Excel Home
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Excel Home, Construction Company, No 267, kanupalalla Road, Badulla.
19/05/2026
🔆 ඔබේ නිවසේ ඉතිරි වැඩ ටික ඉවර කරගන්න විශ්වාසවන්ත තැනක් බලනවද 😊.Excel Home - Badulla 🛠️🏡
🔆 ඔබේ නිවසට, ව්‍යාපාරයට හෝ කර්මාන්තශාලාවට අවශ්‍ය ඉහළම ප්‍රමිතියේ සියලුම වෙල්ඩින් සහ යකඩ වැඩ දැන් එකම තැනකින්!
➡️ අපගේ සේවාවන්: ⬇️⬇️
✅යකඩ ගේට්ටු සහ අත් වැටවල් (Gates & Railings)
✅යකඩ වහල සහ කැනපි (Roofing & Canopies)
✅ජනෙල් ග්‍රිල් සහ සිවිලිම් (Window Grills & Ceilings)
✅කබානා සහ රෙස්ටුරන්ට් ව්‍යුහයන් (Cabana & Restaurant Structures)
🎯 පළපුරුදු ඉංජිනේරු අධීක්ෂණය,
🔆 උසස්ම නිමාව සහ නියමිත වේලාවට වැඩ නිමකර දීම.
🔆 නොමිලේ ඇස්තුමේන්තුව ලබාදීම...
🔆 විශ්වාසවන්ත සහ ශක්තිමත් නිමාවකට අදම අපට කතා කරන්න!
📞 දුරකථන: 0776805363
📍 ස්ථානය: No 267 , කණුපැලැල්ල, බදුල්ල
සරුංගල් කන්ද ⛰️⛰️⛰️
#බදුල්ල #කබානා
01/05/2026
🏗️ ලෝක කම්කරු දිනය: මරණය අභියස ලියැවුණු වීරත්වයේ ඉතිහාසය💪💪
අද අප භුක්ති විඳින බොහෝ අයිතිවාසිකම් එදා කම්කරුවන් තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවා දිනාගත් ඒවා බව බොහෝ දෙනෙක් නොදනිති.
🔶 පැය 18ක වහල් මෙහෙය😔
19 වන සියවසේ අගභාගයේදී කම්කරුවන්ට සූර්යයා උදාවූ මොහොතේ සිට මධ්‍යම රාත්‍රිය වන තෙක්, දිනකට පැය 15 සිට 18 දක්වා අතිශය දුෂ්කර කොන්දේසි යටතේ වැඩ කිරීමට සිදුවිය. ඔවුන් සැලකුණේ මිනිසුන් ලෙස නොව, යන්ත්‍ර සූත්‍රවල තවත් එක් කොටසක් ලෙස පමණි.
🔶 චිකාගෝ නුවර අමරණීය අරගලය (1886)
මෙම වහල් මෙහෙයට එරෙහිව "අපට පැය 8ක වැඩ, පැය 8ක විවේකය සහ පැය 8ක විනෝදය අවශ්‍යයි" යන සටන් පාඨය පෙරදැරිව, 1886 මැයි 01 වනදා ඇමරිකාවේ චිකාගෝ නුවරින් මහා සටනක් ඇරඹුණි. ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් වැඩ වර්ජනය කරමින් වීදි බැස තම අයිතීන් ඉල්ලා හඬ නැගූහ.
🔶 හේමාකට් (Haymarket) සංහාරය සහ වීරත්වය
මැයි 04 වනදා චිකාගෝ හි හේමාකට් චතුරශ්‍රයට රැස්වූ සාමකාමී කම්කරුවන්ට පොලිසිය ම්ලේච්ඡ ලෙස ප්‍රහාර එල්ල කළේය. එතැනදී කම්කරුවන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, අරගලයට නායකත්වය දුන් වීරයින් කිහිප දෙනෙකු අසත්‍ය චෝදනා මත එල්ලා මරා දමන ලදී.
"අපගේ නිහඬතාවය ඔබ අද මර්දනය කරන අපගේ හඬට වඩා බලවත් වන දිනයක් අනාගතයේදී උදාවනු ඇත!" මරණ දණ්ඩනයට පෙර ඔවුන් පැවසූ මෙම වදන් මුළු ලෝකයේම කම්කරු හෘදසාක්ෂිය අවදි කළේය.
🔶 ජයග්‍රහණය
එම ලේ වැගිරුණු කැපකිරීම් නිසාම, මුළු ලෝකයටම "පැය 8ක වැඩ දිනය" නීතියක් ලෙස පිළිගැනීමට සිදුවිය. එදා ඒ වීරයන් තැබූ අඩිතාලම අද ඔබත් මමත් භුක්ති විඳින වෘත්තීය ගෞරවයේ පදනමයි.
ලෝක කම්කරු දිනය යනු හුදෙක් උත්සවයක් නොව, දහඩියෙන් සහ ලේවලින් ලොව නිර්මාණය කරන වැඩ කරන ජනතාවගේ අභිමානය සහ ශක්තිය සමරන දිනයයි!
අභිමානවත් ලෝක කම්කරු දිනයක් වේවා!
18/03/2026
🛠️ Excel Home වෙතින් නව රැකියා අවස්ථා! 🏗️
බදුල්ල අවට සිටින වෙල්ඩින් ක්ෂේත්‍රයේ දක්ෂයින් සඳහා කදිම අවස්ථාවක්!
අපගේ ඉදිකිරීම් කණ්ඩායම ශක්තිමත් කිරීමට පහත තනතුරු සඳහා දැන් බඳවා ගැනීම් සිදු කෙරේ
✅ තනතුරු:
වෙල්ඩින් කාර්මිකයන්
පළපුරුදු අත් උදව්කරුවන්
✅ අවශ්‍ය සුදුසුකම්:
ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහ කණ්ඩායම් හැඟීම.
බදුල්ල අවට පදිංචිකරුවන්ට විශේෂත්වය හිමිවේ.
💰 වැටුප් සහ දීමනා:
ඔබගේ දක්ෂතාවය මත ආකර්ෂණීය වැටුපක් සාකච්ඡා කරගත හැකිය.
📞 අයදුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා අමතන්න: 077 680 5363
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No 267, Kanupalalla Road
Badulla
90000