Hashan Creations
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hashan Creations, Public Figure, Aluthgama.
ඉත්තෑපාන දිස්ත්‍රික් රෝහලේ රුපියල් මිලියන 50 ක් වැය කරමින් ඉදිකළ නව බාහිර රෝගී අංශය සහ හදිසි ප්‍රතිකාරය ඒකකය ජනතා අයිතියට පත් කෙරේ.
කළුතර දිස්ත්‍රික්කයේ පළාත් සභා යටත් වන රෝහල් සංවර්ධනය සඳහා මෙම වසරට රුපියල් මිලියන 350 ක් වෙන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙල යටතේ කළුතර ඉත්තෑපාන දිස්ත්‍රික් රෝහලේ භෞතික සම්පත සංවර්ධනයට පියවර ගනිමින් නවීකරණය කරන ලද නව බාහිර රෝගී අංශය සහ හදිසි ප්‍රතිකාරය ඒකකය (OPD & ETU Copmplex) ජනතා අයිතියට පත් කිරීම (28) දින පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ එම රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ඉත්තෑපාන දිස්ත්‍රික් රෝහලේ පැරණි පිරිමි වාට්ටුව පැවැති ස්ථානයේ රෝහලේ ප්‍රමුඛ අවශ්‍යතාවයකට අනුව රුපියල් මිලියන 50 ක මුදලක් වැය කරමින් මෙම නව ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර, රෝහලේ මෘත ශරීරාගාරය, දන්ත ශල්‍යාගාරය, සායනික ඒකකය සහ සායනික අපද්‍රව්‍ය කළමණාකරණ ඒකකය ඇතුළු ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සඳහා තවත් රුපියල් මිලියන 20 ක මුදලක් ද වෙන් කර ඇත.
ප්‍රදේශයේ 20,000 ක් පමණ වන ජනතාවකට උසස් තත්ත්වයේ රෝග ප්‍රතිකාර සේවාවන් ලබාදෙන ඉත්තෑපාන රෝහලේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ක්‍රියාත්මක හා යෝජිත රෝහලේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත්, මානව හා භෞතික සම්පත් ප්‍රවර්ධනය පිළිබඳවත් ඉත්තෑපාන දිස්ත්‍රික් රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඩබි.ඩි.ජි.එස් විජේසේකර මහතා මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් ද සිදු කරන ලදි.
මෙහිදී පැවැති උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉත්තෑපාන රෝහලට නව ගොඩනැගිල්ලක් සහ පහසුකම් ලැබුනේ පසුගිය වසරේ රජය වෙන් කළ රුපියල් ලක්ෂ 635 ක මුල්‍ය ප්‍රතිපාදන වලින් බව පැවසීය.
රෝහල්වල නතර කර තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කරමින්, වෛද්‍ය, හෙද ඇතුළු මානව සම්පත් බඳවා ගනිමින් සිදු කරමින් ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවා තෘප්තිමත්භාවය ඉහළ නංවමින් සියළු වෘත්තීන් සඳහා අවශ්‍ය පුහුණුවීම් ලබාදීමට ද පියවර ගන්නා බවත්, සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණයට ලක් කරන බව ද පැවසීය.
රාජ්‍ය නිලධාරීන්ගේ වාහන අවශ්‍යතාව ද මෙම වසරේ සපුරාලීමට කටයුතු කරන බවත් මේ වසරේ වැටුප් වැඩිවීම මත රජය අමතරව රුපියල් බිලියන 220 ක් වෙන් කර ඇති බව ද පැවසීය.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පළාත් සභා රෝහල් සංවර්ධනය සඳහා මෙම වසරට රුපියල් මිලියන 350 ක් වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
සෞඛ්‍ය කාර්ය සහායක තනතුරට 1900 බඳවා ගැනීමට අඳාලව ඉල්ලුම්පත් 78,000 ක් වැනි විශාල ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බවත් කඩිනමින් එම පත්වීම් ලබාදීමට පියවර ගන්නා බව ද ඒ අනුව සෞඛ්‍ය කාර්ය සහායක පුරප්පාඩු වලින් සියයට 65 ක් පමණ සමිපුර්ණ කළ හැකි බව ද පැවසු අතර උපස්ථායක උසස්වීම් ලබාදෙන බව ද පැවසීය.
