Saranga Rathnayake
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Saranga Rathnayake, Lawyer & Law Firm, Battaramulla.
11/04/2026
කාන්තාවක් ලෙස ජීවිතේ ඉහළට යන්න හිතනකොට… සමාජය කතා කරනවා.
ඒත් ඒ කතා නිසා නවත්තගත්තොත්, අපේ ගමනත් එතැනින්ම නවතිනවා.
අද අපි බලන Christina Koch වගේ කෙනෙක් ලෝකයම ජයගත්තේ…
අයියෝ කතාවක් එයිද කියලා නොවෙයි—
“මට ඕන දේ මම කරනවා” කියන හිතකින් 💪🚀
අපේ රටේ කාන්තාවක්, පිරිමි තුන් දෙනෙක් එක්ක අභ්‍යවකාශයට ගියත්…
කතා නැතුව ඉන්නවද? නෑ. කතා වෙයි. 🤷♂️
ඒත් ප්‍රශ්නය ඒක නෙවෙයි—
👉 ඔයාට ඒක කරගන්න පුළුවන්ද?
👉 ඔයාට ඒක කරන්න හිතෙනවද?
ඇත්තටම ජීවිතේ ජයගන්නෙ,
බය නැතුව risk එකක් ගන්න,
අය කියන කතා වලට වඩා, තමන්ගේ හිත අහන්න පුළුවන් අය 💯🔥
ඒ නිසා…
🌟 “කවුරු මොනවා කියයිද?” කියලා හිතන එක නවත්තන්න
🌟 “මට කරන්න ඕනේ දේ මොකක්ද?” කියලා හිතන්න
ඔයාගේ සිහින වලට සීමාවක් නෑ ❤️🚀
ඒක ඔයාම ඔප්පු කරන්න! 💫🇱🇰
- Saranga Rathnayake-
11/04/2026
මේ දිනවල ෆේස්බුක් එකේ ඔබට පෙනෙන ඒ ලස්සන සිනහව ඇතුළේ තියෙන්නේ මනුෂ්‍ය වර්ගයා අභ්‍යවකාශයට ගිය විශාල ජයග්‍රහණවල කතාවක් ✨🌍🚀 ඒ සිනහව අයිති වෙන්නේ Christina Koch ට 😊
“ගැහැනියකට මෙතරම් ශක්තියක් තියෙනවද?” කියලා කවුරු හිතුවත් 🤔 ඇගේ ජීවිත කතාව ඒකට හොඳම පිළිතුරක් 💪🔥
ඇය අඛණ්ඩව දින 328ක් International Space Station තුළ රැඳී සිටිමින් 🚀🌌 එක් ගමනකදී වැඩිම කාලයක් අභ්‍යවකාශයේ ගත කළ කාන්තාව ලෙස ලෝක වාර්තාවක් තැබුවා 🏆👩🚀
2019දී, කාන්තාවන් දෙදෙනෙකු පමණක් සහභාගී වූ පළමු “All-Woman Spacewalk” එක සාර්ථකව නිම කළ කණ්ඩායමේ අංගයක් වුණෙත් ඇයයි 👩🚀👩🚀✨
NASA විසින් ක්‍රියාත්මක කරන “Artemis II” මෙහෙයුම සඳහා තේරී පත් වූ අය අතර ඇයද සිටිනවා 🌕🚀 මේ මහා ගමන ඇගේ ජීවිතයේ තවත් විශේෂ ජයග්‍රහණයක් 💫
ඇය විදුලි ඉංජිනේරුවරියක් පමණක් නොවෙයි ⚡👩💻—අභියෝගවලට මුහුණ දෙන ශක්තිමත් චරිතයක් 💥 ඇන්ටාක්ටිකාව සහ ග්‍රීන්ලන්තය වැනි දැඩි පරිසරයන් යටතේ පර්යේෂණ කළ ඇය ❄️🌬️ තමන්ගේ හැකියාව නැවත නැවතත් ඔප්පු කරලා තියෙනවා 💯
ඇයි මේ කතාව අපිට වැදගත් වෙන්නේ? 🤍
මොන ක්ෂේත්‍රයක වුණත්, ඉහළට යන්න කාන්තාවකට සීමාවක් නැහැ 👩🚀🌍 ඒක ඇය ඔප්පු කළේ පෘථිවියෙන් පමණක් නොව—අභ්‍යවකාශයට ගිහින් 🚀🌌
“කළ නොහැක්කක් කියලා දෙයක් නැහැ” 💫 කියන අදහස ඇය අපි හැමෝටම—විශේෂයෙන්ම අපේ රටේ දියණියන්ට—දෙන ශක්තිමත් පණිවිඩයක් 💖🇱🇰
විශ්වයත් ජයගත් මේ දිරියට අපේ ගෞරවය! ❤️🚀🌟💐
- Saranga Rathnayake-
23/06/2023
අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් දැවැන්ත වූ කාර්යක් ලෙස Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහ ගරු අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කලා.
ජාතික කර්මාන්ත දිනය ලෙසින් නම් කෙරුණ අද දිනය මුල්කොට ගෙන ඇරඹූ කර්මාන්ත සතිය තුළ ක්‍රියාත්මක මෙම ප්‍රදර්ශනයේදී පසුගිය වසර දෙකක කාලය තුළ අතිශය බාධක මැද ශ්‍රී ලාංකේය කර්මාන්තකරුවන් , නිෂ්පාදකයන් නොසැලී සිටිමින් සිය ජාතික වගකීම ඉටුකළ ආකාරය සහ ඔවුන්ගේ නිෂ්පාදන හැකියාවන් ප්‍රවර්ධනය කොට ගෙන ඇති ආකාරය නරඹන්නන් හට වඩාත් හොදින් දැකගන්න පුළුවන්.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Battaramulla