EverCeylon

EverCeylon

Share

Village Life & Foods, Jungle Survival, Primitive Technology ..

අපෙන් ගිළිහෙන පළතුරු - නලල් බටු - EverCeylon 05/07/2021

අපෙන් ගිළිහෙන පළතුරු - නලල් බටු - EverCeylon අප භාවිතයට නොගන්නා බොහෝ එලවළු පලතුරු ඇති අතර නලල් බටුද එවැනි පළතුරකි.

ශ්‍රී ලාංකිකයන්ගෙන් ඈත්ව ගිය දේශීය ජන ක්‍රීඩා. - EverCeylon 26/06/2021

ශ්‍රී ලාංකිකයන්ගෙන් ඈත්ව ගිය දේශීය ජන ක්‍රීඩා. - EverCeylon විවේකය, උත්සවයන් අර්ථාරූපීවගත කිරීම සඳහාත් කුටුම්බ ජීවිතය තුළ හා අසල්වැසියන් අතර සහයෝගය වර්ධනය කිරීම සඳහාත් පැ.....

16/04/2020

මුගුණුවැන්න පලා වර්ගය ලෙස වරදවා මිනිස්‌ ශරීරයට අහිතකර කිඹුල්වැන්න (ඇලිගේටර්) නම් ආක්‍රමණික පැළෑටිය යළිත් විශාල වශයෙන් එළවළු වෙළෙඳසල්වල විකිණීමට තබා ඇතැයි කෘෂි පර්යේෂකයෝ පවසති.

අධික ලෙස බැර ලෝහ (හෙවි මෙටල්) ගබඩා කරගත හැකි මෙම ආක්‍රමණික ශාකය ආහාරයට ගැනීම නිසා. පිළිකා,වකුගඩු අක්‍රිය වීම වැනි දැඩි සෞඛ්‍යය ගැටලු ඇති වේ

කලකට පෙර මෙම පැළෑටිය පිළිබඳව කෘෂි විද්‍යාඥයන් විසින් හෙළිදරව් කිරීමෙන් පසු පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ ක්‍රියාත්මක වුව ද මේ පිළිබඳව අවධානය ගිලිහීමෙන් පාරිභෝගිකයන් යළි නොදැනුවත්වම කිඹුල්වැන්න පැළෑටිය පළා වර්ගයක්‌ ලෙස අනුභව කරමින් සිටින බව ගිරාඳුරුකෝට්‌ටේ කෘෂි පර්යේෂණ මධ්‍යස්‌ථානයේ හිටපු ප්‍රධානී සනත් එම්. බණ්‌ඩාර මහතා පවසයි.

තමා මහනුවර ප්‍රදේශයේ කළ සොයා බැලීම්වලදී වෙළෙඳසල්වල විශාල වශයෙන් කිඹුල්වැන්න විකිණීමට තබා තිබෙනු නිරීක්‍ෂණය කළ බව ද ඔහු වැඩිදුරටත් 'දිවයින'ට පැවසීය.

කිඹුල්වැන්න පැලෑටියේ දණ්‌ඩේ බටයක්‌ ආකාරයට කුහරයක්‌ පැවතීම, සෑම මලකටම කුඩා නටුවක්‌ පිහිටීම, මල උසට පිහිටීම,ළපටි අවධියේ සිට මල් පිපීම යන ප්‍රධාන කරුණු මඟින් කිඹුල්වැන්න පැළෑටිය මුගුණුවැන්න ශාකයෙන් වෙන්කොට හඳුනාගත හැකිය. එසේම එක වරම පළසක් එලුවා මෙන් අනෙකුත් පැලෑටි වසාගෙන ඉක්මන් පැතිරීමක්ද පෙන්වයි.

නමුත් මුගුණුවැන්න ශාකයේ මල් පොකුරු ලෙස කදේ සන්දි වල පවති. දණ්‌ඩේ බටයක් මෙන් පැහැදිලි කුහරයක්ද නැත.
වැවෙන විට සුළු කාලයක් තුළදී ඉතා ඉක්මනින් වැවෙන්නේ නැත. ඇලිගේටර් පැළෑටි විශේෂය මෙන් එක යායට ඉබේ වැවෙන්නේ ද නැත. තම අවට ඇති පැළෑටි විනාශ කරමින් පැදුරක් එලුවා සේ වැවෙන්නේ නැත.
ඉතා හොඳ ප්‍රචාරණ ව්‍යාපාරයක්‌ මේ පිළිබඳව දියත් කළ යුතුව ඇති බව ද බණ්‌ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

ජගත් කණහැරආරච්චි

Want your business to be the top-listed Media Company in Battaramulla?
Click here to claim your Sponsored Listing.

Category

Address


Battaramulla