Praana Yathraa

Praana Yathraa

Share

නිරෝගීමත් දිවියකට උපදෙස්

23/04/2023

මේ දිනවල පවතින උශ්නය අදික තත්වය නිසා , ශරිරයේ ඇති අපහසුතා සමනය කරගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග

*උදෑසන ස්නානය කිරිමට පුරුදුවන්න
*දිනකට අවම ජලය ලීටර් 5 ක් පානය කරන්න
*උණුවතුර පානය කිරිමෙන් වළකින්න .
*කෝමාරිකා සුදු මදය ආහාරයට ගන්න
*කැහිපිත්තන් කොල ආහාරයට ගන්න
*නෙල්ලි රසකිස තම්බා පානය කරන්න
*බැදපු කොත්තමල්ලි සමග ඉගුරු තම්බා පානය කරන්න

06/03/2023

ආයුබෝවන් 🙏

පින්බර මැදින් පොහොයදිනයක් වේවා !

*මැදින් පොහොයේ වැදගත්කම බුදු හිමියන් ප්‍රථම වරට කිඹුල්වත් නුවරට වැඩම කිරීම.

* ශාක්‍ය වංශිකයන්ගේ මානය බිද හෙලීමට යමාමහ පෑම.

* නන්ද කුමරු සසුන්ගත් වීම .

* සුද්ධෝධන රජු තෙවන වරටත් බුදුහිමියන්ට නමස්කාර කිරීම.

තෙරුවන්සරණ යන්න.. 🙏🙏

21/10/2022

උතුරට කප්රුකක් වූ තල් ගස....

"තල්" ඇත්තටම තල් කියන්නේ අපිට පලතුරක් වුනාට උතුරේ මිනිසුන්ගේ ප්‍රදානම ආදායම් මාර්ගයක් ලෙස තල් හැදින්විය හැක.. එනම් තල් ගහේ සෑම කොටසකින්ම විවිධ ආකාරයේ ප්‍රයොජනයන් ඇති හෙයිනි..
වියළි දේශගුණයක හොඳින් වැඩෙන තල් ගස් නියං සමයකදී වුව ද හොදින් වර්ධනය වේ.. පසේ ඇති ජලය සංරක්ෂණය කිරීමත් .. නිසරු පස සරුසාර කර ගැනීමටත් මෙය වැදගත් වේ. එපමණක් නොව තල් ගසට පලිබෝධ හානිය අල්පය.

තල් සතු පෝෂක
විටමින් A, B, C,
පොටෑසියම්
කැල්සියම්
පොස්පරස්
සින්ක්
යකඩ අඩංගු වේ..

තල් නිසා ඔබට ලැබෙන ප්‍රතිලාභ
1. ඇස් පෙනීම වර්ධනයට
2.අස්ති සහ දත් ශක්තිමත් කිරීම
3.රක්ත හීනතාවල වැලක්වීම
4.රුධිර පීඩනය අවම කිරීම
5. මොලය වර්ධනයට
6. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම
7.සම රැලි වැටීම වැලක්වීම
8.හිසකෙස් නිරෝගිමත් කිරීම
9.ආහාර ජීර්ණය පහසු කිරීම
10.ශරිරය සිසිල් කිරීම

තල් ආශ්‍රිත ආහාර සහ පාන
එනම් තල් කුරුම්බා , ඉදුනු තල්, තල් අල තම්බා, තල් අල තම්බා වියලා,තල් රා.., තල් අරක්කු, තල් වයින්,තල් හකුරු ,ඉඳුණු තල් ගෙඩියේ යුෂ වලින් තල් කැවුම්, තල් පිනාටු වැනි රසවත් ආහාර නිපදවීමට යොදා ගනියි. තල් ගෙඩියක ඇට දෙකක් හෝ තුනක් පවතී. එම ඇට පැළ කර ලබාගන්නා තල් අල වලින් තල් පිටි සාදාගනු ලබයි. මෙම තල් අල පිටි වලින් විවිද රස කැවිලි, පිට්ටු හා කූල් වැනි උතුරේ ආවේණික ආහාර රැසක් ඇත. තල් ආශ්‍රිතනිෂ්පාදන ද වෙළෙඳ පොළේ මිලදී ගැනීමට ඇත. ඒ තල් බිස්කට්, තල් ජෑම්, තල් යෝගට්, තල් පැණි, තල් පලතුරු බීම, ක්ෂණික තල් පාන වේ.

තල් ආශ්‍රිත නිර්මාණ
මුළුතැන්ගෙයි ඇසුරුම් පෙට්ටි, කිරි ගොටු, මලු, වටාපත්, පැදුරු, තොප්පි, හැඹිලි, අත් බෑග්, ආභරණ පෙට්ටි ආදිය තල් පත්‍ර ඇසුරෙන් නිපදවන භාණ්ඩ අතර ප්‍රධානවේ.එපමණක් නොව තල් පත්‍ර නිවාස සෙවිලි කිරීමට, වැටවල් සඳහා මෙන් ම යාපනයේ ගොවිතැන් කටයුතු වලදී බෝගවලට සෙවණ සැපය‍ිමට ආවරණ ලෙස ද යොදා ගනී. තල් ශාකයේ කොටස් උපයෝගි කොට ගෙන නිපදවන මල් බඳුන්, විසිතුරු මල්, බිත්ති සැරසිලි සංචාරක ආකර්ෂණයට තුඩු දෙන අනෙකුත් නිෂ්පාදන අතරවේ. තවද තල් කඳ කල් පවතින දෘඪ දැවයක් හෙයින් එය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු සඳහා යොදා ගනී. ලණු කොසු ආදිය තල් ආශ්‍රිතව සිදු කරන තවත් නිෂ්පාදන වේ.

ඉතිම් තල් කියන්නේ ආහාරයක් ම පමණක් නොව වානිජ වශයෙන් ඉතා වටිනා පලතුරකී .. ඔබත් තල් ආහාරයට ගෙන නිරෝගිමත් මිනිසෙකු ලෙසින් ජිවීතය ගත කරන්න.


#ආයුර්වේද #හෙළ_ඔසු
#ප්‍රාණ_යාත්‍රා #සිංහලබෙහෙත් #තල්

https://www.facebook.com/PraanaYathraa

Want your practice to be the top-listed Clinic in Biyagama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


New Kandy Road
Biyagama