One Team
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from One Team, Educational Research Center, Ampara.
13/03/2025
USAID cut එක ගැන වෙනම විදියකට බලමු.
24/11/2023
ඇයි අපි තරුණ සංවිධාන එක්ක වැඩ කරන්න ඕන.
******************************************
බැලූ බැල්මට කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේක කාලය නාස්ති කරන තේරුමකට නැති වැඩක් කියලත්.
අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ අපේ comfrot zone එක ඇතුලෙ ජීවත් වෙන්න. උදේ අවදිවෙන්න, වැඩට යන්න, එක්කො කැම්පස් යන්න, ගෙදර එන්න. දවස අවසන් කරන්න. ඒකෙ කිසි වරදක් නෑ. මොකද අපි මේ කරන හැමදේකම අවසන් බලාපොරොත්තුව ජීවිතයට අවශ්‍ය comfort එක සොයාගන්න එක තමයි.
නමුත් අපි පොඩි කාලෙ ඉදන් හුරුකරවලා තියන රාමුව අපේ comfort zone එක කියලා අපි හිතන් හිටියට ඇත්තටම අපි පහසුවෙන් ද මේ ජීවත් වෙන්නෙ??
අපිට පොඩි කාලෙ ඉදන් විශේෂයෙන්ම අපේ පාසල් අද්‍යාපනයේ ඉදන් හුරු කරලා තියෙන්නෙ වයසට ගරු කරන්න. තනතුරුවලට ගරු කරන්න. ඒ නිසා කවදාවත් අපිට ගෙදරදිවත්, පාසලේදිවත් සමහරවිට විශ්වවිද්‍යාලයේදිවත්, රැකියා ස්ථානයේදිවත් අපිට අපේ හැගීම් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. මට ඒකට දුක හිතුනා, තරහා ගියා, මම ඒකට ආස නෑ, ඔයා මට කතා කරන විදියට මම කැමති නෑ, මට පාලුයි, තනියි, මම බය වෙලා ඉන්නේ... මෙන්න මේ වගේ අපිට දැනෙන හැගීම් ප්‍රකාශ කරන්න අපිට අපේ system එකෙන් හුරුකරවලා නැහැ විතරක් නෙවෙයි එහෙම ප්‍රකාශ කිරීම මුලුමනින්ම අෛධර්‍යයට පත් කරලයි තියෙන්නෙ.
පොඩි කාලේ ඉදන්ම අපි සම්බන්දව ගන්න තීරණවලදිවත් අපේ කැමැත්ත ඒතරම් සලකා බලලා නැති නිසාත්, පාසලේදී එහෙම අපිට උගන්නනෙත් ගුරුවරුන්ට, වයසින් වැඩි අයට බය වෙලා වගේ ඉන්න නිසාත් අපිට අපේ හැගීම් ප්‍රකාශ කරන්න තියා අපිට අපේ හැගීම් තේරුම් ගන්නවත් තේරෙන්නෙ නැහැ.
මේකෙ බයානකම තත්වය තමයි අපි පුද්ගලයන් විදියට විතරක් නෙවෙයි ජාතියක් විදියටත් අනිත් තැනැත්තන්ගේ හැගීම් වලට ගරු නොකිරීම. අනිත් අයගෙ කැමැත්තට ගරු නොකරන අනිත් අයගෙ පුද්ගලික අවකාශය උල්ලංඝනය කරන්න අපි යොමු වෙලා තියෙන්නෙ පොඩි කාලේ ඉදන්ම අපේ කැමැත්ත සහ අපේ හැගීම් වලට අවස්ථාවක් හමුනොවුන නිසා.
ඒ නිසා තමයි ආදරය කරන අය අතර, පවුල් ජීවිත ඇතුලෙ, රැකියා කරන තැන් වල අපිට අසතුටින් ඉන්න සිදු වෙලා තියෙන්නෙ.
ඉතින් කවදාවත් ගෙදරදි, පාසලේ දී, විශ්ව විද්‍යාලයේදී, රැකියා ස්ථානයේ දී තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න බැරි වුන අයට, හැගීම් ප්‍රකාශ කරන්න බැරි වුන අයට ඒ සදහා ඉඩකඩ ලැබෙන බොහොම ආරක්ෂිත අවකාශයක් මේ වගේ සංවිධාන තුල ගොඩ නැගෙනවා.
මේ වගේ සංවිධාන ඇතුලේ තමන් වගේ හිතන අය වගේම පරස්පර විරෝධී අදහස් තියන අයත් අපිට හමු වෙනවා. කොහොම වුනත් මෙතන තියන පොදු සාධකය තමයි සමාන වයස් කාණ්ඩයකට අයත් වීම.
