HSLK production

HSLK production

Share

potos & vedio

Photos from HSLK production's post 01/07/2023

News
---------
මුලටියනේ හා මාකදුරේ විශේෂ මෙහෙයුමක්. ගිණිඅවි හා හෙරොයින් සමඟ සිව්දෙනකු පොලිස් විශේෂ කාර්ය බලකා දැලේ පැටලෙයි
---------
විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ(30) රාත්‍රී මුලටියන සහ මාකඳුර යන ප්‍රදේශ වල සිදු කරනු ලැබු වැටලමකදි ගිණි අවි හා හෙරොයින් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා තිහගොඩ පොලීසිය බාර දි ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරුවන් සමඟ හෙරොයින් ග්‍රෑම් 12 මිලි ග්‍රෑම් 80ක් , මිලිමිටර9 උණ්ඩ යෙදිය හැකි ඇමරිකාවේ නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ එම මැගසිනයක්, ඒ.කේ47(AK47) වර්ගයේ ගිනි අවියක් හා මැගසිනයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් කියා සිටි.

මෙම සැකකරුවන් මුලටියන සහ මාකදුර යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 36, 43, 44 හා 51 යන වයස් වල පසුවන පුද්ගලයන් සිව් දෙනෙකු වන බව පොලීසිය සඳහන් කරයි.

සිදුකල වැඩිදුර විමර්ශණ වලදි අනාවරනය වි ඇත්තේ දැනට මියගොස් සිටින ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවෙකු, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා පාතාල කල්ලි නායකයෙකු වූ මාකඳුරේ මධූෂ් යන අය සමග සමීප සම්බන්ධතා පවත්වා මේ වන විට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවෙකු වන රොටුඹ රසික යන අය සමග අත්අඩංගුවට පත් සැකකරුවන් සමීප සබඳතා පවත්වා ඇති බවත් ඔවුන් උපයෝගී කරගනිමින් මෙම ගිනි අවි සඟවා තබා රොටුඹ රසික යන අය බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලබන අපරාධ කටයුතු වෙනුවෙන් ගිනි අවි සැපයීම මෙම සැකකරුවන් සිදුකර ඇති බවයි.

දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.ජී.එස්.සී. නිශ්ශංක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලිම සිදු කර ඇත

21/06/2022

නිවන්සුව අහමඩ්ෂා! බැජී හිතාගන්න අමාරුයි බන් .😔
ජාති දෙකක් ආගම් දෙකක් උනාට එකම "ලේ" අපේ එකෙක්❤️
මෙවන් අකල් මරනයක් කිසිදු දිනක සිදු නොවේවා!!!🙏🙏🙏

