වෙලාවකින් මොකක් හරි දෝශයක් ඇවිත් ආයෙත් බස්සන්න වුණොත්, පයිලට්ලා කරන්නේ අහසේදීම තෙල් ටික එළියට විසි කරන එක (Fuel Dumping / Jettisoning). ⛽💧

මේකට හේතුව තමයි "Maximum Landing Weight" (උපරිම ගොඩබැස්සවීමේ බර). යානයක් උඩට යද්දී තියෙන බරින්ම ආපහු බස්සන්න බැහැ, මොකද ලෑන්ඩ් කරද්දී රෝද වලට එන තෙරපුම දරාගන්න බැරුව රෝද පුපුරලා, යානය ගුවන් පථයෙන් ඉවතට යන්​න පුළුවන්. ඒ නිසා බර අඩු කරගන්න අහසේදී තෙල් ටික විසි කරනවා. නැත්නම් තෙල් පිච්චිලා ඉවර වෙනකන්ම අහසේ කරකව කරකව ඉන්නවා. මෙහෙම එළියට දාන තෙල් බිමට එන්නේ නෑ, අඩි දහස් ගාණක් උඩදී මේවා වාෂ්ප වෙලා යනවා.

මේ ඔක්කොම කරලා යානය ලෑන්ඩ් කරද්දී පැයට කිලෝමීටර් 250ක විතර වේගයෙන් රෝ​ද පොළොවේ හැප්පෙනවා. යානයේ බර ටොන් 300ක් 400ක් විතර වුණත් අර පොඩි රෝද පුපුරන්නේ නෑ! 🛞💥

මේකට හේතු කිහිපයක් තියෙනවා.

රෝද ගණන: ලොකු යානාවල රෝද 14ක් 22ක් විතර තියෙනවා. ඒ නිසා බර බෙදිලා යනවා.

ටයර් එකේ නිෂ්පාදන වෙන​ස: මේවා සාමාන්‍ය රබර් නෙවෙයි. නයිලෝන්, වානේ සහ විශේෂ කෙඳි දාලා ලේයර් ගාණකට හදපු අතිශය ශක්තිමත් ටයර්.

නයිට්‍රජන්: ගුවන් යානා ටයර් වලට ගහන්නේ සාමාන්‍ය හුළං නෙවෙයි, නයිට්‍රජන්. මොකද සාමාන්‍ය වාතයේ තියෙන ජ​ල වාෂ්ප අඩි 30,000ක් උඩදී අංශක ඍ​ණ 50ට මිදිලා අයිස් වෙන්න පුළුවන්. ඒ වගේම බිමට බස්සද්දී රෝද වල උෂ්ණත්වය සෙල්සියස් 200ට විතර නගිනවා. නයිට්‍රජන් දැම්මාම මේ උෂ්ණත්ව වෙනස්වීම් වලට ටයර් එකේ පීඩනය වෙනස් වෙන්නේ නෑ, වතුර මිදෙන්නෙත් නෑ, ගිනිගන්න අවදානමකුත් නෑ. (මේ ටයර් වල පීඩනය 200 PSI විතර වෙනවා, ඒ කියන්නේ කාර් එකක වගේ 6 ගුණයක්!).

ගුවන් යානයක් කියන්නේ නිකන්ම නිකන් යකඩ කුරුල්ලෙක් නෙවෙයි. ඒකේ තියෙන හැම ඇණයක්ම, හැම හැඩයක්ම, තෙල් බිංදුවක් ගානේ දාලා, හදලා තියෙන්නේ අතිශය සංකීර්ණ ගණනය කිරීම් මත පදනම් වෙලයි. තටු ඇතුළේ තියෙන තෙල් ටැංකිය කියන්නේ මේ මහා යන්ත්‍රය අහසේ කඩාගෙන වැටෙන්නේ නැතුව තියාගන්න තියෙන ලොකුම රහසක්! 🌟

ඊළඟ වතාවේ ගුවන් යානයකට නගිද්දී ඒ ජනේලෙන් පේන තටුව දිහා බලලා මේ පුදුම සහගත කතාව මතක් කරගන්න. මේ ලිපියෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තාද? ගුවන් සේවා තාක්ෂණය (Aviation technology) ගැන තව දේවල් දැනගන්න ඔයා කැමතිද? ඔයාගේ අදහස පල්ලෙහායින් Comment කරන්න. ඒ වගේම මේ ලිපියට Like එකක් දාලා, ලෝකයේ තියෙන අමුතු දේවල් ගැන හොයන්න ආස ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරන්න අමතක කරන්න එපා! ✈️👍💬

ලිපි ලියන මට ඔයාලගේ Comment ගොඩක් වටිනවා. ඒ නිසා එක තත්පර 10ක් වැය කරලා Comment එකක් දාගෙන යන්න!

Written By : Sulochana Dissanayake
Source : Internet, Aviation Articles

Vous voulez que votre entreprise soit Entreprise De Médias la plus cotée à Sète ?
Cliquez ici pour réclamer votre Listage Commercial.

Adresse


Sète