ඒ නිසා තමන්ගෙ වයසේ හෝ ඊට ආසන්න පිරිස සමග හෝ ඔවුන් ඉදිරියේ තමන්ව ප්‍රකාශනය කරන්න, අදහස් ඉදිරිපත් කරන්න, තමන්ගෙ අනන්‍යතාවය හොයාගන්න හොඅ තැනක් තමයි මේ වගේ සංවිධාන.
කතා කරන්න, නායකත්වය ගන්න, අදහස් ඉදිරිපත් කරන්න තමන්ගෙ පවුලෙන්, රැකියා ස්ථානයෙන්, පාසලෙන්, විශ්වවිද්‍යාලයෙන් හම්බවෙන්නෙ නැති අවස්ථා මේ වගේ සංවිධාන තුල කෙනෙක්ට හම්නවෙනවා.
ඒ නිසා ඕනෑම රැකියාවක ඉදිරියට යන්න හේතුවන නායකත්ව, සන්නිවේදන කුසලතා, කණ්ඩායම් ලෙස වැඩ කිරීමේ කුසලතා වගේම සාර්ථක වෘත්තීය ජීවිතයකට වගේම පුද්ගලික ජීවිතයට වැදගත් වන emotional intelligence, වේලාවට වැඩ කිරීම, අනිත් අයගෙ කාලයට ගරු කිරීම වගේ ගොඩාක් දේවල් පුරුදු වෙන්න පුලුවන් safe space එකක් තමයි තරුණ සංවිධාන කියන්නේ. ඒ වගේම තමන්ගෙ ඒකාකාරී ජීවිතයෙන් බැහැර වෙලා අලුත් දේවල් ඉගන ගන්න, ගවේෂණය කරන්න, අලුත් මිනිසුන් අදුනගන්න, ලෝකය ගැන දැන ගන්න අවස්ථාවක්.
සමහර විට ඒ හමුවෙන අවස්ථා නිසා ජීවිතයම වෙනස් වෙන තැනක් වෙන්නත් පුලුවන්.
පහළ පිංතූර ගත්තෙ අම්පාර දිස්ත්‍රික්කයේ ලිංගික අපරාධ සහ සමරිසි අයිතිවාසිකම් පිළිබදව අපි කරපු වැඩමුළුවකදී. මෙතනට ඇවිත් හිටපු සියලු දෙනා වගේම යම් කිසි විදියකින් තරුණ සංවිධාන එක්ක වැඩ කරන හෝ වැඩ කරපු තරුණයන්. ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම්, වේලාවට වැඩ කිරීම, එනවා කියපු හැමෝම වැඩමුලුවට ඇවිත් තිබුන එක, ඒ කාලය තුල උනන්දුවෙන් වැඩසටහනට දක්වපු දායකත්වය, අතර මගින් තමන්ගෙ යාලුවෙක්ගෙ උපන්දිනය සමරපු එක ඇතුලු හැම දේ ඇතුලෙම තිබුනා යම් කිසි වෘත්තීයමයභාවයක්. ඒ දේ ඔවුන්ට ලැබෙන්න ඇත්තේ ඔවුන් කාලයක් තිස්සෙ මේ වගේ සංවිධාන එක්ක වැඩ කරලා ලබපු පරිචය වෙන්න ඕන.
Liberal Youth Movement
29/04/2022
- One Team -
Its our forum to empower eachother with knowledge for a better society.
අපි කුමන රැකියාවක නිරත වුනත් කුමන වෘත්තීයක් පුහුණු කලත්, කුමන ව්‍යාපාරයක් සිදු කලත්, කුමන සමාජ, ආර්ථිකමය තත්වයක සිටියත්, කුමන දේශපාලන මතයක් දැරුවත් අපි හැමෝම රටක් විදියට මේ වෙලාවෙ විශාල අර්බුදයකට මෙන්ම අස්ථාවරභාවයකට මුහුණ දෙමින් සිටිනවා කියන එක නොරහසක්!!!
මේ අර්බුදය අපි හැමෝටම පොදුයි. මේ අර්බුදය මතුපිටින් බැලූ බැල්මට ආර්ථිකමය ස්වභාවයක් ගත්තට, මේ අර්බුදය මුලුමනින්ම දේශපාලනිකයි වගේම දීර්ඝකාලීනව ගත් ආත්මාර්ථකාමී, අත්තනෝමතික, නිර්ල්ලජ්ජිත සහ අඥාන දේශපාලන තීන්දු තීරණවල ප්‍රථිඵලයක්.