සෞඛ්‍ය සේවාවෙි බෝනොවන රෝග අභියෝගයක්ව ඇති බවත්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනයට රජය ප්‍රමුඛත්වයක් ලබාදෙන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ගම්මන ශ්‍රී සෝභිතාරාමය, මිරිසවතු පුරාණ විහාරය,බදුගොඩ ශ්‍රීලානන්දාරාමය සහ උභය මහා විහාරාධිපති සමස්ථ ලංකා සාම විනිසුරු, කුණ්ඩසාලේ සීවලී හිමි.විහාරදිපති පන්ඩිත හල්විටිගල අමිතසිරි ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආණ්ඩු පක්ෂයේ අගලවත්ත ආසනයේ ප්‍රධාන සංවිධායක ධනුෂ්ක රාමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මතුගම ආසනයේ ප්‍රධාන සංවිධායක සංජීව රණසිංහ, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ධම්මිකා ජයලත්, කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය නවීන්ද සොයිසා, කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සැලසුම් අංශයේ වෛද්‍ය චන්දන සහ වෛද්‍ය ගිහාන් යන මහත්වරු, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පරිපාලන නිලධාරිනි සීතා එන් පතිරගේ, වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රදේශීය ලේකම් රෝෂණී, ඉත්තෑපාන පොලිස් ස්තානාඩිපති චානක ලසන්ත මැතිතුමා ඉත්තෑපාන දිස්ත්‍රික් රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඩබි.ඩි.ජි.එස් විජේසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු ඉත්තෑපාන දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටිය.
කළුතර දිස්ත්‍රික්කය යාවන මොරටුව ,සංගීත ආගමනය පානදුරෙන් පටන් ගන්නා ආක්‍රමණය.
Ⓜ️USIC⭕🅿️S
වෙනස් රස 4️⃣ක්
එකම වේදිකාවක අත්විඳින්න
1️⃣.Saaro ❤️
2️⃣.Classicboyz 🩷
3️⃣.Aayu 💜
4️⃣.Grade 💛
Normal Ticket 💵 500/=
VIP Ticket 💵 1000/=
Ⓜ️usicops සංගමය විසින් පවත්වනු ලබන මේක පිස්සුවක් සංගීත ප්‍රසංගය.2025 සැප් තැම්බර් 20 නි දින
💜සංගීත කණ්ඩායම් 4 සංගීතවත් වන දැවැන්ත ප්‍රසංගයක්💜
🎤Aayu
🎤Classicboyz
🎤Saaro
🎤Grade
🎆නිවේදන කටයුතු කරන දැවැන්ත නිවේදක නිවේදිකාව
🎤සුමිත් පී හේවාවසම්
🎤සුමිත් කරුණාරත්න
🎤දමිත් උදයකුමාර
🎤තිළිණි සේනානායක
🎥 කැමරාකරණය
📽️Ganga Video Team
🕑එහෙනම් එදාට හරියටම 7.00 එන්න.
☘️ දැවැන්ත සංගීත කණ්ඩායම්, ගායක ගායිකාවන්, නර්තන red කණ්ඩායම් පිරිවරා පැමිණෙන දැවැන්ත ප්‍රසංගයට ඔබත් අමතක නොකර පැමිණෙන්න.
👉🏼VIP ආසනද ඇත. 👈🏼
🔉Live Array Sound
🔮Mega Stage
💡LED Panal
🎆Fireworks. CCTV Camara
🎥Covered by Ganga Video Team
බඩ පැලෙන්න තරම් කන්න කෑම🌭🌭
💃🏼ඇතිතරම් වෙලාවක් නටන්න වෙනස් වෙනස් රස Music
Accoustic Band 3
Beat Band 1
🔮6️⃣.4️⃣0️⃣ වෙනකොට ඇවිත් 7.00 සිට මධ්‍යම රාත්‍රී
ය දක්වා නටන්න🕺🏾🕺🏾🕺🏼💃🏾💃🏾
🥰අමතක නොකර පැමිණෙන්න.. 💃🏼පානදුරේ මේ වගේ අතිසාර්ථක වැඩක් බලන්න අමතක නොකර එන්න.⭐
Town Hall එළිමහන්
පිටියේදී ..ආරක්ෂාව උපරිමයෙන්🎼🎼🎼🎹💃🏾💃🏾🕺🏾🕺🏾
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Aluthgama