Digital Business Academy
Empowering success in the digital age. Unlock your potential with the Digital Business Academy. 🚀 We then monitor success by measuring progress over time.
19/11/2023
නත්තලට කලින් අතපිරෙන්න සල්ලි හොයන්න කැමතිනම් පරක්කු නොවී දැන්ම එන්න..!
Follow Our WhatsApp Channel 👇👇
https://whatsapp.com/channel/0029VaElnqF2ER6p0KvaRe2R
19/11/2023
08/12/2020
ජපානයේ එක්තරා සබන් කර්මාන්ත ශාලාවකි. එහි අමුද්‍රව්‍ය අඹරණ යන්ත්‍රයට දැමු විට ඒවා ඇඹරී, සබන් කැට සෑදී බෙල්ට් එකක් දිගේ පැමිණේ. ඊට පහළින් තවත් බෙල්ට් එකක් දිගේ හිස් සබන් පෙට්ටි පැමිණේ. හිස් සබන් පෙට්ටි වලට සබන් කැටය වැටෙන පරිදි ටයිමින් සකස් කර ඇත. ඉන් පසුව ස්වයංක්‍රීයව සබන් පෙට්ටි සීල් වන අතර ඒවා සබන් කැට 100 ක් වන පරිදි ලොකු පෙට්ටි වලට ඇසිරේ. එම පෙට්ටි අළෙවි අංශයෙන් ජපානය පුරා බෙදා හරිනු ලැබේ.
ටික කලකින් අළෙවි අංශයෙන් පැමිණිල්ලකි. සබන් කැට 100 ලොකු පෙට්ටියක සබන් නොමැති හිස් පෙට්ටි 10% ක් 15 % ක් පවතින බව ඉන් කියැවිණ. ඉන් අදහස් වන්නේ බෙල්ට් එක දිගේ පැමිණෙන හිස් සබන් පෙට්ටියට හරියටම සබන් කැටය නොවැටීමේ සම්භාවිතාව 10% ක් 15% ක් වන බවය.
මෙම ගැටළුව ඇති වූයේ හිස් සබන් පෙට්ටි පැමිණෙන වේගය හා ඊට අනුරූපව සබන් කැටය එම පෙට්ටියට වැටෙන වේගය මිලි තත්පර ගණනකින් වෙනස් වීම නිසාය. තේරෙන්න කීවොත් ටයිමින් අවුලක් නිසාය. කර්මාන්තශාලාවේ තාක්ෂණික අංශයට මෙය විසදිය නොහැකි විය. පිටතින් ගෙන්වාගත් විශේෂඥ කණ්ඩායම් වලටද බැරි විය. විදෙස් රටවලින් ගෙන්වාගත් අයටද බැරි විය.
කර්මාන්තශාලා හිමිකරු අසරණ වී සිටියේය. බැරිම තැන ඔහු, කර්මාන්ත ශාලාවේ සියළු සේවකයන්ගේ රැස්වීමක් කැදවා ඔවුන් සියළු දෙනාගේ අදහස් විමසා සිටියේය. ඔවුන් අදහස් ලබා දුන් අතර, ඒවා සියල්ල කලින් කවුරුන් විසින් හෝ ඉදිරිපත් කර අසාර්ථක වූ ඒවා විය. අයිතිකරු තවත් අසරණ විය.
මේ අතර, තේ පැන් පිළියෙළ කර පිළිගැන්වීමේ වාරය උදා විය. රැස්වීමට සහභාගී නොවූ එකම සේවකයා වූ තේ පැන් පිළිගන්වන සුළු සේවකයා අයිතිකරු අමතා එකී තාක්ෂණික ගැටළුව ඔහුට විසදිය හැකි බව පැවසීය. අයිතිකරු මුලදී කෝපයට පත් විය. ලොව පුරා විශේෂඥයන්ට කෝටි ගණනක් වියදම් කර විසදිය නොහැකි වූ ගැටළුව මෙම සුළු සේවකයා විසදන්නේ කෙසේදැයි අයිතිකරුට සිතෙන්නට ඇත.
කෙසේ වෙතත් වෙන කළ හැකි යමක් නොමැති නිසා ඔහුගෙන් අයිතිකරු විමසා සිටියේ "ඔබට මේ ගැටළුව විසදා දීමට මිලියන කීයක් ඕනෑද?" යනුවෙන් පමණි. සේවකයා එය අසා පැවසූයේ "මට මිලියන ගණනක් ඕනෑ නැහැ; මට ඕන හොද ස්ටෑන්ඩ් ෆෑන් එකක් විතරයි" යනුවෙනි.
