ROOM 666

ROOM 666

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ROOM 666, Gampaha.

19/07/2025

_______ මැරුණු බාප්පා නැවත එයී 😳

මේක සිරාම කතාවක්.
මේක වෙනකොට මන් 8 වසරේ හිටියේ. 2010 වසරෙදි මට දුරින් නෑයෙක් වෙන බාප්පා කෙනෙක් එල්ලිලා මැරනා.. හේතුව තාමත් අබිරහසක්.මූ මැරිල තියෙන්නෙ පාන්දර 2ට විතර. මල ගෙදර වැඩ හොදට කෙරුනට ඒ ගෙදර හිටිය අයට එක දෙයක් අමතක උනා.. සාමන්‍යයෙන් මල ගෙයක් උන ගෙදරක දවස් 7ක් යනකන් දොරවල් ජනෙල් වහන්න හොද නෑ, කියල කතාවක් තියනවා.
මොකද මැරුන කෙනාගේ ආත්මය
ගේ අවට සැරිසරන නිසා. මේ අයට ඒ සීන් එක අමතක වෙලා ජනෙල් දොරවල් වහල නිදා ගෙන..ඒ උනාට ගමේ කොල්ලො ගියේ නෑ. අපි කැරම් ගගහ හිටියා. දන්නවානේ මල ගෙයක් උනාම හැමදාම එහෙම chance එන් නෑනේ.
රෑ8.30ට විතර ඒ ගෙවල් ලග couple එකක් වැඩ ඇරිලා ගෙදර ඇවිත් තියනවා රෑට කන්න බිත්තර රොටී වගයකුත් අරන්. මුන් දෙන්නා එනකොට මුන්ට කව්දෝ කතා කරන කට හඩක් ඇහිල. ඒ කොල්ලා හැරිල බලලා කව්රුත් නැති නිසා ඉස්සරහ බලන් ඇවිත්. ගෙදර ඇවිත් කාලා එහෙම 10.30ට විතර මූ පිස්සුවෙන් වගේ දොඩවලා.. මු ඒ ගෙදර ඉදන් අර මල ගෙදර උන ගේ ගාවට ඇවිත් දොරට තඩි බෑවා කියපන්කො. අපි බලන් ඉන්නවා මේ යකාට පිස්සුද කියලා..මූ එක පාරටම ඒ ගෙදර පොඩි දුවට පුතේ තාත්තා අවා දොර අරින්න කිව්ව. අපේ මුනවල් පුක් උනා. ඇයි යකෝ හවස කනත්තට ගිහින් දාපු එකා ආයේ ඇවිත්නේ.

ගෙදර උන් දොර ඇරියේම නෑ. මේකා මොනා කරයිද කියල කව්ද දන්නේ...මූ බැරිම තැන පිටි පස්සහ දොරෙන් යන්න ගියා.. අපිත් පස්සෙන් ගියා. මොකද වෙන්නේ කියල බලන්න. මුන් පස්සහ දොර බාගෙට වහල නිදාගෙන තියෙන්නේ. අරූ පිහියක් අරන් ගියා කියපන්කො 'මන් අද තෝව මරනවා කියාගෙන. ඊට පස්සේ කොල්ලො ටික එකතු වෙලා ඌව අල්ලගෙන පුටුවකට තියල ගැට ගැහුවා. මු කියවනවා ඉවරයක් නෑ. පස්සෙ හාමුදුරුවෝ ඇවිත් මුගෙ ඉස්සරහ පිරිත් කිව්වට පස්සේ තමා අරූ⁣ට සිහිය ආවේ.. දොරවල් වහපු නිසාලු එහෙම උනේ. දැන් නම් අව්ලක් නැ..

_______උපුටා ගැනීමකි.

Want your business to be the top-listed Advertising & Marketing Company in Gampaha?
Click here to claim your Sponsored Listing.

Website

Address


Gampaha