JANA HADA

JANA HADA

Share

උපන් බිමට ආදරය කරමු.... අපිට පුලුවන් මේ සිස්ටම් එක වෙනස් කරන්න එක්වෙමු.

12/05/2023

බැංකු වලින් ලබාගත් ණය සෑම සතයකටම ණය ගත් තැනැත්තා වගකිව යුතුය. කිසිම ඇපයක් නැතිව මෙතරම් විශාල ණය දේශපාළන බලපෑම් මත අනුමත කල බැංකු ප්‍රධානීන් මෙම අපරාධ වලට පුද්ගලිකව වගකිව යුතුය.

ණය අයකරගැනීමට ඇපයක් නැතිව මෙසේ කෝටි ගගනින් මහජන මුදල් කිසිදු වගකීමකින් තොරව දුන්නේ කෙසේදැයි ජනතාව ප්‍රශ්ණ කරයි.රටේ ක්‍රියාත්මක වන අතිශයින් දූෂිත දේශපාළන යාන්ත්‍රණය ආයතන ප්‍රධානීන්ගේ (බැංකු ඇතුළුව) කොන්ද සමිපූර්ණයෙනි කඩා අවසන්ය. යසසිරි කස්තුරිආරච්චි ණය ගැනීම සදහා සපුරා තිබූ කොන්දේසිය නුවර ඩිංගිරිබණ්ඩා විජේතුංගගේ ගෙදරට අවශ්‍ය මාසික බඩු ලැයිස්තුව නොකඩවා සැපයීමයි. එය ඔහුට අවශ්‍ය ඕනෑම ණයක් ලබාදීමට රජයේ බැංකු වලට නියෝග කිරීමට එවකට ජනාධිපතිට ප්‍රමානවත් විය. බැංකු කලමනාකරැවන් රෑකඩ සේ ක්‍රියාකරමින් ජනාධිපතිගේ එම නියෝග පිළිපැදීමේ වන්දිය අද ගෙවීමට සිදුවී ඇත්තේ කිසිවක් කර ගත නොහැකි තරමට අසරණ වී ඇති තමන් වහළුන් නොව පුරවැසියන් බව නොතේරී තවමත් 1+225 හමුවේ දනින් වැටෙන ජනතාවටය.

මෙවැනි බරපතළ ජාතික අපරාධ වලට සම්බන්ධ අපරාධකරැවන්ට එරෙහිව නීතියේ ආදිපත්‍ය බල ගැන්වෙන්නේ නැති රටක් ලොවට දෙන පනිවිඩය කුමක්ද ? ශ්‍රී ලංකාව යනු නීතියේ ආදිපත්‍ය බිද වැටුනු රටක් බවත් එහි සිදුවිය නොහැකි අපරාධයක් නැති බවත්ය.

නමුත් එම සරළ සත්‍ය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් තවමත් 1+225 හමුවේ සිය කැමැත්තෙන්ම දනින් වැටෙන බහුතරයේ අඩුවක්ද පෙනෙන්නට නැති අතර එහෙම රටක ජනයා නොවිදිනා දුකක් නැති තරම්ය.

08/05/2023

😃😃😃

Want your business to be the top-listed Photography Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo