LankaVoice
🔴🟡🟢🟠 📣✊📣 Updates and livestreams from #GotaGoHome2022 protests around the island.
2022 නිදහස් අරගලයට ලංකාව පුරා අපි එකතු වුණේ මේ උද්ධච්ච මහල්ලන්ගෙන් අපේ අනාගතේ බේරගන්න. මේ අරගලය පුරා අපි යලිත් අපි අපිවම හමුවුණා. ගාලුමුවදොර අරගලබිම මුල්ම වතාවට මුළු ලෝකය පුරා විසිරුණු ලාංකික හදවත් එකටම තැනකට යාකරා.තම තමන් වෙනුවෙන් විතරක් නෙවෙයි අපේ රටේ අපේම මිනිස්සු වෙනුවෙන් කතා කරන්න නැගී සිටින්න අපිට තියෙන ජනතා බලය අපි අත්වින්දා. ඒ බලය තාමත් අපි අතේ. අපිව නියෝජනය කරන්න ගිය අය අපිව පාලනය කරන රජවරු බවට පත්වෙලා අපිවම තලා පෙලා පෙලා අපේ අනාගතයත් හොරාගෙන අපිව වහල්ලු ගානට තියෙන මොහොතක, එක හඬින් අපි රටක් විදිහට නැගිට්ටා. අපිට කලින් මේ පොළවේ අසාධාරණ වලට එරෙහිව අරගල කරපු සොයුරු සොයුරියන්ගේ ලේ වලින් තෙත් වෙච්ච පොළවක, අපි අලුත් සමාජ අරගලයක් ජය පිට ජය ලබමින් අරන් ආව. ඒත් දැන්, අලුත උපන් අපේම පොඩි උන් දැන් අම්මලාගේ අතේ මැරෙනවා, ඉස්පිරිතාලෙකට යන්න තෙල් නැතුව. ඉතින් අපි මේ වෙලාවේ අපහසුකම් මැද ආයෙත් නොබෙදෙමු. අවුරුදු ගානක් තිස්සේ අපේ කලින් පරම්පරාවල්, අපේම මිනිස්සු ඉල්ලුවේ තමන්ගේ පාඩුවේ හොඳ ජීවිතයක් ගතකරන්න ඉඩක්. එහෙම ඉල්ලපු අපි අද බෙහෙත් නැතුව මැරෙන ගානට ඇවිල්ල. ඒත් අපි ඉදිරියට යා යුතුයි! මේ අරගලය අපි වෙනුවෙන්….
Click here to claim your Sponsored Listing.
Election Memes - Sri Lanka
දේශපාලන ලෝකයේ යෝධයෝ සහ අඟුටු මිට්ටෝ
Category
Website
Address
Galleface
Colombo