True Echoes
සත්‍යය,ඇදහිල්ල,පුවත් සහ ප්‍ර්‍රෙමය❤️
Truth, Faith, News and Love❤
03/03/2026
ත්‍රිත්වය කියන්නේ ඇත්තටම මොකක්ද? 🤔✝️ (සරලවම මෙන්න)
බොහෝ දෙනෙක් පටලවා ගන්නා "ත්‍රිත්වය" කියන ගැඹුරු දහම,
අපේ එදිනෙදා ජීවිතයේ උදාහරණයකින් මෙහෙම පැහැදිලි කළොත්? 👇
එකම පුද්ගලයෙක් ගත්තොත් ඔහු:
1️⃣ තමන්ගේ දෙමව්පියන්ට - පුත්‍රයෙක් 👨👦
2️⃣ තමන්ගේ බිරිඳට - ස්වාමි පුරුෂයෙක් 💍
3️⃣ තමන්ගේ දරුවන්ට - පියෙක් 👨👧👦
එකම පුද්ගලයා වුණත්,
ඔහු අවස්ථා තුනකදී ක්‍රියා කරන්නේ ආකාර තුනකටයි.
දෙවියන් වහන්සේත් අපේ ජීවිත පාපයෙන් මුදාගන්න ක්‍රියා කරන්නේ ඔන්න ඔය වගේ ආකාර තුනකටයි. ❤️
✨ පියාණන් වහන්සේ: අපට ප්‍රේම කරන, අපට ඉහළින් සිටින සියල්ලේම මූලාශ්‍රයයි.
✨ පුත්‍රයාණන් වහන්සේ: අපට කරුණාව දක්වමින්, අප සමඟ සිටින සියල්ලේම මැවුම්කරුයි.
✨ ශුද්ධාත්මයාණන් වහන්සේ: අපට මඟ පෙන්වමින්, අප තුළ සිටින සියල්ලේම ජීවනදායකයාණන් වහන්සේයි.
මතක තබා ගන්න:
උන්වහන්සේ අපට ඉහළින් සිටින (Above us), අප සමඟ සිටින (With us) සහ
අප තුළ සිටින (In us) එකම දෙවියන් වහන්සේයි! ✨🙌
25/02/2026
ඔබේ ජීවිතයේ "පළමු තැන" ඔබ දෙන්නේ කාටද? 🤔🌾❤️
බයිබලයේ නික්මයාම 22:29 පදයෙන් අපට ඉතා වැදගත් පණිවිඩයක් මතක් කර දෙනවා:
"නුඹේ අස්වැන්නෙන්ද පලදාවෙන්ද පූජාකිරීමට ප්‍රමාද නොවව. නුඹේ පුත්‍රයන්ගෙන් කුළුඳුලා මට දිය යුතුය." (නික්මයාම 22:29) 📖✨
අතීතයේදී ඉශ්‍රායෙල් ජනයා තමන්ගේ අස්වැන්නේ හොඳම කොටස සහ කුළුඳුල් දරුවන් දෙවියන් වහන්සේට කැප කළා.
අද අපේ ජීවිතවලට මෙයින් ලැබෙන පාඩම මොකක්ද?
✅ ප්‍රමුඛතාවය: අපිට ලැබෙන හැම දේකින්ම (ධනය, කාලය, දක්ෂතාවය) හොඳම දේ සහ මුල්ම දේ දෙවියන් වහන්සේ වෙනුවෙන් වෙන් කරන්න අපට පුළුවන්ද?
✅ කෘතඥතාවය: අප සතු සියල්ල උන්වහන්සේගෙන් ලැබුණු දේවල් බව පිළිගැනීම.
✅ විශ්වාසය: හොඳම දේ දෙවියන්ට දුන් විට, ඉතිරි දේ උන්වහන්සේ ආශීර්වාද කරන බවට ඇති විශ්වාසය.
අපේ ජීවිතයේ අස්වැන්න "පූජා කිරීමට ප්‍රමාද නොවෙමු". අද දවස දෙවියන් වහන්සේට මුල් තැන දෙමින් ආරම්භ කරමු! 🙏✨
24/02/2026
1 යොහන් 2:17
"ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය." ✨📖
අප අවට දකින මේ ලෞකික දේවල් සියල්ල තාවකාලිකයි. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව ජීවත් වන පුද්ගලයාට උන්වහන්සේ සදාකාලික ජීවනය පොරොන්දු වී ඇත. අද දවසේ අපේ ජීවිතයේ ප්‍රමුඛතාවය දෙවියන් වහන්සේට ලබා දෙමු. 🙏🕊️
.
#දේවවචනය #බයිබලය #ජේසුස් #සදාකාලිකජීවනය #ආශිර්වාදය
28/08/2024
රාගයෙන් රැකුණ ප්‍රේමයක් නැත, සරාගීම ගැහැණිය පවා කලෙකදී පිලිකුල් වන්නේ එහෙයිනි....
රූපයෙන් රැකුණ ප්‍රේමයක් නැත, ලොව සුන්දරම ගැහැණිය හිමි වුවද, පිරිමින් පිට යන්නේ එහෙයිනි...
බොරුවෙන් රැදුන ප්‍රේමයක් නැත, බොරුව කලකදී එලිවන බැවිනි....
මුදල් දී රඳවා ගත හැකි ප්‍රේමයක් නැත, ප්‍රේමයේ සියුම් ස්පර්ශයන් දැනෙන්නේ හදවතට පමණක් නිසාවෙනි.....
ප්‍රේමය රැඳුනේත්, රැඳෙන්නේත් ආදරණීය හදවතක අසල පමණකි...
ආත්මාර්ථය බැහැර කොට, අනෙකාගේ සතුට වෙනුවෙන්, සියල්ල කැප කල තැනක පමණකි......
කිසිවෙකුට ස්පර්ශ කල නොහැකි බුදු සිරිපා බදා වැලඳ, ඇති තරම් හඬන්නට පින්වත් යශෝධරාව වරම් ලද්දේ එහෙයිනි...
සංසාරයක් පුරාවට, ප්‍රේමයේ නාමයෙන්, බෝසතුන්ගේ සෙවනැල්ල සේ පැමිණ ආදරය අරුත් ගැන්වූ නිසාවෙනි...
[Credit goes to ] Nipun K Gunawardena & Imashika Madumali Gunawardena ❤️😍🌸
මං දකින ලස්සන්ම කපල් එකක්.... 🥰🥰🥰
Click here to claim your Sponsored Listing.
Category
Contact the establishment
Website
Address
GB
London
SE7