Media Unit Ridee Viharaya
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Media Unit Ridee Viharaya, Media/News Company, Rideevihara Mawath, London.
06/12/2025
පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑමේ හදිසි ආපදා තත්ත්වයෙන් අවතැන් වූ අඹකොටේ අවට පවුල් 30ක අවතැන් වූ ජනතාව සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම කුරුණෑගල-රිදීගම ඵෙතිහාසික රිදී විහාරස්ථානයේ භාරකාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් පසුගිය දෙසැම්බර් 02 දින සිදුකෙරිණි.
06/12/2025
පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑමේ හදිසි ආපදා තත්ත්වයෙන් නාය යෑමට ලක්වූ අලවතුගොඩ රඹකේ ඇළ ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව සඳහා පානීය ජලය, සහල් ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම කුරුණෑගල-රිදීගම ඵෙතිහාසික රිදී විහාරස්ථානයේ භාරකාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් පසුගිය නොවැම්බර් 30 දින සිදුකෙරණි.
මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මියගිය පිරිස 20ක් සහ අතුරුදහන් වූ පිරිස 50කට අධික වේ.
06/12/2025
පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑමේ හදිසි ආපදා තත්ත්වයෙන් අවතැන් වී දෙල්විට විද්‍යාලයේ තාවකාලිකව රැඳී සිටින ජනතව සඳහා අවශ්‍ය පානීය ජලය, සහල් ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය, ඖෂධ ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීම කුරුණෑගල-රිදීගම ඵෙතිහාසික රිදී විහාරස්ථානයේ භාරකාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් පසුගිය නොවැම්බර් 30 දින දෙල්විට විද්‍යාලයේදී සිදුකෙරණි.
06/12/2025
පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑමේ හදිසි ආපදා තත්ත්වයෙන් අවතැන් වූ දැදුරු ඔය අවට ජනතාව සඳහා පානීය ජලය,අහාර පිසින ස්ථාන සදහා සහල් ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය, අවතැන් ස්ථාන වල නවාතැන් ගන්නා පුද්ගලයින් සදහා රෙදි ලබාදීම කුරුණෑගල-රිදීගම ඵෙතිහාසික රිදී විහාරස්ථානයේ භාරකාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් පසුගිය නොවැම්බර් 29 දින සිදුකෙරණි.
05/11/2025
අද දිනට (නොවැ.05) යෙදී තිබූ කුරුණෑගල-රිදීගම ඓතිහාසික රිදී විහාරස්ථානයේ 2025 වාර්ෂික කඨින චීවර පූජෝත්සවය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
අද අළුයම කඨින චීවරය වඩමවාගත් පෙරහර ඓතිහාසික රිදී විහාරයේ බස්නායක නිළමේතුමන්ගේ නිවසේ සිට හිමිදිරි අළුයම උත්කර්ෂවත්ව කස, ගිණිබෝල, වෙස් නර්ථන සහ අලි ඇතුන් පිරිවරාගෙන රිදීගම නගරය හරහා වීදි සංචාරය කරමින් රිදී විහාරස්ථානය වෙත ලඟ වීමෙන් අනතුරුව එම කථින චීවර වස්ත්‍රය සකස් කිරීම සඳහා පූජ්‍ය හෙම්මාතගම පියදස්සී හිමිපාණන් වහන්සේ වෙත බාර දෙන ලදී.
ඉන් අනතුරුව අද දහවල් සංඝයා වහන්සේලා හැත්තෑ නමක් (70) විෂයෙහි පැවැත්වූ සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව චීවර පූජාව සහ ආනිශංස ධර්ම දේශනාව සිදු කරමින් කඨින පිංකම නිමාවට පත්විය.
ඡායාරූප : රිදී විහාර මාධ්‍ය ඒකකය
Click here to claim your Sponsored Listing.
Culinary Team
Attire
Contact the business
Telephone
Website
Address
Rideevihara Mawath
London
600040