නමුත් දේශපාලඥයන් තමන්ගේ පුද්ගලික වාසියට රටක අනාගතය උකසට තබලා තීන්දු තීරණ ගනිද්දි රටක් විදියට අපි බහුතරයක් නිහඬව සිටියා. ඇතැම් විට අපිත් දේශපාලඥයන් අපිට දෙන න්‍යායපත්‍ර උඩ ඉඳන් ඒ දේවල් සාධාරණීකරණය කලා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට Constitutional Democracy කියන දේ අපේ ආණ්ඩුක්‍රමයෙන් ටිකෙන් ටික ඈත් වෙලා ඒකාධිපතියෙක් නිර්මාණය වුනා. ඒ ඒකාධිපතියා තම අභිමතයට පමණක් රටක අනාගතය රදා පවතින සියලු තීන්දු තීරණ ගන්නකන් අපි නිහඬව සිටියේ ජාතියක් විදියට අපේ දේශපාලන සාක්ශාරතාවය බොහොම අඩු නිසා.
මේ තරම් බරපතල හානියක් රටට සිද්ධ වෙලා තියෙද්දිත් රටේ සාමන්‍යය පුරවැසියන් වුන අපි මේ අර්බුදය දේශපාලන පක්ෂමය කෝණයන්ගෙන් බලන්නෙත්, මේ ජනාධිපති ගෙදර යවලා කාටද මේ රට භාර දෙන්නේ වගේ බොහොම කම්පිත වෙලා ඉන්නෙත්, අපිට මේ 225 ම එපා කියලා කියන්නෙත්, කවුරු ආවත් මෙච්චරයි කියන්නෙත්, යම් පුද්ගලයෙක් තමන්ගෙ නිලය තුල තමන්ට පැවෙරෙන රාජකාරිය නිසි ලෙස ඉශ්ඨ කලාම එයට වන්ද්නාමාන කරන තත්වයක් ඇති වෙලා තියෙන්නෙත් ඒ වෙනුවෙන් ණයගැති වෙන ස්වභාවයක් ඇතිවෙලා තියෙන්නෙත් ඔන්න ඔය කියන දේශපාලන සාක්ෂරතාවයේ මදිකම නිසා.
ඒ නිසා ඇත්තටම වත්මන් ජනාධිපති, අගමැති ඇතුලු දූෂිත රාජපක්ෂ රෙජිමයම ගෙදර යැව්වත් වැඩක් වෙයිද රටේ පුරවැසියන් විදියට අපිට මේ රටේ ක්‍රමවේදය ගොඩනංවා ගැනීමට තරම් දේශපාලන, ආර්ථික, සමාජයීය කරුණු කාරණා පිළිබද ගැඹුරු අවබෝධයක් නැතිනම්. නිසි දේශපාලන තෝරාගැනීම් සිදු කිරීමට අවශ්‍ය සිද්ධාන්තමය සහ සංකල්පමය දැනුම නැත්නම්.
ඒ නිසා වඩාත් යහපත් සමාජයක් ගොඩනැවීමට නම් මේ කියන දැනුම හුවමාරු කර ගැනීම ඉතා වැදගත්.
අපි හැමෝම හැම දේම දන්නේ නැහැ. හැබැයි අපි හැමෝම මොනවා හරි දෙයක් දන්නවා. ඒ වගේම අපි අතර සමහරක් දෙනෙක් ඇතැම් විශය ක්ශේත්‍ර වල ප්‍රවීණත්වයක් දරනවා. උදාහරණයක් විදියට මේ අර්බුදය නොවන්න උද්දමනය කියන්නේ අපි බහුතරයකට වචනයක් විතරක් වෙන්න තිබුනා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කියන දේ වචන විතරක් වෙන්න ඉඩ තිබුනා. ඒත් දැන් අපිට තේරෙනවා මේ දේවල් ගැන මීට වඩා අවබෝධයක් අපිට තිබුනා නම් මීට බොහෝ කලකට පෙර දේශපාලඥයන් වැරදි තීරණ ගනිද්දි ඊට එරෙහි වෙන්න තිබුනා කියලා.
ඒ නිසා ඉදිරියට මෙවැනි අර්බුද වලට රට ලක් වීම වැලැක්වීම පිණිස දේශපාලන ස්වාබාවයේ සිදුවීම් පිළිබඳ විද්‍යාත්මක සහ තර්කානුකූල ඇසකින් බැලිය හැකි පරපුරක් නිර්මාණය කරනු පිණිස අප එකිනෙකා සතු දැනුම හුවමාරු කරගැනීමේ මණ්ඩපයක් සකස් කරගැනීම කාලීන අවශ්‍යතාවයක් වන බැවින් මෙම One Team පිටුව නිර්මාණය කරන ලද අතර ඔබේ දැනුම අපි සැවොම සමග හුවමාරු කර ගැනීමටත් වඩා යහපත් සමාජයක් ගොඩනැංවීම සදහා අපි එකිනෙකා විසින්ම අප බලගැන්වීම සඳහාත් එකතු වන ලෙස ඔබ සැමට ආරධනා !!!!!
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Ampara