Photos from HSLK production's post 15/06/2022

රටේ ආහාර සුරක්ෂිතතාවය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත පැවරෙන රාජකාරි වලට අමතරව මෙයට වසර දෙකකට පෙර සිට කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු කටයුතු සිදු කිරීම ආරම්භ කරන ලදී .විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ මඟ පෙන්වීම සහ සෘජු අධීක්ෂණය යටතේ දිවයින පුරා පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරු වල නිලධාරීන්ගේ දායකත්වයෙන් වගා කටයුතු ආරම්භ කරන ලදී .එහි සාර්ථකත්වය ලෙස මඩකලපු දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවා ආයතන අතර පැවති ආදර්ශ ගෙවතු වගා තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා කලවංචිකුඩි කදවුර සමත් විය .මෙහිදි කාබනික පොහොර ආශ්‍රිතව සිදුකරන ලද කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ලෙස බෝග වගාව විශේෂ කාර්ය බලකාය විසින් ආරම්භ කරන ලද අතරඑය මගින් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අතර කාර්යක්ෂමතාවය සහ වස විසෙන් තොර ආහාර ලබාගැනීමෙන් නිරෝගීභාවය ,ආහාර සඳහා යන වියදම අවම මට්ටමක පවත්වාගෙන යෑම ආදී කරුණු රාශියක් සාක්ෂාත් කර කරගැනීමට හැකි විය 2022.06.15 වන දින පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ මූලිකත්වයෙන් යුතුව අධ්‍යක්ෂ පුහුණු විශේෂ කාර්ය බලකාය කළුතර කලාප අණදෙන නිලධාරි අධිවේගී මාර්ගයේ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම් කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි අතුල රත්නායක මහතාගේ අධීක්ෂණයෙන් යුතුව කළුතර බේරුවල මහ වෙල් යාය ප්‍රදේශයේ අක්කර 7ක පමණ පුරන්ව ගිය වගුරු බිමක් මැලේසියාව ඉන්දුනීසියාව තායිලන්තය වැනි රටවල් අනුගමනය කරන ලෝකයේ දියුණුම වගා කිරීමේ තාක්ෂණික ක්‍රමයක් වන සෝජාන් ක්‍රමය මෙරටට හඳුන්වා දෙන නියමු ව්‍යාපෘතියක් සහ ආදර්ශ වගා බිමක් ලෙස ලෙස ආරම්භ කරන ලදී සෝජාන් ක්‍රමය යටතේ පොල් පැල සිටුවීම ආරම්භ කරන ලදී මේ සඳහා සියලුම රාජ්‍ය ආයතන වල එකමුතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායෙ ශ්‍රම දායකත්වයෙන් සෝජාන් ආදර්ශ වගා බිම ආරම්භ කරන ලදී .කළුතර දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජානක මහතාගේ සෘජු අධීක්ෂණය සහ උපදේශකත්වය මේ. සඳහා ලැබුණු අතර බේරුවල ප්‍රාදේශීය ලේකම් රංජන් පී පෙරේරා මහතාගේද දායකත්වය මේ සඳහා ලැබුණි මෙම සෝජාන් වගා ක්‍රමය යටතේ පොල් වලට අමතරව මිරිදිය මත්ස්‍ය වගාවද සිදුකරන අතර එයට සමගාමීව එළවළු සහ වෙනත් බෝග වගා කරනු ලබයි .අධ්‍යක්ෂ කෘෂිකර්ම ජේ.ඒ.තුසිත නන්දන මහතා අවශ්‍ය බීජ සහ වගා කරන කටයුතු සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ මෙම සත්කාරය බල ගැන්වීමට දායකත්වය ලබා දෙන ලදී .එමෙන්ම භූමිය සහ පස සකස් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් සහ යන්ත්‍රෝපකරණ ලබාදෙමින් වාරිමාර්ග ඉංජිනේරු සංජීවනි මහත්මියද ,ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් කළුතර අරුණි අබේවික්‍රම මහත්මිය ද ,නියෝජ්‍ය අධ්‍යක්ෂ පළාත් කෘෂිකර්ම කළුතර නිලක්ෂි මහත්මියද ,දිස්ත්‍රික් කෘෂි ව්‍යාපාර උපදේශක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පාලිත මහතා ,සහකාර අධ්‍යක්ෂ ඉඩම්එච්.එමි.චන්ද්‍රසේන මහතා ,අධ්‍යක්ෂ සැලසුම් ඩබ්ලිව්. එ.කේ දමයන්ති මහත්මිය ,අතිරේක දිස්ත්‍රික් ලේකම් කළුතර (පාලන) තිලංකා වෙත්තසිංහ මහත්මිය .අතිරේක ලේකම් ඉඩම් බුද්ධීනි ගුණවර්ධන මහත්මිය යන නිලධාරීන් නිලධාරිනියන් විශාල කාර්යභාරයක් ඉටු කරන ලදි.අවශ්‍ය පොල් පැල ලබාදෙමින් පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු බමුණුආරච්චි මහතාද මෙම සත්කාරය සඳහා දායකත්වය සපයන ලදී .ඉදිරියේදී පුරන් කුඹුරු අක්කර සියයක් සහ පොල් අක්කර 45ක් වගා කිරීම සඳහා දැනටමත් සියලු කටයුතු සංවිධානය කර ඇති විශේෂ කාර්ය බලකාය පශ්චාත් යුද සමයෙන් පසු තමන් වෙත පැවරෙන වගකීම වගවීමෙන් ඉටුකරන අතර රටේ ආහාර සුරක්ෂිතතාවය සඳහා සියලු රාජ්‍ය ආයතන හා අත්වැල් බැඳගනිමින් මෙම සත්කාරය අරඹා සෝජාන් ක්‍රමය ප්‍රචලිත කිරීමේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙසත් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ කලාපයක් ලෙස දැඩි ආහාර හිඟයට පිළියමක් ලෙසත් මෙම ප්‍රදේශය සංවර්ධනය කිරීම මුඛ්‍යපරමාර්ථය ලෙස සිදුකර ගෙන යයි.

Want your business to be the top-listed Travel Agency in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo