Badulla #1st

Badulla #1st

Share

Official page of District Federation of Youth Clubs Badulla

Photos from Badulla #1st's post 25/12/2025

35 වන ජාතික යොවුන් ක්‍රීඩා උළෙල - 2025

පසු ගිය දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවති 35 වන ජාතික යොවුන් ක්‍රීඩා උළලේදී මීටර් 10000 පිරිමි තරගයෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන බදුල්ල දිස්ත්‍රීක්කය රනින් සැරසූ ගෝබී නාථ් ආදරණිය සහෝදරයාට අපගේ උණුසුම් සුබ පැතුම් එක් කර සිටින අතර

34 වන ජාතික යොවුන් ක්‍රීඩා උළලේද මීටර් 10000 ධාවන ඉසව්වෙන් රන් පදක්කම ලබාගනිමින් මෙවරත් නොකඩා දෙවනි වරටත් රන් පදක්කම තම නම ඉදිරියේ සනිටුහන් කරගැනීමින් ඔබ ලැබූ ජයග්‍රණයට බදුල්ල දිස්ත්‍රීක් ආදි යෞවනයන් හැටියට අප කෘතවේදී වන්නෙමු.

ජාතික මට්ටමේ තරගාවලියක් තුළින් බදුල්ල දිස්ත්‍රීක්කයට ජයග්‍රණ රැසක් අත්කර දුන් ඔබට නුදුරු අනාගතයේම ජාත්‍යන්තරය ඉදිරියේ ලක්මාතාව රනින් සැරසවීමට ශක්තිය ධෛර්යය ලැබේවායී ප්‍රාර්ථනා කරන්නෙමු.

Photos from Badulla #1st's post 20/06/2024

බදුල්ල යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලනයේ තරුණ නායක නායිකාවන්ගේ සහ යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල සභාපති වරුන්ගේ ධාරිතා සංවර්ධන වෙනුවෙන් සංවිධානය කරනු ලැබු "visonary young leader" නායකත්ව පුහුණු කදවුර මෙම මස 07/08/09 යන දිනයන්හි බදුල්ල ඌව මහා විද්‍යාලයේදී අති සාර්ථකව පවත්වන ලදි..
මෙය සාර්ථක කර ගැනිමට සහයෝගය දුන් සැමට ස්තුති...
යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලනය බදුල්ල

11/05/2024

තුරුණු වෙසක් 2024
ජාතික තරුණ සේවා සභාවේ බදුල්ල දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය මගින් ක්‍රියාත්මක කරනු ලබන තුරුණු වෙසක් වැඩසටහන මැයි මස 23/24 දෙදින බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති සැම ග්‍රාමසේවා වසම් තුල පිහිටුවා ඇති යෞවන සමාජ හා එම ගම තුල පිහිටි පන්සල කෙන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන පැවැත්විමට සැලසුම් කර ඇත...
*සීල සමාදාන වැඩසටහන්
*බණ හෝ කවි බණ
*බෝධි පූජා
*දන්සල්
*වෙසක් කූඩු ප්‍රදර්ශනය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට සුදානම්....

වැඩසටහන අවසා⁣නයෙ ඡායාරූප 4 කොට්ඨාසයේ තරුණ සේවා නිලදාරි තුමාගේ හො ප්‍රාදේශීය මණ්ඩල සභාපති,සංවිදායක ගේ Whtsapp අංකයට යොමු කල යුතුය....

යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලනය බදුල්ල

10/05/2024

තුරුණු වෙසක් - 2024

උතුම් තෙමගුළ සිහිකරමින් ජාතික තරුණ සේවා සභාවේ බදුල්ල යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන තුරුණු වෙසක් පොහෝදින වැඩසටහන් මාලාව දිස්ත්‍රික්කයේ සෑම යෞවන සමාජ බළප්‍රදේශයකම පිහිටි බෞද්ධ ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනින් මැයි මස 23 සහ 24 දෙදින.

අභියෝග බිදලමින් අලුතින් පටන් ගමු.

යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලනය බදුල්ල

#තුරුණුවෙසක් Badulla

14/12/2023

හල්දුම්මුල්ල යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය සංවිධානය කරනු ලබන "HOLI FESTIVAL 2023" දෙසැම්බර් 24 වන දින හල්දුම්මුල්ල ප්‍රාථමික විද්‍යාල ක්‍රිඩාංගනයෙදී පැවැත්වේ..බදුලු දිස්ත්‍රික් තාරුණ්‍යයට ආරාධනා....

යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලනය බදුල්ල

Want your organization to be the top-listed Non Profit Organization in Badulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Badulla