පුදුමයට පත් වූ අයිතිකරු උපහාසයෙන් සිනා සී හොද ෆෑන් එකක් ලබා දුන්නේය. සුළු සේවකයා එය රැගෙන ගොස් ප්ලග් එකට ගසා සබන් වැටී බෙල්ට් එක දිගේ එන සබන් පෙට්ටි දෙසට දමා ෆෑන් එක ක්‍රියාත්මක කළේය. සබන් කැටය නොවැටී පැමිණෙන හිස් සබන් පෙට්ටි ෆෑන් එකේ සුළගෙන් විසි වී ගිය අතර වසර ගණනාවක් විසදිය නොහැකි ගැටළුව විසදිණ. වැය වූයේ යෙන් තුන්දහසක මුදලක ෆැන් එකක් පමණි !
ආදර්ශය -
ඔබ ව්‍යවසායකයෙකු නම්, හොද ඇහුම්කන් දෙන්නෙකු විය යුතුය. නොසිතෙන පුද්ගලයන්ගෙන් ඔබට මිල කළ නොහැකි ප්‍රයෝජන ගත හැක්කේ එවිටය. කිසි දිනෙක කිසිවෙකු අවතක්සේරු නොකරන්න. එවිට ඔබ අසමසම ව්‍යවසායකයෙකු වනු ඇත.
උපුටා ගැනීමකි. අයිතිය මුල් රචකයා සතු වේ. ස්තූතියි !
🤔😀
07/12/2020
එක් උදෑසනක, හිරු උදාවට පෙර, ධීවරයෙක් මාළු ඇල්ලිමට ගඟකට ගියේය. ඉවුරේ ඔහුට යමක් තිබෙනු දැනුණ. එය කුඩා ගල් මල්ලක් බව ඔහුට පෙනී ගියේය. ඔහු මල්ල අතට ගෙන ඔහුගේ දැල පසෙකට දමා, ඉර උදාව එන තෙක් බලා සිටියේය.
ඔහුගේ දවසේ වැඩ ආරම්භ කිරීම සඳහා ඔහු හිරු උදාවන තෙක් බලා සිටියේය. කම්මැලි ඔහු බෑගයෙන් ගලක් ගෙන වතුරට විසි කළේය. වෙන කරන්නට දෙයක් නැති නිසා ඔහු එකින් එක ගල් වතුරට විසි කලේය.
සෙමෙන් හිරු උදාවිය. ඒ වන විට ඔහු එක් ගලක් හැර අනෙක් සියලුම ගල් විසි කර තිබිණ. අන්තිම ගල ඔහුගේ අතේ තිබිණ.
හිරු උදාවත් සමඟ ඔහු අතේ තබාගෙන සිටි දේ දුටු විට ඔහුගේ හදවත කම්පා විය. එය මැණික් වර්ගයක් විය! අන්ධකාරයේ දී, ඔහු මැණික් මල්ලක් වතුරට වීසි කර තිබිණ.
ඔහු නොදැනුවත්වම ඔහුට අහිමි වූයේ කුමක්ද! පසුතැවිලි වූ ඔහු තමාටම ශාප කළේය. ඔහු හඬා වැලපුණි. තම ජීවිතය සාරවත් කිරීමට තරම් ධනය ඔහුට හමුවි නොදැනුවත්වම අන්ධකාරයේ දී ඔහුට එය අහිමි වි ඇත.
එහෙත් එක්තරා ආකාරයකින් ඔහු වාසනාවන්ත විය. තවමත් එක් මැණික් ගලක් ඉතිරි විය. ඔහු එය විසි කිරීමට පෙර ආලෝකය උදාවිය.
සමස්ථයක් ලෙස ගත් කල, බොහෝ මිනිසුන් එතරම් වාසනාවන්ත නැත. ජීවිතය යනු අති විශාල නිධානයකි. මිනිසා එය ඉවතලෑම හැර වෙන කිසිවක් නොකරයි. ජීවිතයේ වැදගත්කම අප වටහාගන්නා කාලය වන විට, අපි එයින් දුරස් වී ඇත්තෙමු.
විමුක්තිය, ස්වර්ගය සියල්ල නැති වී යයි. කෙනෙකුගේ ජීවිතය ගත වනවාත් සමග ඔවුන් ඉවතට විසි කරන දේවල් ගල් නොව මැණික් බව ඔබ ඔවුන්ට අවධානය යොමු කළහොත් මිනිසුන් කෝපයට පත් වේ.
ඔවුන්ගේ මමත්වය නැඟි සිටියි. ඔවුන්ට තරහ යනවා. එක් මැණික් ගලක් පමණක් ඉතිරි වුවද, ඔබේ ජීවිතය තවමත් ගලවා ගත හැකිය. ඉගෙනීමට කිසි විටෙකත් ප්‍රමාද නැත. උදව් තවමත් කළ හැකි අතර, විශේෂයෙන් සත්‍යය සෙවීමේදී එය කිසි විටෙකත් ප්‍රමාද නොවේ.
- ඔෂෝ -
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
Colombo, Western
Colombo
01