X SPORT
Sports Information
15/03/2023
Smrithi.......
05/01/2023
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවන T20 තරඟය අද පැවැත්වෙනවා. පසුගියදා පැවති පලමු තරඟයෙන් ශ්‍රී ලංකා කන්ඩායම තියුනු සටනකින් පසුව ලකුණු 2කකින් පරාජයට පත් උනා. එලවා ගොස් පහරදීමට සූරයන් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කාසියේ වාසිය දිනා ඔඅන්දු යැවීමට තීරණය කළේ ඒ හෙයින්මයි. පන්දුයවන්නන්ගේ කාර්‍යබාරය මුල් පන්දුවාර කිහිපයේ ඉතා හොඳින් ඉටු උනත් අවසන් ඕවර කිහිපය හැසිරුනේ ඉන්දියාවට වාසිදායක ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.
ලකුණු 163ක ඉලක්කය අසීරු ලෙස පෙනුනත් වත්මන් විස්සයි විස්ස තරඟ රටාව තුළ එය සාමාන්‍ය ලකුණු පුවරුවක්.
ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුනුවිසුනු කරන්නට සමත් වූ ඒ කෝඩුකාරයාගේ සම්ප්‍රාප්තිය අතිශය සාර්තක එකක්. තමා ක්‍රීඩාකරන ප්‍රතම තරඟයේම ලකුණු 22කකට කඩුළු 4ක් බිඳ හෙලන්නට 24 හැවිරිදි තරුණ ක්‍රිඩක ශිවම් විහාරී සමත් උනා.
කඩුළු පහක් බිඳවැටී තිබියදී සුපුරුදු ලෙසම නායක දසුන් ශානක කර මත තරඟය ඇදගෙන යාමේ බර පතිත උනා. වනිදු හසරන්ග ඔහුට හොඳ සහයක් ලබාදෙමින් සිටියත් ඔහුගේ දැවී යාම ශ්‍රී ලංකා කන්ඩායමේ ජයග්‍රාහී බලාපොරොත්තුව මදක් පසුපසට ගෙන ගියා. කෙසේ නමුත් චාමික කරුණාරත්ත එක් පසක තබාගෙන තරඟය ජයග්‍රාහී මාවතට අවතීර්ණ කර්මින් සිටි ශානකගේ කඩුල්ල අහිමමි වන්නේ අර්ධ ශතකයට ලකුනු 5ක් පසුපසින් සිටිද්දී.තවත් ඉන්දීය අද්විතීය සොයාගැනීමක් වන දැනට ලොව සිටින වේගයෙන්ම පන්දු යවන්නන්ගේ ලිස්ට් එකේ ඉහලින්ම සිටින තරුණ ක්‍රීඩක උමර් මලික් පැයට කිලෝ මීටර් 155ක වේගයෙන් එවූ පන්දුවකට චාහල් අතට පහසු උඩ පන්දුවක් ලබා දෙමින්. ඉන් පසුව චාමික සිය සටන්කාමීත්වය විදහාපාමින් තරඟය ජයග්‍රාහී සීමාව පේන මානයේදී සිදු වූ දුවද්දී දැවී යෑම් දෙක නිසා සහ අවසනාවන්ත විනිසුරු තීරන නිසා ශ්‍රී ලංකා කන්ඩායමට ලකුණු දෙකකින් පරාජයට පත් වීමට සිදු උනා.
කෙසේ වෙතත් වසර කිහිපයක සිට ශක්තිමත් මැදපෙලක් නොමැතිව අසාර්තක වී පසු බා සිටින ශ්‍රී ලංකා කන්ඩායමේ ඒ වරද නිවරද කරගන්නට විස්සයි විස්ස ලෝක කුසලානයක් අවසන් වී එක්දින ලෝක කුසලානයක් ආසන්න වී තිබියදීත් නොහැකි වී තිබෙනවා. මුල්පෙල පිතිකරුවන් කිහිප දෙනා දැවී ගිය පසු දසුන් ශානක පීඩනය කර තබාගෙන ඇදගෙන යද්දී යම් හෙයකින් ඔහුත් දැවී ගියහොත් මුලුමනින්ම පන්දු යවන්නන්ගෙන් කෙස නම්දරා සිටින ක්‍රීඩකයින්ගෙන් යැපීමට සිදුවෙනවා. ශක්තිමත් සබ්ඳතාවක් ගොඩ්නැගිය හැකි ජ්‍රීඩකයින් බානුකගේ හෝ අසලන්කගේ දැවී යාමෙන් පසු සොයාගන්නට නොමැති ශ්‍රී ලංකා කන්ඩායමට අතරින් පතර ජයග්‍රහණ කිහිපයක් ලැබුනද බග්ලාදේශය ඇෆ්ගනිස්තානයටත් වඩාපහලට වැටී සිටිනවා. මේ තත්වය ෆලවර් ව්‍රදර්ස්, හා හීත් ස්ට්‍රික්, පෝල් ස්ට්‍රෑක්, බ්‍රයන් ස්ට්‍රෑක් ලගෙන් පසු සිම්බාව්වේ කන්ඩායමට සිදු වූ තත්වයට සමාන තත්වයක්.
මෙලෙස ශ්‍රී ලංකා කන්ඩායමට ශක්තිමත් මැද පෙලක් නැත්තේ ක්‍රීඩකයින් නැත්වද.....? නැත්නම් තේරුම් කමිටුවේ යම් කඹ ඇදිල්ලකින්ද.....? නැත්නම් තේරුම් කමිටු සබාපතිගේ අත්තනෝමතික තීරණද.....?
Lalith Waruna Rajapaksha
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo
SPORTSX