Paththara Cartoon

Paththara Cartoon

Share

Paththara walin balanna bari vena paththara cartoon eka thanakin balanna awasthawa laba deema mema pi

26/04/2026

🛑 රටටම අබ සරණයි! සුපේෂල ශික්ෂාකාමී "චීවරධාරීන්" පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග කොටුවෙයි 👇👇👇

​කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම සහ පිළිකුල් සහගතම මත්ද්‍රව්‍ය ජාවාරම ඊයේ රාත්‍රියේ නිරාවරණය විය. බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුතු "කුෂ්" සහ "හෑෂ්" මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරීන් 22ක් අත්අඩංගුවට ගෙන තිබේ.

​⚠️ සිද්ධියේ ඇතුළාන්තය:
​තොගයේ බර: කිලෝග්‍රෑම් 110කට අධිකයි (එක් අයෙකු සතුව කිලෝ 5කට වඩා තිබී ඇත).

​සූක්ෂ්ම ක්‍රමය: පාසල් උපකරණ සහ රසකැවිලි අඩංගු ගමන් මලු තුළ ව්‍යාජ පතුල් සකසා මෙම මත්ද්‍රව්‍ය සඟවා තිබුණි.
​තායිලන්ත සවාරිය: පසුගිය 22 වනදා අනුග්‍රාහකයෙකුගේ වියදමින් තායිලන්තයට ගිය මෙම පිරිස, එහිදී ගිහි ඇඳුමින් සැරසී විවිධ "කෙළිලොල්" ක්‍රියාවල නිරත වන වීඩියෝ සහ ඡායාරූප ඔවුන්ගේම දුරකථනවල තිබී හමුවී ඇත.

​සැකකරුවන්: දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි, උසස් අධ්‍යාපනය හදාරන බව කියන තරුණ චීවරධාරීන් පිරිසකි.

​"කටුනායක ඉතිහාසයේ එකම අවස්ථාවක අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය වන අතර, චීවරධාරීන් පිරිසක් මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරමකදී කොටු වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ."
​මෙය කාගේ වරදක්ද?

​ශාසනයට මුවා වී රටේ තරුණ පරපුර විනාශ කරන මෙවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව උපරිම දඬුවම් දිය යුතු නොවේද? අද උදෑසන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත මෙම පිරිස පිටුපස සිටින "මහා මොළකරුවන්" කවුද?

13/04/2026

ඔයාටත් ගෑස් හම්බ උනානම් කමෙන්ට් එකක් දාන්න

Want your establishment to be the top-listed Arts & Entertainment in Balangoda?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Balangoda
502